අද ප‍්‍රඥාවේ දවසයි

 
 

කොටින්ට උදව් කළ අය රැකගැනීමේ රහස් සැලසුමක්

 
 

“මංගල, ළඟට ඇවිත් රනිල්ගේ අපල වැඩි කරනවා”

 
 

2010 දී මේ ව්‍යවස්ථාව අහෝසි වෙනව

 
 

ගුවනේ සුරු විරුකම් පෑ රණවිරුවෝ

 
 

කොටින්ගෙන් මුදල් ලබාගත් මාධ්‍යවේදීන් ගැන ළඟදීම හෙළි කරනවා

 
 

කවරයේ කතාව

 
 

රුක් අරටුවෙන් මැවෙන මහා කාරුණිකයාණෝ

 
 

උතුරු නැෙඟනහිර ප‍්‍රතිසංවර්ධනයට නගර නිර්මාණ ශිල්පීන්ගේ සහාය

 
 

ගුරුවරුන්ට පඩි ගෙවන්න යනවා කීවාමයි මං විදුහල්පති බව තාත්තා දැන ගත්තේ

 
 

ටිකිරි හමුව

 
 

පොසොන් උදානය

වෙළෙන්දාගේ මරණය ගෙනෙන ජෙරොම්

වෙළෙන්දාගේ මරණය ගෙනෙන ජෙරොම්

ශී‍්‍ර ලංකාවේ කෘතහස්ත නාට්‍යකරුවකු ජෙරොම් එල්. ද සිල්වා සම්මානලාභි ප‍්‍රවීණ ඇමරිකන් ජාතික නාට්‍යකරු ආතර් මිලර්ගේ ලෝක ප‍්‍රසිද්ධ වේදිකා නාට්‍යය Death of a Salesman  ප‍්‍රථම වතාවට “වෙළෙන්දාගේ මරණය” නමින් සිංහල වේදිකාවට ගෙන එයි. ජුනි 11 වැනි දින සිට 14 වැනි දින දක්වා සෑම දිනකම සවස 6.30 ට මෙය කොළඹ ලයනල් වෙන්ඩට් රඟහලේදී රඟදැක්වේ.

ආතර් මිලර් 1949 වසරේ දී ලියා වේදිකා ගත කළ මෙම නාට්‍යය එදාටත් වඩා අද ජනජීවිතයට ගැළපෙන කෘතියක් වීම විශ්මිත සිදුවීමකි.

2004, 2008 රාජ්‍ය නාට්‍ය උළෙලේදී සහ 2006 යොවුන් නාට්‍ය උළෙලේදී හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලද සංජීව උපේන්ද්‍රයන් මෙම නාට්‍යයේ ප‍්‍රධාන භූමිකාව වන චිලි ලෝමන්ගේ චරිතයට පණ දෙයි.

ලින්ඩාගේ චරිතයට පණ දෙමින් අභියෝගාත්මක රංගනයක යෙදෙන වත්සලා රණසිංහ හෙළ කරළියේ ප‍්‍රශස්ථ නාට්‍ය ගණනාවක විවිධ චරිත ගණනාවකට දායක වූ නිළියකි. වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ වරයකු මෙන්ම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂක වරයකු වන සරත් පී. අලව්ව, චාලිගේ චරිතයට පණ පොවති.

2004 ජාතික නාට්‍ය උළෙලේ හොඳම නිළිය සම්මානලාභි නිල්මිණි බුවනෙක 2008 ජාතික රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලේ හොඳම නළුවා සම්මානලාභි පාලිත අබේරත්න, ප‍්‍රවීණ නළු අංජන පේ‍්‍රමරත්න, හේමන්ත අධිකාරි, සුජීව ජාගොඩ, තිළිණි වීරසිංහ, යශික ද සිල්වා, රේණුකා පද්මිණි, හර්ෂ කුමාර, නිම්මි මෙහි සෙසු චරිත වලට පණ පොවයි. මෙය සිංහලට පරිවර්තනය කොට ඇත්තේ සම්මානනීය නාට්‍ය පරිවර්තක ඩබ්ලිව්.එස්. විජේසිංහ විසිනි.

1970 ඉංගී‍්‍රසි වේදිකාවට සම්බන්ධ වන ජෙරොම් මේ වන විට ඉංගී‍්‍රසි වේදිකාවේ කි‍්‍රයාකාරීව සිටින දැවැන්ත චරිතයකි. ඔහු මේ වන විට ඉංගී‍්‍රසි වේදිකා නාට්‍ය 75 කට අධික ප‍්‍රමාණයක් අධ්‍යක්ෂණය කොට ඇත.

ඒ අතර ‘ලයන් කිං’, ‘ඔලිවර්’, ‘බ්ලඩ් බ‍්‍රදර්ස්’, ‘සවුන්ඩ් ඔෆ් මියුසික් වැනි නාට්‍යය ඇතුළත් වේ. ඊට අමතරව ඔහු සිංහල වේදිකාවට ද සම්බන්ධව කටයුතු කර ඇත. සිංහල නාට්‍ය අධ්‍යක්ෂණයට ද පිවිසි ඔහු මුලින්ම ‘මැක්බත්’ නාට්‍යය අධ්‍යක්ෂණය කරනු ලැබීය. ‘ආයෙත් එන්නේ නෑ’ ඔහු අධ්‍යක්ෂණය කළ දෙවැනි නාට්‍යයයි.

එයට දීපානි සිල්වා, කුසුම් රේණු, නිහාල් ප‍්‍රනාන්දු, නිල්මිණි බුවනෙක, රොෂාන් පිලපිටිය, වත්සලා රණසිංහ ඇතුළු ප‍්‍රවීණ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වූහ.

එයට 2004 ජාතික රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නාට්‍යයට හිමි සම්මානය හිමිවිය.

1989 විජිත ගුණරත්නගේ ‘සත්‍යංගනාවී’ නාට්‍ය සඳහා රංග වින්‍යාස ශිල්පියකු ලෙස දායක වී ඇති ඔහු එම නාට්‍යයේදී හඳුනාගන්නා පේ‍්‍රමසිරි කේමදාසයන් සමඟ ද කටයුතු කර ඇත. පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ ‘මානසවිල’ ඔපෙරාවට සම්බන්ධ වී එහි රංග වින්‍යාසයෙන් දායක විය.

ඊට අමතරව ධර්මසිරි බණ්ඩාරනායකගේ ටෙ‍්‍ර¤ජන් කාන්තාවෝ නාට්‍යයට රංග වින්‍යාසයෙන් දායක වී එම වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම රංග වින්‍යාසය සඳහා හිමි සම්මානය හිමිකරගනු ලැබීය.

මේ දිනවල රඟදක්වන ‘තාරාවෝ ඉගිලෙති’ සඳහා රංග වින්‍යාසය ද ජෙරොම් ගේ නිර්මාණයකි.