කොටින්ගේ දිය යට සෙල්ලම් ඉවරයි
කොටින්ගේ දිය යට සෙල්ලම් ඉවරයි
තම සිහින රාජ්‍යයේ අවසානය පුදුකුඩිරිප්පු නගරයෙන් කෙළවර වේ යැයි කොටි නායක
වේළුපිල්ලේ ප‍්‍රභාකරන් කිසිදා සිහිනෙකින් වත් නොසිතන්නට ඇත.
එහෙත් ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදා වසර තුනක් ඇතුළත සැලැසුමකට අනුව කරන ලද යුද
මෙහෙයුම් හමුවේ කොටින්ට ක‍්‍රම ක‍්‍රමයෙන් පසුබැස අවුත් අවසානයේ පුදුකුඩිරිප්පු
නගරයේ දී සිවිල් ජනතාවට මුවාවී අන්තර්ජාතික ප‍්‍රජාවේ පිහිට පතන්නට සිදුවිය.
අන්තර්ජාතික ප‍්‍රජාව හමුවේ කොටි නායකයා ඇතුළු පිරිස පාරම් බෑ බොරු දැන් හෙළිවී
ඔවුන්ගේ නිරුවත හොඳින්ම පෙනෙන්නට පටන්ගෙන ඇත.
පසුගිය සති කීපය ඇතුළත රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණි අවතැන් වූවනට වැට බඳින්නට තැත්
කළ කොටි ත‍්‍රස්තවාදීහු මිනිස් බෝම්බයක් එවා විශ්වමඩුහිදී ඝාතන කිහිපයක් සිදු කළහ.
පලා එන්නවුන්ට හා රෝගීන්ට වෙඩි තබා මරා දැමීමෙන් පසුගිය දින කීපයකදී එසේ එන පිරිස්
අඩු වුවද දැන් දිනපතා එන පිරිස් ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩි වෙන්නට පටන්ගෙන තිබේ.
මේ වසර ඇතුළත පසුගිය බදාදා වන විට එසේ රජයේ පාලන ප‍්‍රදේශවලට ආ පිරිස 35756 කි.
පෙබරවාරි මාසයේ දින දහඅටකදී ආ පිරිස 31908 කි. මේ අනුව මේ මාසයේ ආ අවතැන් පිරිස්වල
වැඩිවීමක් දක්නට ලැබේ. එය එන්න එන්නම ශීඝ‍්‍රයෙන් වැඩිවෙයි.
මෙයට අමතරව අන්තර්ජාතික රතු කුරුස සංගමය හරහා ති‍්‍රකුණාමලයට ගී‍්‍රන් ඕෂන් නැවෙන්
රැගෙන ආ රෝගීන්ගේ ගණන 1117 කි. රෝගීන් සමග පැමිණි සහායකයන් 494 දෙනෙකි.
මේ අතර කතෝලික පූජකවරුන් පිරිසක් ද විශ්වමඩු හරහා විත් 58 වන සේනාංකයට එක්වූහ. දැන්
ඔවුහු සුබ සාධනයට යොමුකොට සිටිති.
මේ පිරිස් වන්නියේ පුදුකුඩුඉරිප්පු ප‍්‍රදේශයේ කොටි ග‍්‍රහණයට ලක්වී නොවිඳිනා දුක්
විඳින බව එසේ ආ අයගේ කතාවලින් පැහැදිලි වෙයි. ඔවුන් එහි ජීවත්වන්නේ මරණය හිස මත
තබාගෙන යැයි කීවොත් නිවැරැදිය.
වර්ග කිලෝමීටර 15000 ක සිය සිහින රාජ්‍යය වර්ග කිලෝමීටර් 100 දක්වා අඩුවෙද්දි
ප‍්‍රභාකරන් ඇතුළු ගෝලබාලයන් හට සැඟවෙන්නට පවා තැනක් නැතිවිය. දැන් ඔවුහු දෙමළ
සිවිල් ජනතාව මිනිස් පළිහක් කොට ගෙන හමුදා ප‍්‍රහාරයන් ගෙන් බේරීමට ජනතාව අතරම
සැඟවී සිටිති.
ඔවුන් සතු වූ අවි ආයුධ රථවාහන බෝම්බ කර්මාන්තශාලා ආදිය ගෙන යා නොහැකි තැන ඒ සියල්ල
හැර දමා ඔවුන් පලා ගියේ ද කිසිදු කැමැත්තකින් නොවේ. පුදුකුඩිරිප්පු නගරයට පලා යද්දි
කොටි ඔවුන් කලාන්තරයක් ඉතා ශක්තිමත් ලෙස තනා නිමකළ බෝම්බ කර්මාන්ත ශාලා, මුද්‍රණාල
බෝට්ටු නිෂ්පාදන හල් ඇතුළු සියලුම යන්ත‍්‍ර සූත‍්‍ර ආදිය විනාශ නොකළේ ඉතා වේගවත්ව
කරන ලද හමුදා ප‍්‍රහාර හමුවේ ඒ කිසිවක් රැගෙන යාමට හෝ විනාශ කිරීමට කාලයක් නොතිබුණු
හෙයිනි.
