අද ප‍්‍රඥාවේ දවසයි

 
 

කොටින්ට උදව් කළ අය රැකගැනීමේ රහස් සැලසුමක්

 
 

“මංගල, ළඟට ඇවිත් රනිල්ගේ අපල වැඩි කරනවා”

 
 

2010 දී මේ ව්‍යවස්ථාව අහෝසි වෙනව

 
 

ගුවනේ සුරු විරුකම් පෑ රණවිරුවෝ

 
 

කොටින්ගෙන් මුදල් ලබාගත් මාධ්‍යවේදීන් ගැන ළඟදීම හෙළි කරනවා

 
 

කවරයේ කතාව

 
 

රුක් අරටුවෙන් මැවෙන මහා කාරුණිකයාණෝ

 
 

උතුරු නැෙඟනහිර ප‍්‍රතිසංවර්ධනයට නගර නිර්මාණ ශිල්පීන්ගේ සහාය

 
 

ගුරුවරුන්ට පඩි ගෙවන්න යනවා කීවාමයි මං විදුහල්පති බව තාත්තා දැන ගත්තේ

 
 

ටිකිරි හමුව

 
 

පොසොන් උදානය

අද ප‍්‍රඥාවේ දවසයි

අද ප‍්‍රඥාවේ දවසයි

“රජතුමනි මේ ගස කුමක් ද?”

“හිමියනි... අඹ ගසකි”

මේ ප‍්‍රශ්නයෙන් සහ පිළිතුරෙන් බුද්ධි ඵලය සොයා ගන්නා බුද්ධි පරීක්‍ෂණ සම්ප‍්‍රදාය ආරම්භවී යැයි විශ්වාසයක් පවතී. එසේ වී නම් එම බුද්ධි පරීක්‍ෂණයට සම්බන්ධ වූයේ ද එයින් සමත් වූයේ ද අපේ ම රජ කෙනෙකි.

එතැන් පටන් අපි බුද්ධිමතුන් ගේ පරම්පරාවට අයත් මානව කොටසක් බවට පත්වීමු. බුද්ධිමත්හු බුද්ධිය ගැන විශ්වාසය තබති. ඒ මත පදනම් වෙති. ප‍්‍රඥාවන්තයෝ ප‍්‍රඥාව ගැන විශ්වාසය තබති. ඒ මත පදනම් වෙති. සුද්දා ගස් ගල් යට අතු කොළ අඳිමින් ජීවත්වන අවදියේ ශී‍්‍ර ලාංකිකයන් “අකුරු සාස්තරේ” පවා දැන සිටි බවට මතයක් පවතී.

එහෙත් අද සුද්දා අපේ කරට නඟින්නටත් අපට නාස් ලණුවක් දමන්නටත් උත්සාහ දැරූ බව අපි දනිමු. එහෙත් අපට නාස් ලණුව දැමීමට සුද්දාට නොහැකි විය. මන්ද යත් අප බුද්ධිමතුන් වූ නිසාය, ප‍්‍රඥාවන්තයින් වූ නිසාය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සිදුවූයේ එයයි.

ලොව දරුණුතම සහ කෲර තම ත‍්‍රස්තවාදය පරාජය කෙළේ ද ගිනි අවියෙන් නොවේ. බුද්ධියේ සහ ප‍්‍රඥාවේ මහිමයෙනි. වඩා වැදගත් වන්නේ ගිනි අවිය නොව ගිනි අවිය පසුපස සිටින මිනිසා යැයි චීන කියමනක් ඇත.

මානව ශිෂ්ටාචාරය පුරාම සිටි ගලිවරයන්, ලිලිපුට්ටන්ගේ ප‍්‍රඥාවට පරාජය වූ බවට ඉතිහාස කතා රැසක් ම තිබේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී යුරෝපා බලවතුන් ලත් පරාජය ඉතිහාසයට එක්වන්නේ ද ඒ ආකාරයෙන් මය.

නිවට විදේශ ප‍්‍රතිපත්තියක් නොව අදීන විදේශ ප‍්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම නිසා ලිලිපුට්ටකු යෝධයකු වූ අයුරුත් තිතක් මහාද්වීපයක් වූ අයුරුත් ඇස් පනා පිටම අපි දුටුවෙමු.
 

”රජතුමනි මේ අඹගස හැර තවත් අඹගස් තිබේ ද?”

”එසේ ය හිමියනි... එවැනි අඹගස් බොහෝ ය.”

ප‍්‍රඥාවන්තයා ප‍්‍රශ්න පටලවා නොගනී. ත‍්‍රස්තවාදය සහ ජනවාර්ගික පසුබිම් පටලවා නොගනී. ස්වර්ණ හංසයකු දියෙන් කිරි වෙන්කර ගන්නා සේ දෙමළ ජනතා ප‍්‍රශ්න සහ ත‍්‍රස්තවාදය වෙන්කොට හඳුනා ගනී. ත‍්‍රස්තවාදයට නිසි පිළිතුරු දෙයි. එසේම දෙමළ ජනතා ප‍්‍රශ්නවලට විසඳුම් දෙයි.

අඥානයා ප‍්‍රශ්න අවුල් කරගනී. පාත්තයා කිරි සහ දිය දෙකම බොර කර ගනී. සියල්ල දෙස අසුබවාදීව බලයි. කළ යුතු දේ නොව නොකළ යුතු දේම කරයි. ලකුණු රැස්කිරීම නොව ලකුණු කපා ගනී. බුද්ධි පරීක්‍ෂණවලින් අසමත් ව ජනතාව වෙතින් ප‍්‍රතික්‍ෂේප වෙයි.

අඥානයා වටා පිරිස් රැස් නොවෙති. සිටින පිරිස් ද විසිර යති. අඥානයා උද්ධච්චය. ඥානවන්තයා නිහතමානීය. අඥානයා ගේ සිත ගොරෝසුය. ගොරෝසු සිතිවිලි ම පහළ වෙයි. ඥානවන්තයා ගේ සිත සියුමැලිය. සංවේදීය. අඥානවන්තයාට දුර නොව ළඟ ද නොපෙනේ. ඥානවන්තයාට ළඟ මෙන් ම දුර ද පෙනේ.

අද දේවානම්පියතිස්සලාගේ දවසයි. එනම් ඥානවන්තයන්ගේ දවසයි. මේ ඥානවන්තයන්ගේ යුගයයි. එසේම අඥානයින් ප‍්‍රතික්‍ෂේප වන යුගයයි.

මිහිඳු හිමි වපුළ ඥානයේ බිජුවට පැළවී හැදී වැඩී ඵල හැදෙන්නට මල් පීදෙන සමයයි.
 

”ඒ සියලු අඹ ගස් හැර තවත් අඹ ගස් තිබේ ද?”

”ඇයි හිමියනි... මේ අඹ ගස!”

ප‍්‍රඥාවන්තයා සියල්ල තේරුම් ගනී. අවුල්කර නොගනී. සැබැවින් ම මේ ප‍්‍රඥාවන්තයින් ගේ යුගයයි.