
ඔබේ නාමයන් ඉතිහාස ගතවනු ඇත
මේ
දවස උදා වනතෙක් අපි බලා සිටින්නෙමු. මේ අභිමානනීය දවස උදාවන තෙක් අප පමණක් නොව
ශ‍්‍රී ලාංකේය ඉතිහාසයම තිස් වසරක් පුරා බලා සිටියේ ය.
කළු අන්ධකාරය මැද තාරකා පෙළක් දිස්වන්නට පටන් ගත්තේ මින් තෙවසරකට පෙර එක්
අභියෝගාත්මක දිනයක දී ය. ඒ තාරකා පෙරහර හෙට වීදි බසිනු නිසැක ය. එය ත‍්‍රස්තවාදයේ
කළු අන්ධකාරය නියත වශයෙන් ම අවසාන කරනු ඇත.
පියා අහිමිව බිළිඳුන් හැඬූ යුගය අවසාන වනු ඇත. බිරින්දන් කනවැන්දුම් වූ යුගය අවසාන
වනු ඇත. පෙම්වතියන් හුදෙකලා වූ යුගය අවසාන වනු ඇත.
විස්සෝපය පළවා හැර සන්තුෂ්ඨියට දොරගුළු විවර වන මොහොතට තුරු මුදුන්හි මල් පිපෙනු
ඇත. සියොතුන් සැහැල්ලුවෙන් ගී ගයනු ඇත. ඒ ගී හඬත් බිළිඳුන්ගේ කිරි සිනා හඬත් ශ‍්‍රී
ලාංකේය වාතලයේදී එකට මුසුවනු ඇත.
හිරුගේ නව අරුනැල්ල සමඟින් නව ප‍්‍රාර්ථනාවන්හි රශ්මි කදම්බයන් අපේ ජීවිත මතට
පතිතවනු නිසැකය.
තිස් වසරක් පුරා හෙලූ කඳුළු... හෙලූ සුසුම්... ඇසුණු අඳෙ¤නා සහ විලාපයන්... නිමා වී
සැහැල්ලුවට එන්නට පාර කියාදෙනු ඇත.
ලේ පිපාසිත පිරිබාහරන් ගේ කාලය අවසාන විය. අපේ මවු බිම ලේ වලින් තෙත් කළ සාපය
ආත්මයෙන් ආත්මයට ඔහු පසුපසින් ලුහුබඳිනු ඇත.
ප‍්‍රීතියේ දූපත අෙඳ¤නාවේ දූපත බවට පත් කළ ඔහු සහ ඔහුගේ ම්ලේච්ඡ සගයන්ට නියමිත ඉරණම
ඔවුන්ගේ හිසමතට කඩා පාත්වී ඇත.
රණවිරුවනි... ඔබ අන්ධකාරය මැද පෑයූ තාරකා පෙළය...
හමුදාපතිවරුනි ඔබ තාරකා පෙළ මැද දිලුණු පහන් තාරකාවන් ය.
ආරක්ෂක ලේකම්තුමනි ඔබ තාරකා පෙළ ඉස්මත්තෙන් පායා ආ සඳු ය.
සේනාධිනායක ජනාධිපතිතුමනි ඔබ අහස් කුස ඒකාලෝක කළ හිරු ය.
ඉතිහාසයේ පිටු තිබෙන්නේ ඔබගේ නම් ලිවීමට ය.
යුද මුක්ත කලාපයේ සිට පලා ආ මිනිසුන්ගේ කර මතින් පැමිණි කුඩා දරුවන්ගේ සතුටු කඳුළු
වලින් ඒ නම් පෙළ ඉතිහාසයේ ලියැවෙනු ඇත. ඔවුන්ගේ සිනා මල් වලින් විහිදෙන සිනා සුවඳ
ඔබ ගේ ජීවිතයට ආශිර්වාදයක් වනු ඇත.
ඔවුන් ගේ හදවත් සියල්ලම එකම සෙල් ලිපියක් වනු ඇත. ඒ සෙල් ලිපියේ අභීත
සේනාධිනායකයාගේ සිත වීරෝදාර රණවිරුවා දක්වා වූ නම් පෙළක් සදා නොමැකෙන සේ සටහන් වනු
ඇත. ඒ නම් පෙළට යටින් මෙවන් වදන් පෙළක් ද සටහන් වනු ඇත.
ඉතිහාසය විසින් ඔබට පවරන ලද වගකීම සහ යුතුකම ඔබ ඉටු කරන ලද්දෙහිය. මාතෘ භූමිය අපේ
ප‍්‍රාණයයි. මාතෘ භූමිය රැක ගැනීමේ වගකීම ඉතිහාසය විසින් ඔබට පවරන ලද්දේ ඔබේ ආත්ම
ශක්තිය, ආත්ම විශ්වාසය මෙන් ම අදීනත්වය සහ කැපකිරීම් ගැන අචල විශ්වාසයක් තැබූ
හෙයිනි.
සේනාධිනායකයාණනි, ආරක්ෂක ලේකම් තුමනි, සෙන්පතිවරුනි, රණවිරුවනි මේ මවුබිම ඔබට සදා
ණය ගැති ය. මතු උපදින දරුවන් ඔබට නමස්කාර කරනු ඇත. ඔවුන්ගේ ආත්මය ඉදිරියේ ඔබ
පූජනීයත්වයට පත්ව ඇත.
මන්ද ඔබ ඔවුන්ට ජීවත්වීම සඳහා දේශයක් ඉතිරි කළ බැවිනි.
