|
|
මහේන්ද්‍ර රාජ් පීරිස් තිලකා ස්වර්ණා පීරිස්ගේ
දයාබර ස්වාමියා වූද, ගජේන්ද්‍ර රාජ් පීරිස් හා චාමිකා
මල්මි අමරසිංහගේ ආදරණීය පියාණන් වූද, කුෂාරි පීරිස් හා කවි
අමරසිංහගේ දයාබර මාමා වූද, හරිත්, උමෙත් හා යසාරාගේ සීයා
වූද, නැසීගිය රිචඩ් පීරිස් හා ඩෙස්ලින් රොඩ්රිගෝගේ එකම
පුතණුවන් වූද, මහේන්ද්‍ර රාජ් පීරිස් මහතා 2009
අපේර්ල් 18 දින කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හිදී
අභාවප‍්‍රාප්ත විය. හොලිවුඩ්හි අවමංගල්‍ය ශාලාවේදී
22 බදාදා අවමංගල්‍ය කටයුතු බෞද්ධ චාරිත‍්‍රානුකූලව සිදු
කරන ලදී. එල්.ඒ.සී+වී.ඒ.සී කාර්ය මණ්ඩලයටත් අපගේ
දුක්බර අවස්ථාවේදී අපහා එක්වූ සැමටත් අපගේ විශේෂ ස්තුතිය
පිරිනමමු.
දොන් එඩ්වඩ් බමුණුවිතාරණ (විශ‍්‍රාමික රාජ්‍ය
සංවර්ධන නිර්මාණ නීතිගත සංස්ථාව) දික්වැල්ල. කෙමගොඩ
ජීවබන්ධු සෙවණෙහි විසූ සීතා සමරවික‍්‍රම ලියනගේ ගේ
ආදරණීය ස්වාමිපුරුෂයා වූද සරත් (නාගරික සංවර්ධන හා
පූජාභූමි සංවර්ධන අමාත්‍යාංශය), ඩැනිස්ටර් (එංගලන්තය),
චන්දන (ප‍්‍රංශය), ජගත් (ප‍්‍රංශය), ජීවරාණි, කුමුදුනි,
සමන්තා හා ලසන්තිගේ ආදරණීය පියාණන් වූ, දොන් එඩ්වඩ්
බමුණුවිතාරණ මහතා පරලොව සැපත් වූයෙන් ඒ පිළිබඳ අවසාන
කටයුතු මැයි 18 වන සඳුදා සවස කෙමගොඩ පවුලේ සුසාන භූමියේදී
සිදුකරන බව සංවේගයෙන් දැනුම් දෙමු. (චන්දන
0776854186 / 041 2256421)
|
|