සුමංගලයේ මංගල මොහොත

මේ සුනාමියේ සුන්බුන් මතින් නැගිටි අධිෂ්ඨානයේ කතාව කියා පාන තවත් සංකේතයකි. සුනාමියෙන් පානදුරයට කළ ලොකුම විපත වුයේ සුමංගල විද්‍යාලයට වූ හානියයි. පානදුරේ ශ‍්‍රී සුමංගල විද්‍යාලය නැවත ගොඩනඟා දීමට ඒ අතර ජපන් රජය ඉදිරිපත් විය. එහෙත් ඔවුන් කියා සිටියේ සුනාමි අනතුරු කලාපයෙන් පිටත භූමියක මේ විදුහල ගොඩනඟන්නේ නම් පමණක් ඒ සඳහා රුපියල් ලක්ෂ 5000ක මුදලක් ප‍්‍රදානය කිරීමට කැමැති බවයි.
සුමංගල විදුහල නැවත ගොඩනැඟීමට සුදුසු භූමිය සොයා ගැනීමට යෑමේදී දෙපිරිසක් දෙපසට ඇදී කඹ ඇදිල්ලක යෙදී සිටි අතර ඒ හේතුවෙන් රටට ලැබීමට තිබූ රුපියල් ලක්ෂ 5000ක මුදල අහිමි වී යන තැනට ද කටයුතු සැලසෙමින් තිබිණ. මේ බව දැන ගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය දැනුම්වත් කොට වහාම සුදුසු ඉඩමක් ලබාදීමට පියවර ගත්තේ ය. ඒ අනුව නල්ලුරුවේ තිබූ පානදුර ශ‍්‍රී සුමංගල විද්‍යාලය වෑකඩ ප‍්‍රදේශයේ ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් භූමි භාගයක ඉදිවන්නට විය.
බාධක මැද වුව ඉතා කෙටි කලකින් සදා නිමකළ අභිනව ශ‍්‍රී සුමංගල විද්‍යාලය ඉකුත් දා ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරිණ. මේ අවස්ථාවේදී සුමංගල විද්‍යාලයේ නිසල භාෂිත ප‍්‍රනාන්දු නමැති සිසු දරුවෙක් ජපන් භාෂාවෙන් සභාව අමතමින් ජපාන රජයට කෘතඥතාව පළ කෙළේය. ජනාධිපතිතුමා සමඟ පිළිසඳරක යෙදී සිටින්නේ එම සිසු දරුවාය. ඇමැති සුසිල් පෙ‍්‍ර්මජයන්ත, ජපාන තාතාපති හා සුමංගල විදුහලේ විදුහල්පතිද ඡායාරූපයේ වෙති.

ඡායා - චන්දන පෙරේරා

ප‍්‍රභාකරන් පැන යන්න හැදූ හැටි දයා මාස්ටර් හෙළි කරයි

ප‍්‍රභා කොටු කිරීමට ඒකාබද්ධ මෙහෙයුමක්

කොටි ත‍්‍රස්තවාදීන් විසින් ප‍්‍රාණ ඇපයට ගෙන සිටින සිවිල් වැසියන් මුදා ගැනීමේ මානුෂික මෙහෙයුමෙන් පසුව කොටි නායක ප‍්‍රභාකරන් ඇතුළු සෙසු කොටි නායකයන් කොටු කැර ගැනීමේ විශේෂ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කිරීමට කටයුතු සූදානම් කොට ඇතැයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ ප‍්‍රකාශකයකු ‘සිළුමිණ’ ට කීය. යුද මුක්ත කලාපය ඔස්සේ සිවිල් වැසියන් මුදා ගනිමින් ඉදිරියට ඇදෙන යුද හමුදා සේනාංක ප‍්‍රභාකරන් හා සෙසු කොටි නායකයන් කොටු කැර ගැනීමේ මෙහෙයුමක නිරතව සිටින අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනේ සිට සිදුවීම් නිරීක්ෂණය කරමින් වැදගත් බුද්ධි තොරතුරු රැසක් සොයා ගැනීමට සමත්ව සිටී.

විස්තර »

 
deakin.edu.au


වෙළඳ දැන්වීම් . . . .
 


 
   

deakin.edu.au

deakin.edu.au

 



සිසාරා
යන්නට වෙබ් අඩවි . . . .


www.apiwenuwenapi.co.uk
 

www.defence.lk
 

www.news.lk
 


www.army.lk
 


පංචේන්ද්‍රියන් සංවර කර . . .
.....

විස්තර »


ඉංගිරිසි බසෙහි හසළ . . . .

විස්තර »


වෙඩි හඬ පරදා සාමය පතා ආ ‘අපි යහළුවෝ’

විස්තර »

සුදෝ සුදු සඳ රැස් . . . .

විස්තර »