හාමුදුරුවන්ගේ සහ ජනාධිපතිතුමාගේ ආදර්ශය

 
 

රනිල් යයි! කරු එයි?

 
 

මුහුදු කොටි ප‍්‍රබලයෙක් පුදුමාතලන් සටනේදී මරු දකී

 
 

මේ රටේ රජකම පල දෙන්නේ නැහැ

 
 

යුද්ධය දිනා අවසානයි ආර්ථික අභියෝග ජය ගැනුම නියතයි

 
 

පෝස්ටර් වලින් ජනතාව රවටන්න බැහැ

 
 

සිනමාව පුංචි තිරය ජයගත් නිල්මිණි

 
 

ඉන්දීය මහා මැතිවරණයේදී ‘මායාවති’ විප්ලවයක් කරයිද?

 
 

ගොවිකමට හිත ගිය ඉංජිනේරුවා

 
 

ලංකා බෙල් ඇමතුම් ඕනෑම ජාලයකට නොමිලේ

 
 

වෙරළ රැකුණොත් රටත් රැකෙනවා බස්නාහිර - දකුණ

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

පිළිකාවට අත වනන තරබාරුව

 
 

මුදලට යටවී සිල්පද බිඳී අමනුස්සයන් බලවත් වූ හැටි

මේ රටේ රජකම පල දෙන්නේ නැහැ

විකෘති ආශාවන්ගෙන් පෙළෙන අයට

මේ රටේ රජකම පල දෙන්නේ නැහැ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 10 වැනි සැසි වාරය පසුගියදා ජිනීවා නුවර දී ආරම්භ විය. ශී‍්‍ර ලංකාව නියෝජනය කෙළේ රජීව විජේසිංහ සහ යසන්ත කෝදාගොඩයි.

මේ දෙදෙනා ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පෙනී සිටියේ යථාර්ථය ලොවට පැහැදිලි කරන්නටය. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රතිරූපය කෙලසන්නට ඩොලර්වලට කෑදර කාලකණ්ණි රැළක් බෝවී සිටින මෙවන් අවදියක රට රැකීමට සත්‍යය ලෝකයට කියා දිය යුතුය.

උතුරේ මානුෂීය මෙහෙයුම් සිදුවන ආකාරයෙන් කොටි කටෙන් නිදහස් කර ගන්නා සාමාන්‍ය වැසියන්ට ආරක්ෂක හමුදාව සහ ආණ්ඩුව සලකන ආකාරයත් රජීව සහ යසන්ත කොමිසමට පැහැදිලි කළහ. ශී‍්‍ර ලංකා රජයට අන් රටවල නියෝජිතයන්ගේ ප‍්‍රසාදය සහ සහාය ලබා ගැනීමට ඔවුහු සමත් වූහ.

තත්ත්වය මෙසේ තිබියදී ඩොලර් මත්තේ පීනමින් මවුබිම පමණක් නොව මව ද විකුණාගෙන කන හොරු රැලක් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රතිරූපය කෙලෙසන්නට මේ ජිනීවා සමුළුවට කරුණු ඉදිරිපත් කළේ නිමල්කා ප‍්‍රනාන්දු සහ සුනන්ද දේශපි‍්‍රයයි. මේ දෙදෙනාට වසර 11 ක් රටක් විනාශ කළ චන්ද්‍රිකාත් ඇයගේ චක් ගෝළයා මංගලත් ආශීර්වාද කළහ. මෙහිදී තවත් දෙදෙනෙක් පච කෙළියහ.

එනම් සිංහල චිත‍්‍රපටි නිළියක් වන නිම්මි හරස්ගම ඇයගේ ස්වාමි පුරුෂයා වන අර්ජුන් එදිරිවීරසිංහම් සහ කැනඩාවේ සිට පැමිණි තිරුබාහරන් යන අයයි. මේ හැත්තට රටක් නැත. ජාතියක් නැත. රටට පච කෙළිමින් සිරුරු ඩොලර්වලින් සතපවා ගන්නට ඇත්නම් ප‍්‍රභාකරන් සමග වුවද එකට නිදි වදිනවා ඇත. දැන් රටට ද්‍රෝහී වීමේ කුපාඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන චන්ද්‍රිකා නෝනා ගැන නම් කිසිම අනුකම්පාවක් කළ නොහැකිය. ඇයගේ ඉතිහාසය යළි අවුස්සා බැලිය යුතුය.

