පෝස්ටර් වලින් ජනතාව රවටන්න බැහැ
පෝස්ටර් වලින්
ජනතාව
රවටන්න බැහැ
කළුතර දිස්ති‍්‍රක් සන්ධාන කණ්ඩායම් උපනායක, හොරණ ශ‍්‍රී.ල.නි.ප. සංවිධායක -
විදුර වික‍්‍රමනායක
මෙවර බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය තුනෙන් දෙකක බලයක්
ලබා ගනිමින් අතිවිශිෂ්ට ජයග‍්‍රහණයක් ලබන බව කළුතර දිස්ති‍්‍රක් සන්ධාන කණ්ඩායම්
උපනායක, හොරණ ශ‍්‍රී.ල.නි.ප. සංවිධායක විදුර වික‍්‍රමනායක මහතා පවසයි. ඒ මහතා
‘සිළුමිණ’ සමඟ පැවැත්වූ සංවාදයේ දී ඇසූ ප‍්‍රශ්නවලට දුන් පිළිතුරු මෙසේය.
මුලින්ම ඔබේ දේශපාලන ජීවිතයේ පටන් ගැන්ම ගැන දැනගන්න කැමැතියි?
ඇත්තම කීවොත් තරුණ වියේ සිටම දේශපාලනය කරනවා කිව්වොත් හරි. මම හොරණ ආසන සංවිධායකයා
වුණේ 2002 දී. අගමැතිතුමා හොරණ සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වූවාට පසුව
ශ‍්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව එම තනතුර මට ලබාදෙන්න තීරණය කලා. මම දේශපාලනයට
කි‍්‍රයාකාරිව එක්වුණේ 1977දි. ඇත්තටම ඒ අවස්ථාව වනවිට මට ඡන්ද බලයවත් නෑ.
එදා බොහෝ දෙනෙක් පක්ෂයට වැඩ කළේ නෑ. පක්ෂයේ බර අදින්න කවුරුත් හිටියෙත් නෑ. එවැනි
පසුබිමක මම ශ‍්‍රී.ල.නි.ප. දේශපාලනයට එක්වුණා.
ඔබේ පියා මේ රටේ අගමැතිතුමා. එතුමාගෙන් ඔබේ දේශපාලන ජීවිතයට ලැබෙන ආශිර්වාදය
කෙබඳුද?
රත්නසිරි වික‍්‍රමනායක කියන චරිතය මෙය කරන්න මෙය කරන්න එපා කියන චරිතයක් නොවේ.
බොහෝවිට ඒ චරිතය දෙස බලා ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. ඒ අනුසාරයෙන් මම මගේ ජීවිතයට
හුරු කරගත් ගුණාංග රැසක් තිබෙනවා. විශේෂයෙන්ම දේශපාලනයත් සමඟ මුසුවූ ගුණාංග
තිබෙනවා. පළමුවැනි දෙය ජනතාවගේ මුදල් ගසා නොකෑම. අවංකව ජනතාවට සේවය කරනවා නම් එහෙම
විය යුතුයි. අපට සේවයක් කරගන්නවා නම් පළමු දෙය සොරකම් කිරීම කළ හැකියි. අද වෙලා
තියෙන්නේ ඒකයි.
මෙවර පළාත් සභාවට ඔබ කළුතර දිස්ති‍්‍රක්කයෙන් ඉදිරිපත් වෙන්නේ කුමන පරමාර්ථයක්
වෙනුවෙන්ද?
රමාර්ථය හැටියට මගේ තිබෙන්නේ ජනතාව වෙනුවෙන් කටයුතු කරමින් ඔවුන්ගේ සිතුම් පැතුම්
ඉටු කිරිමයි. ජනතාවගේ මුදල් ගසා කන්නේ නැතිව යථාර්ථය හා ප‍්‍රායෝගික බව මුසුවූ
ගැටුම් හා අර්බුදවලට විසඳුම් ලබා දීමයි. යථාර්ථවාදී සහ ප‍්‍රායෝගික විසඳුම් ලබා
නොදීමේ ප‍්‍රවණතාවත් අපේ දේශපාලනඥයින් අතර තියෙනවා. අපට ලබා දෙන්න හැකියාව තිබෙද්දි
ඒ විසඳුම් අපි ලබා නොදෙන්නේ ඇයි? මම උදාහරණයක් කියන්නම්.
පෞද්ගලික බස්රථ පාලනය කරන්නේ පළාත් සභාව. අපේ ගමනාගමනයට අදාළ බලධරයා පළාත් සභාවයි.
ඒත් බස්නාහිර පළාතේ පවා සමහර ගම්වල සිට පස්වරු 6න් පසුව නගරයට එන්න පෞද්ගලික
බස්රථයක් තියෙනවාද? අපි මේවාට විසඳුම් දෙන්න ඕන. අපේ මාර්ගවල බස් හරියට ධාවනය
වෙනවාද? මේ අපි ලබා තියෙන අත්දැකීම්. වායුසමීකරණය කරල තියෙන බස් එකක යනකොට මඟදී
වායු සමීකරණ යන්ත‍්‍ර අකි‍්‍රය කරනවා. මේවාට පළාත් සභාව වගකියන්න ඕන.
