අවමංගල්‍ය දැන්වීම්

උපාලි වීරසිංහ මයා - (කළුතර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය) නො. 285/5ඒ, පොල්වත්ත ස්වර්ණ ජෝති මාවත පානදුර විසූ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නැව්තෙල් අංශයේ බ්ලූ මැන්ඩල්හි සේවය කළ උපාලි වීරසිංහ මහතා අභාවප‍්‍රාප්ත වූයෙන් අවසාන කටයුතු පානදුර මිනුවන්පිටිය සුසාන භූමියේදී 26.04.09 වන ඉරුදින සවස 3 ට සිදු කෙරෙන බව සංවේගයෙන් දැනුම් දෙන්නේ භාර්යාව වසන්තා ලාලනී ගුණසේකර, කේතුමතී කාන්තාරෝහල, පානදුර, ගෝඨාභය වීරසිංහ පුතා (ශී‍්‍ර සුමංගල විදුහල, පානදුර).


කේ. ගරුසිංහ මහතා - සීතා ගරුසිංහගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, ශිරෝමි, චින්තන, රොෂාන් යන අයගේ පියාණන් වූද, උපුල් හා චම්පිකා යන අයගේ මාමණ්ඩිය වූද 377/ඒ, රත්නාරාම පාර, හෝකන්දර - උතුර, හෝකන්දර විසූ විශ‍්‍රාමලත් බැංකු කළමනාකාර කේ. ගරුසිංහ මහතා (61) හදිසියේ අභාවප‍්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ. මෙයට ශෝකයට පත් බිරිඳ හා දරුවන්.