හාමුදුරුවන්ගේ සහ ජනාධිපතිතුමාගේ ආදර්ශය

 
 

රනිල් යයි! කරු එයි?

 
 

මුහුදු කොටි ප‍්‍රබලයෙක් පුදුමාතලන් සටනේදී මරු දකී

 
 

මේ රටේ රජකම පල දෙන්නේ නැහැ

 
 

යුද්ධය දිනා අවසානයි ආර්ථික අභියෝග ජය ගැනුම නියතයි

 
 

පෝස්ටර් වලින් ජනතාව රවටන්න බැහැ

 
 

සිනමාව පුංචි තිරය ජයගත් නිල්මිණි

 
 

ඉන්දීය මහා මැතිවරණයේදී ‘මායාවති’ විප්ලවයක් කරයිද?

 
 

ගොවිකමට හිත ගිය ඉංජිනේරුවා

 
 

ලංකා බෙල් ඇමතුම් ඕනෑම ජාලයකට නොමිලේ

 
 

වෙරළ රැකුණොත් රටත් රැකෙනවා බස්නාහිර - දකුණ

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

පිළිකාවට අත වනන තරබාරුව

 
 

මුදලට යටවී සිල්පද බිඳී අමනුස්සයන් බලවත් වූ හැටි

රනිල් යයි! කරු එයි?

පක්ෂ අභ්‍යන්තරයේ තවත් අවුලක් ගොඩනැඟෙද්දී...

රනිල් යයි! කරු එයි?

රනිල් වික‍්‍රමසිංහ මහතා එ.ජා.ප. නායකත්වයෙන් ඉවත් කොට ඒ වෙනුවට කරු ජයසූරිය මහතා පත්කිරීම ඉදිරි සතියේදී අනිවාර්යයෙන් ම සිදු වන්නේ යැයි එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයෙක් සිළුමිණට කීය.

එහෙත් මේ නව නායකත්වයට එරෙහිව කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තවත් පිරිසක් විරෝධය පළ කැර ඇති අතර ඔවුන් ගේ අදහස වී තිබෙන්නේ එස්.බී. දිසානායක මහතා හෝ රුක්මන් සේනානායක මහතා එ.ජා.ප. නායකත්වයට පත් කොට සජිත් පෙ‍්‍ර්මදාස මහතාට පක්ෂයේ වඩාත් කි‍්‍රයාකාරී තනතුරක් ලබාදිය යුතු බවයි.

කෙසේ වෙතත් එම මතභේදාත්මක තත්ත්වය තිබියදීම රනිල් වික‍්‍රමසිංහ මහතා එකඟතාව පළකොට ඇත්තේ කරු ජයසූරිය මහතාට නායකත්වය බාර දී තමා “ජ්‍යෙෂ්ඨ නායක ධූරය” බාරගැනීමට සූදානම් බවයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා මේ එකඟතාව පළ කොට ඇත්තේ පක්ෂ සංශෝධනය සඳහා පත් කළ විශේෂ කමිටුව ඉදිරියේය. එ.ජා.ප. ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරී සභාව රැස්වන්නේ මසකට වරක් වුව අදාළ තත්ත්වය සලකා බැලීම සඳහා හෙට 23 දා සවස 4.00ට විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

හෙට පැවැත්වෙන විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එ.ජා.ප. ව්‍යවස්ථාව ද සංශෝධනය කිරීමට නියමිත බව පැවසේ. ඒ අනුව නව නායකයාට පක්ෂයේ බලතල කීපයක් ද, ජ්‍යෙෂ්ඨ නායකත්වයට පත්වන රනිල් වික‍්‍රමසිංහ මහතාට පක්ෂයේ බලතල කීපයක් ද, පක්ෂයේ අතිවිශේෂ බලතල කීපයක් මන්තී‍්‍රවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවකට ද පැවැරීමට නියමිතය.

මීට අමතරව පක්ෂයේ නායකයා වසරකට වරක් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඡන්දයකින් තෝරා ගැනීමට හැකි වන පරිදි එ.ජා.ප. ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නියමිත බව එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයා ‘සිළුමිණ’ට කීය. පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධන කරන ආකාරය පිළිබඳව ගිය සතියේ පැවැති එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මහලේකම් තිස්ස අත්තනායක පැහැදිලි කිරීමක් කළ බවද එම ප‍්‍රකාශකයා කීය.

මීට අමතරව එ.ජා.ප. ප‍්‍රබලයින් ලෙස සැලකෙන සජිත් පෙ‍්‍ර්මදාස, එස්.බී.දිසානායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න යන එ.ජා.ප. මන්තී‍්‍රවරුන්හට විශේෂ තනතුරු කීපයක් ලබා දීමට නියමිත බවද වාර්තා වෙයි.