පණ ඇති මිනිසා

 
 

ශ‍්‍රී ලංකාවට එරෙහි වීමේ වුවමනාවක් නෑ!

 
 

ඉරිදා විග්‍රහය: සර්.. කෝට්ටෙනුත් කටඋත්තරත් නෑනෙ?

 
 

වලවේ උරුමය: වැවක් හැදුවොත් ගමක් එළිය වෙනවා

 
 

මේ මහ ඇමැති ධුරය මට සුන්දර අභියෝගයක් වේවි

 
 

අද කවරය - දුලානි

 
 

මිනීමරුවකු වූ අහිංසක සූකරයා

 
 

නෙත් අඳුරු ලොවට සදහම් ආලෝකය දුන් දෘශ්‍යාබාධිත තරුණයෙක්

 
 

ඩ‍්‍රැගන් පෘට්

 
 

කොළඹට අන්තර්ජාතික හෙද රෝහලක්

 
 

ලුණුගම්වෙහෙර ජලාශයට ගෙදර යටවෙනවා කියලා

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

හාමුදුරුවන් අපවත් වුණත් වැඩ විසූ ගල් ලෙනෙන් පිරිත් හඬ

කේමදාසයන් ඇසුරින් පිබිදි

කේමදාසයන් ඇසුරින් පිබිදි
තරුණ සංගීත වේදියා

හිතට එන හැම සිතුවිල්ලක්ම නාද බවට පෙරළන්නට ඔහු සමත්ය. ප‍්‍රකාශ කිරීමට, ලිවීමට බැරි අරුත් බර කල්පනා මිහිරි ස්වර මගින් අපූරු නිර්මාණයකට හසුකරගන්නට ඔහු උපන් හපනෙකි. ඔහුගේ වාදන හැකියාව පිළිබඳව අද දවසේ කතා නොකරන කෙනෙක් නෑ. මොහු අද බොහෝ රූපවාහිනී නාලිකාවල විකාශය වෙන සංගීත වැඩසටහන්වලටත් නැතිවම බැරි කෙනෙක් වෙලා.

'දෙරණ' රූපවාහිනියේ විකාශය වෙන 'සිකුරාදා රෑ' සංගීත වැඩසටහනේදී ඔහුගේ වාදන හැකියාව වඩාත්ම ඉස්මතු වෙනවා. ඒ වැඩසටහනේදී ඔහු සංගීත භාණ්ඩ කීපයක්ම වාදනය කරන අපූරුව දකින්න පුළුවන්.

ඔහු නමින්, දිනේෂ් සුබසිංහය.

අපේ සංගීත ආර, එනම් අපට උරුමව ඇති සංගීත ක‍්‍රමවේදය සොයා යන ගමනට උරදිය හැකි අපූරු ජවයක් ඔහු තුළින් දිස්වනු දැකීම අපටත් අස්වැසිල්ලක්. ඒ නිසාම බලාපොරොත්තු තැබිය හැකි තරුණ සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු ඉදිරියේදී කැපී පෙනේවි. හැකියාව, හා ඊට සාපේක්ෂව විවිධ ගුරුවරුන් ඇසුරෙහි ලැබු සංගීත ඥානය අද ඔහුගේ ජනපි‍්‍රයත්වයට ආලෝකයක් වෙලා.

සංගීත භාණ්ඩ අතරින් ඔහු දැඩි කැමැත්තක් දක්වන්නේ රාවණා හත්තය හා කිංගිරි නම්වූ සංගීත භාණ්ඩ වැයීමටය. උතුරු ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර හා අග‍්‍රා රාජස්ථාන් ප‍්‍රාන්තවල කළ සංචාරයකදීයි ඔහුට මේ සංගීත භාණ්ඩ දැකගන්නට ලැබී තිබෙන්නේ.

ඒ භාණ්ඩ දෙක මිලදී ගැනීමෙන් පසු ලැබෙන හැම නිවාඩු අවස්ථාවකම ඔහු ඒවා වැයීමට උනන්දු වුණා. ඒ ඇසුරින් ඔහු අද රාවණා නාද නමින් වූ වාදන වෘන්ද සහිත සංයුක්ත පටයක් ද එළි දක්වලා. එම අනුවාදය සැකසී ඇත්තේ අපේ ප‍්‍රබුද්ධ ගායක ගායිකාවන් ගැයූ ජනපි‍්‍රයතම ගීත ගොන්නකිනි.

“රාවණා හත්ත කියන්නේ ලොව පැරණිතම අලුවකින් වයන භාණ්ඩයක්.ඒක භාවිතා කළේ රාවණා රජු කියලයි සඳහන් වෙන්නේ. රාවණා හත්තට ලාංකික නෑකමකුත් තියෙනවා කියලා ඔප්පු කරන්නයි දැන් මම උත්සාහ කරන්නේ.