ඊළඟට පාසල් ගැන බලන්න. කළුතර දිස්ති‍්‍රක්කයේ නඟා සිටුවිය යුතු පාසල් තිබෙනවා. ඒ
වගේම බස්නාහිර පළාත් සභාව යටතේ පවතින රෝහල්වල පවා අඩුපාඩු තිබෙනවා. ඒ අඩුපාඩු සකස්
කළ යුතුයි. ඒ නිසා මගේ පරමාර්ථය බස්නාහිර පළාතේ පවතින අඩුපාඩු ගැන හඬ නඟමින් ජනතාවට
සේවයක් කිරීමයි.
ඔබ බස්නාහිර පළාත් සභාවේ පවතින සමහර අඩුපාඩු ගැන කියනවා එම ගැටලු විසඳීමට ඔබට යම්
වැඩපිළිවෙළක් තියෙනවාද?
පැහැදිලිවම තිබෙනවා. විශේෂයෙන්ම මා එහිදී බලාපොරොත්තු වෙන්නේ අදාළ ගැටලු පිළිබඳව
පළාත් සභාවේ හඬක් නඟමින් ඒ ගැටලු විසඳීමට මැදිහත් වීමයි. ඒ සඳහා මට පළාත් සභාවේ
ඇමැති ධූරයක් ලැබෙනවාද නැද්ද කියන දේ ජනාධිපතිතුමා තීරණය කරාවි. ඒ ගැන මා කථා
කරන්නේ නැහැ.
අනික හුදෙකලා වැඩසටහන්වලින් රට දියුණු කරන්න බෑ. ඒකාබද්ධ වැඩසටහනක් කි‍්‍රයාත්මක
කරන්න ඕන. දැන් බලන්න පළාත් සභාව ගෙවතු වගාව දිරි ගන්වන්න හොඳ වැඩසටහනක් හැදුවා
කියමු. ඒකෙන් මොනතරම් ප‍්‍රතිලාභ තියෙනවාද? අධ්‍යාත්මික ගුණ වගාව, පවුලේ සතුට
රසායනික ද්‍රව්‍ය තොර ආහාර වේලක් ලැබෙනවා ද? මගේ දර්ශනය බස්නාහිර පළාත් සභාවේ එවැනි
දේ ඉටුකිරීමට හඬක් නැඟීම සහ මැදහත් වීමයි.
ඔබ අගමැතිතුමාගේ පුත‍්‍රයා. ඔබට මේ මැතිවරණ ව්‍යාපාරයේදී රජයේ අනුග‍්‍රහය ලැබෙනවා
ඇති නේද?
මොන විදියේ අනුග‍්‍රහයක් ද ලැබෙන්නේ. නම් කරන්න පුළුවන් නම් අඩුම ගානේ රජයේ
වාහනයක්වත් මම පාවිච්චි කරන්නෙ නෑ. අගමැති වරයකුගේ පුතෙක් කියලා කාටවත් බරක් නොදී
කිසි කෙනකුට හිංසාවක් නැතිව ඉන්න එකම පුද්ගලයා මම කියලා බය නැතිව කියනවා.
කළුතර
දිස්ති‍්‍රක්කයේ ජනතාව ඒකට සාක්ෂි දරාවි. අඩුම වශයෙන් මම පොලිසියකටවත් කථා කරලා නෑ
වැඩක් කරවාගන්න. අද ඕනෑම කෙනෙකුට හොරණ ආසනයේ මගේ කටයුතු විවේචනය කරන්න පුළුවන්. ආසන
සංවිධායක හැටියට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කිරීම තමයි මගේ ලොකුම ජයග‍්‍රහණය.
මෙවර මැතිවරණයේදී කළුතර දිස්ති‍්‍රක්කයේ සන්ධාන අපේක්ෂකයන් අතර තරගය උණුසුම්. ඔබ
කොහොමද ඊට මුහුණ දෙන්නේ?
එකිනෙකාගේ බලාපොරොත්තුව එකිනෙකා අභිබවා යන එකයි. අපි පෙනී සිටින්නේ යම්
ප‍්‍රතිපත්තියක් වෙනුවෙන්. ඒ මතවාදය ජයග‍්‍රහණය කිරීමයි බලාපොරොත්තුව. මම මනාප
පොරයට යන්නේ නැහැ. අවුරුදු 30 ක් තිස්සේ පැවැති යුද්ධය දැන් නිමා වෙමින් තිබෙනවා.
ඊළඟට අපේ ඉලක්කය රට සමෘද්ධිමත් කිරීමයි. ඒ වැඩපිළිවෙළ ජනාධිපතිතුමා ආරම්භ කොට
තියෙනවා.
ගමේ පාර හදාගන්න, දුවට පුතාට රැකියාවක් දෙන්න ඒවා ගැන ඉදිරියේදී අපට කථා කරන්න
පුළුවන්. නැඟෙනහිර පළාතේ ජනතාව, මධ්‍යම පළාතේ දෙමළ, මුස්ලිම්, සිංහල ජනතාව
ජනාධිපතිතුමාගේ මතවාදය ජයග‍්‍රහණය කෙරෙව්වා.
