
හෝම්ස් ගේ
ජගත් හඬ
ශ‍්‍රීලංකා රජය යුද්ධ එකින් එක ජයගනිමින් සිටී.
ඡන්ද යුද්ධය ඉතා පහසුය. ප‍්‍රතිවාදීහු කරකියාගත හැකි දෙයක් නොමැති තරමට ම දුර්වල වී
ඇත්තාහ. ඔවුන්ට ඉතිරිව ඇත්තේ පරාජයන්ට හේතු දැක්වීම පමණි. ඒ හේතු ද හැමදාමත්
ඉදිරිපත් කරන පිළුණු වූ ඒවා ය.
කොටි ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය ද රජය ජය ගනිමින් සිටී. දැන් ඒ මෙහෙයුම් අවසාන සහ
තීරණාත්මක අදියරට පැමිණ ඇත්තේ ය.
දිනෙන් දින හෙළිදරව් වන තොරතුරු ඇතැම් විට විස්මය
දනවයි. ත‍්‍රස්තවාදීන් මේ අවසාන යුද්ධයට මුහුණ දීම සඳහා පසුගිය සටන් විරාම සමයේදී
කෙතරම් සූක්ෂම සහ පුළුල් ලෙස සූදානම් වූයේ ද යන්න හෙළිදරවු වන තොරතුරුවලින් මනාව
පැහැදිලි වෙයි.
බර අවි, බෝම්බ කම්හල්, ඉන්ධන ගබඩා, සන්නිවේදන මධ්‍යස්ථාන, යාන වාහන ආදිය පමණක් නොව
කිලෝමීටර් ගණන් දිග පස්කඳු දිය අගල්, මර උගුල්, කටුකම්බි වැටවල් මෙයට සාක්ෂි සපයයි.
එහෙත් ඒ සියල්ල දැන් ඔවුන්ට අහිමි වෙමින් පවතී. ඉතා කුඩා බිම් කඩක් වන තෙක් ඊළාම්
සිහින රාජ්‍යයේ පතුරු ගැලවී ගොස් තිබේ. ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ පූර්ණ
ජයග‍්‍රහණ නුදුරු දිනෙකදී ලැබෙනු ඇත.
රජයට මුහුණදීමට සිදුවූ අසීරුම යුද්ධය බවට පත්ව තිබුණේ අන්තර්ජාතික බලවේග කි‍්‍රයාවට
නැංවූ යුද්ධය යි. එහෙත් ඒ යුද්ධය ද දැන් රජය ජයගෙන අවසාන ය. අන්තර්ජාතික බලවේගවල
මහා බලකොටුව වූ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානුෂිය කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම්
ශී‍්‍රමත් ජෝන් හෝම්ස් පසුගිය දා අප රටට පැමිණ, කළ ප‍්‍රකාශය කාලතුවක්කු උණ්ඩයක් සේ
ත‍්‍රස්තවාදයේ හිස මතට පතිත විය.
“උතුරේ සාමාන්‍ය ජනතාවට එල්ල කරන ප‍්‍රහාර නවතා දමන්න. ඔවුන්ට ආරක්ෂිත ස්ථාන වෙත
යාමට ඉඩ දෙන්න.”
නියෝජ්‍ය ලේකම්වරයා ප‍්‍රභාකරන්ට දන්වා සිටියේ ය.
එසේ ම ශී‍්‍ර ලංකා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත් උතුරු ප‍්‍රදේශයේ සිදුකරන
සංවර්ධන කටයුතු සඳහා කි‍්‍රයාකාරීව සහයෝගය දැක්වීමටත් සූදානම් බව ඔහු ගෙන් ප‍්‍රකාශ
විය.
මෙවැනි සෘජු ප‍්‍රකාශයක පැහැදිලි හඬක් මින් පෙර ජගත් සංවිධානය පැත්තෙන් ඇසුණේ නැත.
බොහෝ විට ඇසුණේ “මෙහෙයුම් නතර කරන්න, සාකච්ඡා කරන්න, මානව හිමිකම් කඩ නොකරන්න” ආදි
ප‍්‍රකාශය.
හෝම්ස් මහතා මෙවැනි ප‍්‍රකාශයක් නිකුත් කිරීමෙන් පමණක් නොනැවතී කොටි ග‍්‍රහණයෙන්
ගැලවී හමුදා පාලන ප‍්‍රදේශවලට පැමිණි සිවිල් ජනතාව මුණගැසීමට වන්නියට ද ගියේ ය.
