
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ඔස්සේ
කොටින්ට උදව් කළ අය
රැකගැනීමේ රහස් සැලසුමක්
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කළ යුතු
බවට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත් දා
කළ යෝජනාව පසුපස සැඟවුණු රහසක් ඇතැයි මේ වන විට
දේශපාලන ක්ෂේත‍්‍රයේ සැකයට ලක්වෙමින් පවතී.
එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන්ට සෘජුව හෝ වක‍්‍රව හෝ
ආධාර කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග
ගැනීමට ඇති හැකියාව අඩපණ කිරීමේ අරමුණින් රනිල්
වික‍්‍රමසිංහ මහතා මේ යෝජනාව ඉදිරිපත් කැර ඇති
බවටත් චෝදනා නැඟී තිබේ. මේ පිළිබඳව සිළුමිණට අදහස්
පළ කළ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශක
ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේ
ත‍්‍රස්තවාදීන්ට ආධාර අනුබල දෙමින් ඔවුන් සමඟ
විවිධාකාරයෙන් සබඳතා පැවැත්වූ දේශපාලනඥයින්,
රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍යවේදීන් පිරිසක්
පිළිබඳව සැලකිය යුතුපමණ තොරතුරු අනාවරණය වී ඇති
බවත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු
බවට විපක්ෂ නායකවරයා කරනු ලබන යෝජනාව පිළිබඳව
බරපතළ සැක පවතින බවයි. ත‍්‍රස්තවාදීන් සමඟ සබඳතා
පැවැත්වීම, . . . . .
විස්තර » |