මේ ඔබට වෙන්වූ දින කිහිපයයි

 
 

තුන්වැනි පාර්ශ්වයකට බාර වීමට ප‍්‍රභාකරන්ට ඉඩක් නෑ

 
 

මේ පීඩනය මැද වෙන නායකයෙක් හිටියානම් මෙලහකට යුද්ධය නතර කරලා

 
 

අපේ කාලයේ පියවරුන් හා විරුවන්

 
 

ඒ වැසියන් ඉතාම ඉක්මනින් මුල් ගම්වල පදිංචි කරවනවා

 
 

කවරයේ කතාව

 
 

ඔබාමාගේ හස්තය එතරම් දිගුවේ ද?

 
 

වෙඩි හඬ පරදා සාමය පතා ආ ‘අපි යහළුවෝ’

 
 

මෙටෙ‍්‍රාපොලිටන් සමාගම අධ්‍යාපන අමාත්‍යංශය සමඟ ගිවිසුමක

 
 

බොල් වී යළි හුළං කර විකුණලා රුපියල් හැටඅටකට කැමරාවක් ගත්තා

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

යකින්නට බිය නොවූ තෙරණුවෝ

ලෝක ආගම් සහ නිර්මාංශ ආහාර ප‍්‍රතිපත්තිය

ලෝක ආගම් සහ නිර්මාංශ ආහාර ප‍්‍රතිපත්තිය

හින්දු සහ බෞද්ධ ආගම්වලට අමතරව ජෛන, යුදෙව්, කි‍්‍රස්තියානි සහ ඉස්ලාම් වැනි ආගම් ද නිර්මාංශ ආහාර කෙරෙහි උනන්දුවක් දක්වා ඇති බව පෙන්වා දිය හැකිය. මේවා අතුරින් නිර්මාංශ ජීවන රටාවක් ඇති, එහි අභිවර්ධනය සහ පෝෂණය කිරීම පිළිබඳව වැඩියෙන් ම අයිතිවාසිකම් කිව හැක්කේ හින්දු ආගමටයි.

ලෝක ආගම් අතුරින් පැරණිම ආගම වන හින්දු ආගම මාංශ ආහාරයට ගැනීමට විරුද්ධව තහනම් ආඥා ගණනාවක් පනවා ඇත. මේවා එකහා සමාන පූජනීයත්වයක් උසුලන නිසා ඒවා මගින් වෙනත් ජීවීන්ට හිංසා කිරීම වළක්වා ඇත. ඇතැම් අය මෙය ආධ්‍යාත්මික නිර්මලත්වයට ද සම්බන්ධ කොට ඇත. එක් කණ්ඩායමක් පවසනුයේ මස් කෑම බරපතල විපාක ගෙන දෙන කි‍්‍රයාවක් බවයි. ඔවුන් ගේ මතය අනුව යමකු කිසියම් සතකුගේ මස් අනුභව කළහොත් එම පුද්ගලයා එම වර්ගයේම සතකු විසින් කා දමනු ලබන බවයි. හින්දු කෘතීන්වල සතුන් මැරීම කිසිසේත් අනුමත කොට නැත.

වේද සම්ප‍්‍රදාය අනුව සෑම සත්වයකුගේ ම ජීවය එකහා සමානව විද්‍යාමන වන නිසා ඔවුන් කෙරෙහි සමාන ආරක්‍ෂාවක් හා කරුණාව පැවැතිය යුතුය. සතුªනට මිනිසා ගේ ආත්මයට වඩා අඩු තක්සේරුවක් නොතිබිය යුතුය.

රාමායනය හා මහා භාරතය ද ආගම් හේතූන් මත නිර්මාංශ ආහාර අනුමත කොට ඇත. භගවත් ගීතයේ සඳහන් පරිදි එළවළු, පලතුරු, ඇට වර්ග සහ කිරි ආහාර ප‍්‍රථමයෙන් දෙවියන්ට පුදා දෙවනුව තමන් ද ආහාරයට ගන්නේ නම් ඔවුනට දෙවියන් ගේ විශේෂ ආශීර්වාදය හිමි වෙයි.

