අවමංගල්‍ය දැන්වීම්

 

ඇතුලත්මුදලි එස්තර් (කන්නන්ගර) - නැසීගිය ඩී.පී. ඇතුලත්මුදලිගේ භාර්යාව වූද ගිබ්සන්, ශර්ලි, ඩොනල්ඩ්, ජයන්ති, හර්බර්ට්, වොල්වින්, යන අයගේ මෑණියන් වූද, නැසීගිය ජොයිස්, සුනන්ද්‍ර දයා, නැසීගිය රංජිත් පෙරේරා, පද්මිණී, දමයන්ති, යන අයගේ නැන්දණිය වූද, නැසීගිය වික්ටර් කන්නන්ගර සිරිල්, ඇග්නස් යන අයගේ සොයුරිය අවු. 102 ආයු වළඳා අභාවප‍්‍රාප්ත විය. භූමදානය 15 වන ඉරුදින 3.30 බැල්ලපිටිය පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.


ධර්මබන්දු කමන්ත - ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු විධායක අධ්‍යක්ෂ ආනන්ද ධර්මබන්දුගේ හා ඉන්ද්‍රාණි ධර්මබන්දුගේ දයාබර පුතණුවන් වූද, ඕස්ටේ‍්‍රලියාවේ දිල්මිණී බන්නෑයකගේ සොහොයුරාවූද, මංගල බන්නෑයකගේ මස්සිනා වූද, කමන්ත ධර්මබන්දු තරුණ මහතා හදිසියේ අභාවප‍්‍රාප්ත වූයෙන් ආදාහන කටයුතු මාර්තු 16 වන දින පස්වරු 5.00 ට කොහුවල පොදු සුසාන භූමියේදී සිදුකරනු ලැබේ. අවමංගල පෙරහැර නුගේගොඩ රේමන්ඩ් පාරේ අංක. 21 දරන නිවසින් පිටත්වීම පස්වරු 4.00 ට.


ෆ්ලොරන්ස් රෝස් කාමෙන් පීරිස් (නොහොත් පෙරේරා) - නෝමන් පීරිස් (විශ‍්‍රාමික - ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය) ගේ ආදරණීය භාර්යාව වූද, නවෝමල් හා ධනුෂ්කගේ ආදර මෑණියන් වූද, බුද්ධිකා හා උමංගාගේ නැන්දණිය වූද, සෙව්නි, සෙව්මිත් හා අමාධිගේ මිත්තණිය වූද, ෆ්ලොරන්ස් රෝස් කාමෙන් පීරිස් මහත්මිය අභාවප‍්‍රාප්ත වූවාය. අවසන් කටයුතු 2009 මාර්තු 22 දින පස්වරු 4.00 ට නැදිමාල සුසානභූමියේදී සිදුකෙරේ. අංක. 21, විජිත පාර, නැදිමාල, දෙහිවල. දුරකථනය. 2739825.