රනිල් වික‍්‍රමසිංහ 2005 දී ඉල්ලාගෙන කෑවේය. ඔහු 2005 ජනාධිපතිවරණයක් ඉල්ලා ගෙන මාතර සිට කොළඹට ජන බල මෙහෙයුම දියත් කොට නටමින්, ගයමින්, රබන් වාදනය කරමින් ඉතා සතුටින් කොළඹට ආවේය.

ශ්‍රේෂ්ඨාධිකරණය වික‍්‍රමසිංහ මහතාගේ ජනබල මෙහෙයුම නිසා නොව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පදනම් කරගෙන 2005 ජනාධිපතිවරණය පැවැත්වීමට නියම කළේය. චන්ද්‍රිකා පපුව නතර වූවා සේය. තවත් වසරක් පිස්සු කෙළින්නට ඇය සිතා ගෙන සිටියේ ඊළඟට ජනාධිපතිවරණයට එන මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනතා පදනම විනාශ කරන්නටය.

රනිල් වික‍්‍රමසිංහ පී‍්‍රතියෙන් ඉපිල ගියේය. ජනාධිපති පුටුව හීනෙන් පවා දුටුවේය. ඊළඟට රටේ රාජා තමන් බවට සිතා ගෙන රට වටේ ගියේය. චන්ද්‍රිකා නොදී බැරි කමට ජනාධිපති අපේක්‍ෂක තනතුර මහින්දට දුන්නේය. මහින්ද දිනුවේ ය. මහින්ද දිනූ විගස චන්ද්‍රිකා හමුවන්නට ගියේය. හදිසියේ ම දිවුරුම් දෙන්නට එපා යයි චන්ද්‍රිකා හඬා වැලපුණේ ය. ගැහැනියකගේ බල තණ්හාව හොඳටෝම ඉස්මතු වූයේ එදාය. ඇයගේ කඳුළුවලින් මහින්ද රැවටුණේ නැත. පසුවදාම දිවුරුම් දුන්නේය.

තණ්හාව, ඊර්ෂ්‍යාව චන්ද්‍රිකා තුළින් දෝරේ ගැලුවේය. වතුර බේසමේ දඟලමින් සිටි පුංචි කිරි කැටි බිළිඳ්‍රට දෂ්ඨ කළ පොළඟාට නයා දඬුවම් කළේය. එදා සිට නයි පොළොන් වෛරය පටන් ගත්තේ ය. චන්ද්‍රිකාටත් ඇත්තේ සුව කළ නොහැකි වෛරයකි.

එසේ වෛරයක් නැතිනම් රට ජාතිය වෙනුවෙන් වසර 11 ක් පණ දෙන්නට කයිවාරු ගැසු නායිකාවක් කෙසේ නම් රට ගැන බොරු කියන්නේ ද? පචමල්ල දිග හරින්නේ ද? එන්ඩීටීවී රූපවාහිනිය ඉදිරියට ගොස් ශී‍්‍ර ලංකාවේ මිනිසුන් මරන බව කීවේ එදා චන්ද්‍රිකා රට පාලනය කරද්දී ශී‍්‍ර ලංකාවට ණය දෙන්නට එපා යැයි රට රටවලට ගොස් රනිල් කළ දේම ය.

සුනන්ද දේශපි‍්‍රය සල්ලි කුට්ටි පිටින් කාබාසිනියා කළ හැටි දැන් හෙළිවෙමින් පවතී. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ගනුදෙනු දැන් පිරික්සමින් සිටී. අන්තර්ජාතික මාධ්‍ය සංවිධානයේ නියෝජිත තනතුර ගත්තේ ද රුපියල් ලක්ෂ දෙකකට ය. නම දේශපි‍්‍රය වුවත් කරන්නේ දේශද්‍රෝහී කි‍්‍රයාය.

තමන් උපන් රට ගැන බොරු කියන්නට තරම් ශී‍්‍ර ලංකා මාතාවගේ පුතුන් අවජාතක වන්නේ අපේ ම අවාසනාවටය. ඔය විදියට රට උකසට තබා ලෝකයට පච කියා සල්ලි සොයනවාට වඩා පොල් ලෙල්ලක් බඩේ බැඳගෙන සිය දිවි නසා ගැනීම ඉතා අගනේය. ශී‍්‍ර ලංකාව ගැන පච කෙළින්ට සුනන්ද වෙනුවෙන් වැය කළ මුදල රුපියල් ලක්ෂ විස්සක් බව ද කියති. මේ විදියට ජරාව කෑවාම කොහොමටවත් දිරවන්නේ නැත.