මේ අනුව හින්දු ආගම නිර්මාංශ ආහාරය කෙරෙහි ඒකාන්ත ප‍්‍රවණතාවක් දක්වන බව පැහැදිළිය. එය මිනිසාට මෙන් ම සත්ව වර්ගයාට ද අහිංසාව පෙරදැරි කර ගත් ජීවන රටාවකට අනුබල දෙයි. අප දන්නා පරිදි හරේ කි‍්‍රෂ්ණ ව්‍යාපාරයට සම්බන්ධ අය ද නිර්මාංශ ආහායරට පුරුදු වූවෝ වෙති.

යුදෙව් ආගම මෙන් ම කි‍්‍රස්තියානි ආගමේ ශුද්ධ ලියවිලි පද්ධතිය එකක්ය. එම නිසා නිර්මාංශ ආහාර පිළිබඳ විශ්වාසය ද එක මගක යයි.

ඉස්ලාම් ධර්මය යුදෙව් හා කි‍්‍රස්තියානි ආගම් මෙන් වූ ආගමක් නොවේ. ලෝකයේ බොහෝ මුස්ලිම් ජාතිකයන් විශ්වාස කරනුයේ මොහමඩ් නබිතුමා නිර්මාංශ ආහාර පිළිබඳ පණිවුඩය දේශනා කළ අතර කි‍්‍රයාවෙන් ද ඔප්පු කළ බවයි. එතුමාගේ බොහෝ ආප්තෝපදේශ මෙන් ම කි‍්‍රයා පිළිවෙළ ද සතුන් කෙරෙහි ආදරය, කරුණාව, දයාව මත ගොඩනැඟී ඇත.

මිහිතලය මත සැරිසරන සියලුම සත්වයන් මෙන් ම අහසෙහි සැරිසරන පක්‍ෂී වර්ගයා ද මිනිස් ප‍්‍රජාව මෙන් ම වන බව කුරානයේ සඳහන් වෙයි. මෙම ග‍්‍රන්ථයේ කිසිවක් අමතක කොට නොමැත. දෙවියන් ඉදිරියේ මේ සියලු දෙනාම පෙනී සිටිනු ඇත. (සුරා 6.38), එතුමා තම අතවැසියන් සඳහා එළවළු, පළතුරු, මල්, රටඉඳි ගස්, ධාන්‍ය, සුවඳ විලවුන් යනාදියෙන් සමන්විත ලෝකය මවන ලදී (සුරා 55.9-11).

ඉස්ලාම් ඉගැන්වීම් ලෝකයේ එකම හිමිකරුවා මිනිසා බව පිළිගෙන නැත. ඒ ලෝකය ඔහුට හිමි නැති බැවිනි. මිනිසුන් සොබාදහමේ මුරකරුවන් පමණි. සියලුම දේ අල්ලා දෙවියන් ගේ ශී‍්‍ර විභූතිය සඳහා සිදු කරනු ලැබේ. සාධාරණය, කරුණාව, පරිත්‍යාගය යන නියමයන්ට ප‍්‍රධාන තැනක් දී තිබේ. මේ සියල්ල ගෙන බලන විට ඒවා සත්ව වර්ගයාගේ රැකවරණය හා ආරක්‍ෂාව කෙරෙහි යොමු වී ඇති බව පෙනී යයි.

රෝසන් ප‍්‍රකාශ කොට ඇත්තේ මොහමඩ් නබිතුමා නිර්මාංශ ආහාර පි‍්‍රය කළ මුත්, ඔහුගේ මුල් අනුගාමිකයන්ට එසේ කිරීමට නීති පැනවීමට මැලි වූයේ ඔවුන් වෙනස් වීමට ඉඩ තිබූ නිසා බවයි. ඔහු ඒ වෙනුවට ක‍්‍රමික ප‍්‍රතිපත්තිය අනුගමනය කරමින් ඔවුන් ඒ මගට යොමු කිරීමට උත්සහ කළේය. ඔහු තවදුරටත් පවසන්නේ සූෆි සම්ප‍්‍රදාය මගින් ශක්තිමත්, සානුකම්පිත, නිර්මාංශ ආහාර අනුභව කරන මිනිසෙකු නිර්මාණය වන බවයි. ආහාර පිළිබඳ තද නීති පණවන්නන් සතුන් මැරීම සම්බන්ධවත්, තහනම් වන හා අවසර දිය හැකි මාංශ අනුභවය පිළිබඳව පමණි. මේ අනුව ඉස්ලාම් ආගමේ ද නිර්මාංශ ආහාරයට වැදගත් තත්ත්වයක් උදාකොට දී ඇති බව පෙනී යයි.