ඊ විමල්සිරි සිල්වා මහතා - අලුත්ගම, කළුවාමෝදර කන්දේවිහාර පාරේ පදිංචිව සිටි විශ‍්‍රාමලත් ග‍්‍රාම නිලධාරී සාමවිනිසුරු ඉදිරිමුනි විමල්සිරි සිල්වා මහතා අවු. 62 ක් ආයු වළඳා හදිසියේ අභාවප‍්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2009.02.15 දින සවස 5.00 ට කළුවාමෝදර සුසාන භූමියේදී සිදුකරන බව දැනුම් දෙන්නේ ශ‍්‍රියා පුෂ්ප කාන්ති සිල්වා (බිරිඳ), දිළුම් මධුරංග සිල්වා (පුතා) ලංකා ඛනිජතෙල් සංස්ථාව ගාල්ල, අනුක්ෂි මධුරංගි (දුව) ඇතුලු ඥාති පිරිස. කන්දේවිහාර පාර, කළුවාමෝදර, අළුත්ගම.

කේ. වයි. ජී. සුගතපාල විශ‍්‍රාමලත් පාඨශාලා ආචාරිනී අමරා අමරතුංගගේ ස්වාමිපුරුෂයා වූද, ශීලා ජයරත්න කේ.වයි. ජී. පෙ‍්‍ර්මරත්න, කේ. වයි. ජී. පෙ‍්‍ර්මතිලක යන අයගේ සොහොයුරා වූද, පාරමුල්ල “සිරිනිවසේ” පදිංචිව සිටි කේ. වයි. ජී. සුගතපාල මහතා අභාවප‍්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු නිට්ටඹුව මල්වත්ත ආදාහනාගාරයේදී ඉරිදා සවස 4.00 ට සිදු කෙරේ. අවමංගල්‍ය පෙරහැර සවස 3.00 ට නිවසින් පිටත්වේ. සියලු ඥාති මිත‍්‍රාදීන්ට සංවේගයෙන් දන්වා සිටිමු.

විජයසිංහ - ලින්කන්: (විශ‍්‍රාමික සිවිල් ඉංජිනේරු, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව) සරෝජා ගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, සුබෝධ (කැල්ටෙක්ස්) සහ ජයේන්ද්‍ර (එයාර් ටෙල්) ගේ ආදරණීය පියාණන් වූද, දනූෂා සහ ලක්ෂ්මි ගේ ආදරණීය මාමණ්ඩිය අභාවප‍්‍රාප්ත විය. අවසන් කටයුතු පෙබරවාරි 15 වන ඉරිදා සවස 5.00 ට ගල්කිස්ස සුසාන භූමියේදී සිදුකෙරේ. අවමඟුල් පෙරහැර සවස 4.00 ට නිවසින් පිටත්වේ. 179, හිල්වීදිය, දෙහිවල.

ගාමිණී පෙරේරා ලියනගේ මහතා - සංවේගයෙන් දැනුම් දීමයි. නැසීගිය විශ‍්‍රාමලත් පොලිස් නිලධාරි එල්.ඊ. පෙරේරා මහතාගේ සහ එල්.ඩබ්ලිව්. දයාවතී පෙරේරා වීරසිංහගේ (විශ‍්‍රාමලත් විදුහල්පතිනිය), දයාබර දෙටු පුත්වූද, නැසීගිය ලිලියට් පෙරේරා ගේ ස්වාමිපුරුෂයා වූද, නීල් සහ ඇන්ඩෲගේ ආදරණීය පියාණන් වූද, රෝහිණී, නැසීගිය කුසුම් (එංගලන්තය), ආනන්ද (එංගලන්තය), යන අයගේ සොහොයුරු වූද, ඇතුල්කෝට්ටේ, වික‍්‍රමසිංහ පාර 982/2 නිවසේ විසූ ගාමිණී පෙරේරා ලියනගේ මහතා එංගලන්තයේදී අභාවප‍්‍රාප්ත විය. අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේදී ඉරිදා ප.ව. 3.30 ට සිදුකෙරේ. නො. 47/22, ලියනගේ මාවත දරන නිවසෙන් පිටත්වීම ඉරිදා ප.ව. 2.30 සිදුකෙරේ.