කෙසේ වෙතත් මේ කාලකණ්ණි රොත්තම ජිනිවා සමුළුවට ඉදිරිපත් කළ පච එම සමුළුව ප‍්‍රතික්ෂේප කළේය. අප මීට කලින් සඳහන් කළාක් මෙන් ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් ඉතිරී ගිය චන්ද්‍රිකා දැන් ලෝකය වටේ යමින් අත් පති‍්‍රකා බෙදන්නේ ශී‍්‍ර ලංකාවේ මිනීමරන බව කියමිනි. ප‍්‍රභාකරන් සිවිල් වැසියන් මරන බව මේ අම්මණ්ඩියට පේන්නේ නැත.

දරුවන් බලෙන් යුද්ධයට බඳවා ගන්නා බව ඇය පිළිගන්නේ නැත. චන්ද්‍රිකා නෝනා ප‍්‍රසිද්ධ වේදිකාවේ කළ අභීත ප‍්‍රකාශයක් තවමත් රැව් පිළිරැව් දෙයි. ප‍්‍රභාකරන් ගේ යථා ස්වරූපය අවබෝධ වූ විට දෙමළ ජනතාව ඔහුට එළව එළවා පහර දෙන බව ඇය කියා සිටියාය. දැන් සිදුවන්නේ එයයි. එහෙත් එදා එසේ අභීත ප‍්‍රකාශ කළ ඇය අද ප‍්‍රභාකරන්ගේ පස්සා පැත්ත අත ගාමින් තල්ලුව දෙන්නේ මහින්දට එරෙහිව නැගී සිටින්නට ය. මේ අම්මණ්ඩියට උතුරේ මරණ දරුවන් ගැන අනුකම්පාවක් තිබේ නම් රටට එරෙහිව බෝක්කු කට අරින්නේ ම නැත.

1994 අගෝස්තු මස 16 වැනිදා චන්ද්‍රිකා අගමැති පදවියට පත් වන බව ‘ඉරහඳ’ට ප‍්‍රකාශ කළේ මහා ජ්‍යෝතිෂ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා ය. ඔහු එම අනාවැකිය ඔහු සටහන් කළේ ඉරහඳ පුවත්පතෙහි ය. මේ ජ්‍යෝතිෂ්‍යවේදියා ළඟදී මාණික්‍යට මුණ ගැසුනේ ය.

“ඔබගේ අනාවැකි කිරි ගහට ඇන්නා වගෙයි; චන්ද්‍රිකා ගැන කියාපු අනාවැකිත් හරි. මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන කී අනාවැකියත් හරි. දැන් ඉතින් මහින්ද රාජපක්ෂ මැතිතුමා මාතෘ භූමිය නිදහස් කරගන්න මොහොතයි. ඒ වේලාවේදී කවුරුත් එතුමාට සහාය දිය යුතුයි නේද? එහෙම තීරණාත්මක මොහොතක ඇතැම් පිරිස් රට රටවල ගිහින් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රතිරූපයට හානි වන කතා කීම ගැන ඔබතුමා මොකද කියන්නේ”

සුමනදාස මහතා - මාණික්‍ය අහන්නේ කවුරු ගැන ද?

මාණික්‍ය - ඇයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා - මංගල

සුමනදාස මහතා - මම කිව්වයි කියල ලියා ගන්න. 2009.09.09 වෙන කොට ඔය නම ජනතාවට එපා වෙලා මැකිල ම යනවා. ඒ නෝනා නිසා බණ්ඩාරනායක නමත් නැතිවෙලා යනවා. අන්තිමට ඒ නෝනට වෙන්නේ අර එස්.බී. මහත්තයා කියපු එක තමයි. ඇත්තටම දුකයි. ඉතින් මොනවා කරන්න ද? විහින් කරගන්න දේවල් නේ. මවුබිමට ගරහන හැමෝටම වෙන්නේ ඔය ටිකම තමයි.

සුමනදාස මහතා තවදුරටත් මෙසේ කියා සිටියේ ය.