එය බස්නාහිර පළාතේ ජනතාව සිදුකරන බවත්
ඉර හඳ වගේ විශ්වාසයි. ඒ නිසා අපි එකිනෙකා පෞද්ගලික න්‍යාය පත‍්‍රවලට වැඩ කරන්න හොඳ
නෑ. එතකොට අපට බුලත් කොළය අමතක වෙනවා. අන්තිමට නරක් වූ ඡන්ද සංඛ්‍යාව 6000, 7000
වෙනවා.
ඔබ ප‍්‍රතිපත්තිගරුක දේශපාලනයක් කළාට අනිත් අයගේ පෝස්ටර් සහ බැනර් නිසා ජනතාවගේ
තීරණයට කුමක් වේවි ද?
මම හිතන්නෑ ජනතාව ඉස්සර වගේ වැරැදි තීරණ ගන්නේ නැහැ. මිනිස්සු අද දේශපාලඥයන්ට වඩා
ඉදිරියෙන් ඉන්නවා. අපේ මිනිස්සු බලන්නේ සැටලයිට් ටීවී, සාක්ෂරතාව ඉහළයි. ජනතාවට
ඉංගිරිසි දැනුමත් තියෙනවා. අපේක්ෂකයෝ හිතනවා පෝස්ටර් බැනර්වලින් ජනතාව රවටන්න බැහැ.
ජනතාව හොරකම් කරන උදවියට ඡන්දය දෙන්නේ නෑ.
ඔබ ආසන සංවිධායකයකු හැටියට මෙතෙක් සිදුකළ සේවය කෙබඳු ද?
ඉතිහාසයේ කවදාවත් නොවුණ විදියට මැතිවරණ කොට්ඨාසයක නගර තුනක් එකවර සංවර්ධනය කිරීම මම
ආරම්භ කළා. හැබැයි මේ සියළු වැඩ කටයුතු අගමැතිතුමාගේ උපදේශකත්වය සහ මඟ පෙන්වීම යටතේ
තමයි සිදු වූයේ. එතුමාගේ උදවු නැතිව මට මේවා කරන්න ඉඩ ලැබෙන්නෙ නෑ.
අඩුම ගානේ මම ප‍්‍රාදේශීය සභාවක මන්තී‍්‍රවරයෙක්වත් නෙවෙයි. නිකම්ම ආසන සංවිධායකයකු
පමණයි. බස් නැවැතුම්පළේ පළමු අදියර දැන් නිමවෙලා තියෙන්නේ. හෙට අනිද්දා එය විවෘත
වෙනවා.
අවුරුදු එකොළහක් හොරණ මිනිස්සු මඩ වතුර බිව්වා. පැවැති ශී‍්‍රලනිප එජාප ආණ්ඩු වලින්
මොනවත් සිදුවුණේ නෑ. ඒත් වත්මන් රජය ඊට පිළියම් යෙදුවා. දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා
මුල්වෙලා ජපන් ආධාර යටතේ අක්කරයක් දිග පළල අඩි විස්සක් උස වතුර ටැංකියක් හැදුවා.
දැන් මොරටුවට බණ්ඩාරගම, කැස්බෑවට වතුර දෙනවා. ඊට අමතරව හොරණ ආසනයේ දහම් පාසල්,
පාසල්, කී‍්‍රඩා සමාජ, පෙර පාසල් නඟා සිටුවීමට මම විශාල මෙහෙවරක් කර තිබෙනවා.
මෙවර මැතිවරණයේදී එජාපය කියන්නේ වැඩි වාසියක් ඔවුන්ට ලැබි තියෙනවා කියලා?
එයාලා හැම මැතිවරණයේදීම කිව්වේ ඒක තමයි. නැඟෙනහිර පළාතේ මැතිවරණයේ සිට දිනනවා කීවා.
හැබැයි දිනුව ද? කවුරුත් කියන්නෙ නෑ පරදිනවා කියලා. මතක තියාගන්න මෙවර මැතිවරණයේදී
ලොකු වෙනසක් සිදු වෙනවා. විශේෂයෙන් කළුතර කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්වල එය
සිදුවෙනවා. බස්නාහිර මැතිවරණ ඉතිහාසයේ විශිෂ්ටම ජයග‍්‍රහණයක් මෙවර ලබනවා.
තුලනාත්මකව විශ්ලේෂණයක යෙදුණොත් සියයට හැට පහ ඉක්මවූ බලයක් සන්ධානයට හිමි වෙනවා.
බස්නාහිර පළාත් සභාවේ 2/3 ක බලයක් සන්ධානයට ලැබේවි කියා කියන්න පුළුවන්. මොකද මම
එහෙම කියන්නේ කළුතර දිස්ති‍්‍රක්කයේ සහ අනෙක් දිස්ති‍්‍රක්ක දෙකේ එජාපයේ ගම් පිටින්
අද සන්ධානයට එක්වෙමින් සිටින්නේ.
සංවාද සටහන
චන්දන බණ්ඩාර
|