සේනාධිනායකයාණනි, ඔබ සියලු රැළි දරා ගනිමින් වෙරළක් සේ නොසැලී සිටියෙහි ය. ඉතිහාසයේ
අන්ධකාරය මැද ඔබ හිරු සේ සිටියෙහි ය. ඉන්ද්‍රඛීලයක් සේ නොසැළුණු ඔබේ හදවතට ස්තුති
වේවා! ඔබේ ආත්ම ශක්තිය හා ආත්ම විශ්වාසය අපේ ඉතිහාසය යළි නිර්මාණය කෙළේය.
මතු පරපුරට දායාද කරන්නට නිදහස් ඒකීය රටක් ඔබ ඉතිරි කෙළෙහිය. ශී‍්‍ර ලාංකේය ඉතිහාසය
ඔබට ආචාර කරනු නිසැකය.
අපකීර්තිමත්
සංචාරය
මේ
වේලාව අතිශයින්ම තීරණාත්මකය.
තීරණාත්මක මොහොතක මහා කුණාටුවක් නොව මඳ සුළං පහරක් පවා තීරණාත්මක ය.
ප‍්‍රභාකරන්ට එරෙහිව කරනු ලබන ත‍්‍රස්ත මර්දන යුද්ධයත් ප‍්‍රභාකරන් ගේ අමානුෂික
ග‍්‍රහණයෙන් අහිංසක දෙමළ ජනතාව බේරා ගැනීම සඳහා කරනු ලබන මානුෂික මෙහෙයුමත්
තීරණාත්මක අන්තය දක්වා පැමිණ සිටී.
එසේ ම මේ සියල්ල අරභයා අන්තර්ජාතික දුෂ්ට බලවේගත් අන්තර්ජාතික දුෂ්ට මාධ්‍ය බලවේගත්
තීරණාත්මක ව ශී‍්‍ර ලංකාව සමග සටන් වැද සිටී.
මේ කාලකණ්ණි යුගයක් නිමා වන මොහොතයි. මේ අලුත් යුගයක් ඇරඹෙන මොහොතයි. අප මේ ගත
කරන්නේ ඒ යුග පෙරළියේ සංක‍්‍රාන්ති හෝරා කිහිපයයි.
ඒ නිසාම මාරාන්තික කරාටේ ප‍්‍රහාරයක් නොව ඇහිපිල්ලන් ගැසීමක් පවා තීරණාත්මක ය. මහා
දේශනයක් නොව පිටවෙන එකම එක වචනයක් පවා තීරණාත්මකය.
ඒ නිසා සියලු තීරණාත්මක සාධක අපේ දේශයේ උන්නතිය හෙවත් ත‍්‍රස්තවාදය නිමා කොට
ත‍්‍රස්තවාදයෙන් තොර දේශයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැපකළ යුතුය; යොදාගත යුතු ය.
එහෙත් මේ තීරණාත්මක මොහොතේදී වගකීමක් සහිත විපක්ෂ නායකවරයකු ලෙස කි‍්‍රයා නොකොට
රනිල් වික‍්‍රමසිංහ මහතා ඔස්ලෝ නගරයට ගොස් සිටී.
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රශ්නය ගැන සැලකිලිමත් වන කල්හි අපේ ඉතිහාසයේ ඔස්ලෝ නගරය සටහන් ව
ඇත්තේ අපකීර්තිමත් සහ පේර¤ඩාකාරී නගරයක් ලෙසිනි. වංචාකාරී සාම කතා බහට
කේන්ද්‍රස්ථානය වූයේ ඔස්ලෝ නගරයයි.
දයා මාස්ටර් සහ ජෝර්ජ් මාස්ටර් හෙළි දරව් කරන පරිදි කොටින් විසින් සාම සාකච්ඡා
නමැති පේර¤ඩාව අපේ උදවියගේ කර මත පටවන්නට උත්සාහ ගනු ලැබුවේ මේ අපකීර්තිමත්
නගරයේදී ය. එහෙත් දැන් ඒ සඳහා සහභාගිවූ ජෝර්ජ් මාස්ටර් ශී‍්‍ර ලංකා හමුදාවට භාර වී
සැඟවුණු රහස් හෙළිදරව් කරමින් සිටී.
රනිල් වික‍්‍රමසිංහ විපක්ෂ නායකවරයා මේ තීරණාත්මක මොහොතේ යළිත් වරක් ඒ අපකීර්තිමත්
නගරයට ගියේ ඇයි? එරික් සෝල්හයිම් වැනි අපකීර්තිමත් පුද්ගලයන් හමුවූයේ ඇයි?
ප‍්‍රභාකරන්ගේ අවසාන හෝරා කිහිපය ගතවෙමින් තිබේ. ගිනි ජාලාව නිවා දමන්නට ආසන්න ය.
එසේ නම් ඔස්ලෝ ගමන ඒ ගිනි අඟුරුවලට පිඹ යළි ගින්නක් ඇති කිරීමට ද?
ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරනු ලැබුවේ කොටි ත‍්‍රස්තවාදය විසිනි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීමට අවශ්‍ය නම් කළ යුත්තේ ඇහි පිල්ලන්
ගැසීමකින් හෝ වචන භාගයකින් කොටි ත‍්‍රස්ත මර්දන මෙහෙයුම් වලට පොඩි සපෝට් එකක් දීම
ය.
එහෙත් රනිල් වික‍්‍රමසිංහ විපක්ෂ නායකවරයා මේ කරන්නේ කුමක් ද?
ඉතිහාසය ඒ සඳහා සුදුසුම නිර්වචනය ඉදිරිපත් කරනු ඇත. එය නුදුරේදීම සිදුවනු ඇත. |