“මොන කුමන්ත‍්‍රණ කවුරු කළත් පලක් නැහැ. මේ මාතෘ භූමියේ කේන්ද්‍රයට අනුව ඉදිරියට දසක පහක්ම රජකම් කරන්නේ රාජපක්ෂවරුන්.

ඔහු අවසන් වශයෙන් මෙසේ කීය.

“විකෘති ආශාවන්ගෙන් පෙළෙන අයට මේ රටේ රජකම පල දෙන්නේ නැහැ. කවදාවත් නායකත්වය දරන්නට හිමිකම් ලැබෙන්නේ නැහැ. අපි සර්ව ආගමිකව එකට ජීවත් වුණත් මේක එදා සිට බෞද්ධ රාජ්‍යයක්. ජ්‍යෝතිෂය අනුව එදා විජය, දුටුගැමුණු රජකම් කළ එක හොඳම සාධකයයි.”

මේ රටේ බොරුවට ආයුෂ නැහැ. පසුගිය දවසක අලුත් ඡ්‍යෝතිෂ පත‍්‍රයක් ජනාධිපතිතුමාගේ කේන්ද්‍රය බොරුවට හදල ජනතාව නොමඟ යවනවා. ඒ වගේ බොරු කාරයන්ට රැවටෙන්න එපා කියල මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


කෘතහස්තට එරෙහි සටන උග‍්‍රය. එක්සක් ජාතික පක්ෂ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට නායකයා එපා යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම කෙළින්ම කියා සිටියහ. “අපට ඔබ ගැන විශ්වාසයක් නෑ” ඔවුහු කීහ.

නායකයා කෙරෙහි විශ්වාසයක් නැතැයි කියන යෝජනාව ඉදිරිපත් කළේ පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාය. ස්ථිර කළේ රංජිත් මද්දුමබණ්ඩාර මහතාය. මෙහිදී කෘතහස්තට පක්ෂව කතා කළේ පක්ෂයේ උප නායකකම දෙන බවට පොරොන්දු වී සිටින ගාල්ලේ වජිර අබේවර්ධන මන්තී‍්‍රතුමාය.

මෙහිදී වේගයෙන් කතා කළ කුරුණෑගල ඉන්දික බණ්ඩාරනායක “පක්ෂය කන්න එපා මිනිහෝ” කියමින් ගහන්නට පැන්නේය.

පිටුපස සිටි මන්තී‍්‍රවරු “මුට්ටිය අල්ලන්න එපා මෝඩයෝ රනිල්ට කඩේ යන්න එපා කට වහගෙන වාඩිවෙයන් බූරුවෝ” යනුවෙන් බැන වැදුණහ.

”මෙහිදී ඉන්දික බණ්ඩාරනායකට වඩා හොඳට කතාකළේ රුක්මන් සේනානායකයි.

”නායකතුමනි, මෙතැන තියෙන්නේ පක්ෂයේ ව්‍යවස්ථාව පිළිබඳ ප‍්‍රශ්නයක් නෙවෙයි ලජ්ජාව බය සම්බන්ධ ප‍්‍රශ්නයක්. ඔබතුමාට ඔය දෙකම නැහැ. මේ විදියට මන්තී‍්‍රවරුන්ගෙන් පාච්චල් වෙවී ඔය පුටුවේ ඉන්න ලැජ්ජා නැද්ද? ඔබතුමා හදන්නේ මේ පක්ෂය වළ දමන්නද” රුක්මන් කෙළින්ම ඇසුවේය.

රුක්මන් රනිල්ගේ මාධ්‍ය නඩයට ද බැණ වැදුණේය.

”මේ පක්ෂය කෑවේ ලසන්ත. ලසන්ත කෑවේ ඔබතුමායි අනෙක් එවුන්. අර ‘ලංකාදීපෙ’ තුන්දෙනා. ඔබතුමා උන්ගේ ලණු කෑවා”

රුක්මන් රනිල්ගේ මූණටම කීවේය.

”මලික් අනෙක් ගේම් කාරයා” රුක්මන් කීවේය.