ඒ නම් කදිම ප‍්‍රතිචාරයකි. මෙතෙක් කල් කොටින් විසින් සහ කොටි හිතවාදීන් විසින් මවා
පානු ලැබු ව්‍යාජ චිත‍්‍රය සම්පූර්ණයෙන්ම අහෝසි වනු නියත ය.
ඒ නිසා හෝම්ස් මහතාගේ පැමිණීම සහ කළ ප‍්‍රකාශ කාලතුවක්කු උණ්ඩ සේ පතිත වූයේ
ත‍්‍රස්තවාදයේ හිස මත පමණක් නොවේ. කොටි ත‍්‍රස්තවාදය ආරක්ෂා කරමින්, පෝෂණය කරමින්,
සිත් සේ වැඩෙන්නට පිෂ්ඨය, විටමින්, පේර¤ටීන් තෙල් සහ මේද පමණක් නොව උඩගෙඩි ද
දුන් සියලු ම ආකාරයේ ජාතික සහ විජාතික එන්ජීඕ නඩවල හිස්ගෙඩි ද මානව හිමිකම් නැති,
මාධ්‍ය නිදහසක් නැති අසමත් රාජ්‍යයක් ලෙසින් අපේ රට අන්තර්ජාතිකත්වය ඉදිරියේ දෙකේ
කොළයට ඇද දමන්නට තැත් කළ අවස්ථාවාදී දේශපාලකයන්ගේ හිස් ගෙඩි ද මේ වෙඩි උණ්ඩවලින්
පුපුරා ගියාට සැකක් නැත.
ලිප්ටන් වටරවුම, කොටුවේ දුම්රිය පොළ ඉදිරිපිට සහ තවත් තැන් තැන්වල රැස්වෙමින් මේ
පරගැති එන්ජීඕ නඩ සහ දේශපාලන නඩ පසුගිය කාලය පුරාම කෑ ගැසුවේ මේ අන්තර්ජාතික බලපෑම්
ඉදිරියේ රජය පරාජයට පත්කොට කොටින්ට ජයග‍්‍රහණය ලබාදීමට ය. ඇතැම් අවස්ථාවලදී එය
සාර්ථක නොවූවා නොවේ. එහෙත් තීරණාත්මක අදියරේදී ඒ සියලු ද්‍රෝහි නඩ පරාජය කරමින් රජය
ජය ගෙන ඇත. දැන් පොදුවේ මුළු ලොවම රජය සමඟ ය.
ජගත් සංවිධානයේ මානුෂිය කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම්වරයා ගේ මෙන්ම, ඉන්දීය රජයේ
බලධාරීන්ගේ හඬ ද කියා පාන්නේ එයයි.
තමිල්නාඩුවේ ඇතැම් කොටස් ඉන්දීය පාර්ලිමේන්තුවේ පවා කොටින් වෙනුවෙන් කෑ ගසද්දි
ඉන්දිය රජය, ශී‍්‍ර ලංකාවේ ස්වාධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටිනවා පමණක් නොව අවි බිම
තබා රජයට අවනත වන්න යැයි කොටින්ට ප‍්‍රකාශ කරන තරමට ඉදිරියට පැමිණ ඇත.
මේ සියලු කරුණු අපට කියා පාන්නේ ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නය ඔවුන්
යථාර්ථවාදීව වටහා ගෙන ඇති බව ය.
“ශී‍්‍ර ලංකාවේ කොටි ත‍්‍රස්තවාදයට හිස එසවීමට ඉඩදීම යනු ලෝක ත‍්‍රස්තවාදයට හිස
ඔසවා ව්‍යාප්ත වීමට ඉඩදීමක් වනු ඇත.”
එසේම ශී‍්‍ර ලංකාවේ කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීම යනු ලෝක ත‍්‍රස්තවාදය පරාජය
කිරීම සඳහා ගනු ලබන ශක්තිමත් පියවරක් වනු ඇත.
මේ යථාර්ථය ශී‍්‍ර ලංකා රජය වටහාගෙන දැන් වසර තුනකට ආසන්න ය. එහෙත් ජගත් ප‍්‍රජාව ද
ප‍්‍රමාද වී හෝ මේ යථාර්ථය වටහාගෙන ඇත්තේය. ඉන්දීය මධ්‍යම රජයේ ප‍්‍රතිචාර මෙන්ම
ජගත් සංවිධානයේ හෝම්ස් මහතාගේ ප‍්‍රතිචාරය ද කියා පාන්නේ එයයි.
ජගත් සංවිධානයේ මානුෂීය කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් ශී‍්‍රමත් ජෝන් හෝම්ස්
මහතාගේ ශී‍්‍ර ලංකා සංචාරය වැදගත් වන්නේ ඒ නිසා ය. |