ඒ ඇසුරින් මම කරපු නිර්මාණ මම හිතුවේ බුද්ධිමතුන් අතරට පමණක් යාවී කියලා. නමුත් අද මට ඒ ඇසුරින් කරපු නිර්මාණ පිළිබඳව හා ඒ භාණ්ඩය ගැන බොහෝ දෙනෙක් විමසනවා. ඒත් අපේ රටේ මේ උපකරණ යොදාගෙන නිර්මාණ කරන්න නිෂ්පාදකයින්ගේ හිතේ බයක් තියෙනවා.

"ඒත් මෑතකදී මාත් එක්ක ඉන්දියානු මාධ්‍යවේදියකු පැවැත්වූ සාකච්ඡාවේදී ඔහු කීවේ මේ නිර්මාණ ඉතා අගනා බවයි. අද වෙනකොට අන්තර්ජාලයේ පවා මගේ නමින් මේ උපකරණ ගැන වෙබ් පිටු හැත්තෑවක පමණ තොරතුරු සඳහන් වෙනවා."

"රාවණා හත්තය, කිංගිරි ඇතුළුව මේ වන විට විවිධ සංගීත සම්ප‍්‍රදායන්ට අයත් විවිධ වාද්‍ය භාණ්ඩ 45 ක් පමණ වාදනය කිරීමට ඔහු දක්ෂය.

දිනේෂ් ගේ ගම් පළාත මීගමු පුරවරය. කොළඹ ශාන්ත පීතර විද්‍යාලය හා මීගමුව මාරිස්ටෙලා යන විද්‍යාලයන් ගෙන් ඔහු අකුරු කළේය. ඔහුගේ පියා ඇන්ටන් සුබසිංහය. සේවය කළේ නාවික හමුදාවේ. රුක්මණි දේවි, හා එඩී ජයමාන්න නෑකමින් දිනේෂ්ට ආච්චි හා සීයා වෙනවලු.

පල්ලිය ආශි‍්‍රතව ලැබු බටහිර සංගීත සම්ප‍්‍රදායත්, පොප්, ජෑස්, කන්තාරු හා වයලීන් වාදනයේ හසල දැනුම මත ඉදිරියේදී උසස් නිර්මාණයන් නිරතුරුව රසිකයින් වෙත තිළිණ කරන්නයි ඔහුගේ වෑයම. ඒ අතර ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ හමුව හා ඔහුගේ සංගීත ආභාෂය ලැබීම, දිනේෂ් ලැබු ලොකු ජයග‍්‍රහණයක්.

2001 සිට වසර 7 ක් තිස්සේ, ඔහුගේ සියලුම ගීත පටිගත කිරීම්වලට ඔහු දායක වෙලා. කේමදාසයන් නිර්මාණය කළ 'අග්නි' ඔපෙරාවේ වාද්‍ය වෘන්දය මෙහෙයවීමේ වාසනාවත් ඔහුට හිමිවෙලා.

මේ දිනවල ඔහු ඉන්නේ එළිදැක්වීමට නියමිත Feel My Heart" නම් වූ නව ආරක සංයුක්ත පටයේ වැඩ කටයුතුත් සමඟය. එය ආදරවන්තයන් උදෙසා ම සැකසුණු සංගීත නිර්මාණාවලියක්.

ඩී.ආර්.සී. සංගීත කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරන දිනේෂ් ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණයටත් සම්බන්ධව සිටී. අහංකාර නගරය, හිම වගේ හිත, රොසලියා, ශ්වේතා ඇතුළු ටෙලි නාට්‍යය හතලිහකට පමණ ඔහු සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙලා. ඒ අතර චිත‍්‍රපට විස්සකට පමණ ගායනයෙන්ද සහාය වෙලා.

"මම වෙළෙඳ රැල්ලේ් විකිණෙන කෙනෙක් නොවේ . අද මට ගොඩක් සතුටුවෙන්න පුළුවන්. මේ ගමනේදී මගේ හැකියාවන් අවබෝධ කරගත් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතර අතිගරු ජනාධිපති තුමා මට තව දුරටත් ඉන්දියාවට ගොස් සංගීතය හදාරන්නට, ශිෂ්‍යත්වයක් පවා ලබා දුන්නා. ඉන්දියාවේ ඔස්කාර් සම්මානලාභී, ඒ ආර්. රාහුමාන්ගේ සංගීත ඇකඩමියට ලංකාවෙන් තේරුණ ශිෂ්‍යයකු වීමේ භාග්‍යය ඉදිරියේදී මට හිමි වෙනවා.

ඒ අවස්ථාව උදාකර දීමට වෙහෙසුණු අතුරලියේ රතන ස්වාමින් වහන්සේට මා බෙහෙවින් ම ස්තුති වන්ත වෙනවා.

ක්ලිටස් මෙන්ඩිස්, රවීන්ද්‍ර රන්දෙණිය, අශෝක සේරසිංහ හා ප‍්‍රදීප් මහාරාජා යන මහත්වරුන් ද මේ අවස්ථාවේ මම සිහිපත් කරනවා."

ඔහුගේ විද්‍යුත් ලිපිනය - Music. dinesh & yahoo.com