පක්ෂයේ උප නායකකමක් රවි කරුණානායක නම් සිහින කුමාරයාට දෙන බවට කෘතහස්ත පොරොන්දු වී තිබේ. ඒ නිසාම දෝ රවි මේ දිනවල හිටු කිය කියා කේලම් කියයි. මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදී රවි කට ඇරියේ ඈනුමක් ආවා නම් පමණි. සජිත්, රවින්ද්‍ර සමරවීර, ජයලත් ජයවර්ධන, දයාසිරි ජයසේකර ඇතුළු කීපදෙනෙක් රනිල් මුලසුනේ තබාගෙන දෙහි කැපූහ.

අර්බුදය උග‍්‍රවෙද්දී රනිල් යන්නට නැගිට්ටේය.

”එහෙම යන්න දෙන්න බෑ. මේක දෙකෙන් එකක් බේරගන්න ඕන.” මන්තී‍්‍රවරුන් එහෙම කියද්දී රනිල්ගේ මුහුණ ඉදුණු ගොරක ගෙඩියක් මෙන් ෂය. ඔහු හෙමින් සීරුවේ වාඩි විය. මෙහිදී රනිල් ගෝලයන්ට කතා කළේය. සිය ජංගම දුරකථනයෙන් ‘ලංකාදීප’ නියෝජ්‍ය කර්තෘවරයකුට සහ කලවැදි චින්තකට කතා කළේය.

කෘතහස්ත - ඇහෙනවා නේද මේ ගොල්ල කියන දේවල්. මේ එකක්වත් පත්තරවල මුල් පිටුවට එන්න බැහැ. Highlight වෙන්න බැහැ.

කෙසේ හෝ පැය දෙකක් පමණ හොඳටෝම බැණුම් ඇසූ කෘතහස්ත හෙමිහිට මාරුවී ගියේ දවල් 11ට පමණය. කෘතහස්තගේ නායකත්වය ප‍්‍රතික්ෂේප කිරීමටත්, ඔහුගේ නියෝග ගණන් නොගැනීමටත් මන්තී‍්‍රවරු තීරණය කළහ.

මන්තී‍්‍රවරුන් ඊළඟට පිඹුරුපත් සකස් කළේ මාධ්‍ය නඩයේ කලවැදි චින්තක මඩ ජයතුංග පල්ලියේ පඩි උපුල් ගැනයි. අද රැස්වීමේ තොරතුරු ඒ අය විකෘති කරනු ඇතැයි මන්තී‍්‍රවරු කීහ. උන් ටිකට ද නොබෝ දිනකින් පාඩමක් ඉගැන්විය යුතු බවද ඔවුහු ප‍්‍රකාශ කළහ. එමෙන්ම ඉදිරි කාලයේදී පත්තරවල ප‍්‍රධාන කර්තෘවරුන් හමුවී මාධ්‍ය නඩය ගැන දැනුම්වත් කිරීමක් කිරීමට ද තීරණය කළහ.

ආණ්ඩුව කිඹුහුමක් ඇරියත් එය Breaking News වන මහාරාජාගේ සිරසට එජාපයේ පිපිරීම ප‍්‍රවෘත්තියක් නොවීය.

රනිල් වික‍්‍රමසිංහ මහතා 2005 ජනාධිපතිවරණයෙන් පැරදුණේය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත්විය. එදා සිට රනිල් වික‍්‍රමසිංහට ඔහුගේ මාධ්‍ය නඩයත් එළුවා පස්සේ ගියේ වැටෙන තුරුය. වැටෙනු තබා හෙල්ලුනේවත් නැත. සිතුවාටත් වඩා ආණ්ඩුව ශක්තිමත් විය. එජාපයේ ප‍්‍රබලයෝ ද මහින්ද වටා එක්වූහ.

දැන් ආණ්ඩුව වැටෙන්නේ නැත. දැන් කළ යුත්තේ මඩ ගැසීමය. වෙන කාටවත් නොව රාජපක්ෂ පවුලටය. එය මඩ පොතක් ලෙස සකස් කරනු ඇත. මඩ පොතට, මහින්ද ගෝඨාභය, බැසිල්, නාමල් සියල්ල ඇතුළත්ය. මඩ පොතේ නිර්මාතෘ රනිල් වික‍්‍රමසිංහය. කර්තෘ කලවැදි චින්තකය. සෙසු සාමාජිකයෝ මඩ ජයතුංග, පඩි උපුල්, පියසේන දිසානායක සහ සමන් අතාවුදයි. මඩපොතට මුදල් පක්ෂ අරමුදලෙනි.