ඔවුන් තමන්ට අවශ්‍ය සම්පේ‍්‍රෂණාගාර, පුවත්පත් ආයතන බෝම්බ නිෂ්පාදනාගාර අවි ආයුධ
ගබඩා ආදි මේ සියල්ලන්ම නඩත්තු කළේ කිසි විටෙකත් මේවා දමා යන්නට හෝ අත්හැර දමන්නට
නොවේ.
ආරක්ෂක හමුදාවන් විසින් කොටි වළ දමා තිබු භාවිතා නොකළ අලුත්ම මී.මී. 130 කාලතුවක්කු
දෙකක් සොයා ගන්නා ලදී.
මේ කාලතුවක්කු දෙක හමුවූයේ පුදුකුඩුරිප්පු බටහිර ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් කරමින්
සිටි බි‍්‍රගේඩියර් කමල් ගුණරත්න ගේ නායකත්වයෙන් ඉදිරියට යන 53 සේනාංකයේ ලුතිනන්
කර්නල් ජයන්ත ජයවීර අණදෙන 533 බළසේනාවේ 5 වන විජයබා පාබල හමුදාවේ සෙබළුන් ටය.
සෝදිසි මෙහෙයුම් කරමින් සිටි සෙබළුන්ට වනාන්තරයේ පස් බුරුල් වී ඇති එක් ස්ථානයක්
උදළුවලින් හාරා බලද්දී කාලතුවක්කුවක කොටසක් හමුවූයේ අහම්බෙනි. ඉන්පසු බැකෝ යන්ත‍්‍ර
යොදාගෙන තවදුරටත් හාරා කරන ලද සෝදිසියේදී අඩි 8 ක් 10 ක් අතර ගැඹුරු ස්ථානවල
පොලිතින්වල ඔතා බහා තිබු කාලතුවක්කු දෙකක කොටස් හමුවිය. එකිනෙකට මීටර 200 ක් පමණ
නොදුරින් වළලා තිබු කාලතුවක්කුවල බඳ කොටස් ගොඩගන්නා ලද්දේ යුද ටැංකි මාර්ගයෙනි.
පලා යද්දි ගෙන යා නොහැකි මෙවැනි බොහෝ අවි ආයුධ පුදුකුඩුඉරිප්පු වනාන්තරයේ සඟවා ඇති
බව හමුදාවේ විශ්වාසයයි. රුපියල් කෝටි 8 ක් පමණ වටිනා චීනයේ නිෂ්පාදිත මේ කාලතුවක්කු
දෙක මුහුදු මාර්ගවලින් මුලතිව් හරහා ගෙන එන්නට ඇති බව හමුදාව සැක පළ කරයි.
එහි එක තුවක්කුවක් සමඟ දමා තිබු දින සටහනක් අනුව එය වළ දමා ඇත්තේ 2008 නොවැම්බර්
මාසයේය.
පුදුකුඩුරිප්පු නගරය දෙසට මෙහෙයුම් කරගෙන යන 57 සේනාංකයට තවත් භූගත අවි හා ඉන්ධන
ගබඩා කීපයක්ම සොයාගත හැකිවී තිබේ. භූමිතෙල් හා ඩීසල් අඩංගු බැරල් මෙන්ම ලීටර 210
ගී‍්‍රස් බැරල් 145 ක්ද ඊට අමතරව කොටින් විසින් අත්හැර දමා ගිය බැකෝ යන්ත‍්‍රයක්
මි.මී. 122 උණ්ඩ 9 මි.මී. 130 කාලතුවක්කු උණ්ඩ 4, කොටි ඇඳුම් කට්ටල මි.මී. 6,
මි.මී. 120 කාලතුවක්කු අවි කොටස් ආදි අවි විශාල ප‍්‍රමාණයක් ද සොයාගන්නට හැකිවී
තිබේ.
පුදුකුඩිරිප්පු බටහිර දෙසින් කෙළින්ම නගරය දෙසට ගන වනාන්තරය මැදින් මෙහෙයුම් කරන 58
වන සේනාංකයේ සෙබළුන්ට දරුණු ගැටුම්වලට මුහුණ දෙන්නට සිදුවිය. එහි තිබු යුද අගල් හා
බංකර්වල සිට හමුදාවට වෙඩි තැබු එල්ටීටීඊ සාමාජිකයන්ගෙන් සෙබළුන්ට එල්ල වූයේ දරුණු
ප‍්‍රහාරයකි.
බටහිර පුදුකුඩුරිප්පු සිටි ජනතාව උපක‍්‍රමශීලීව චලෙයි ප‍්‍රදේශයේ යුද මුක්ත කලාපයට
යැවු ආරක්ෂක හමුදා එල්ටීටීඊයට ප‍්‍රහාර එල්ල කළේ ඊට පසුවය.
 |
|
කොටින්ගේ බර අවි |
සාමාන්‍ය වැසියන් විසු කූඩාරම් හා තාවකාලික නිවෙස් කොටි යුද අගල් හා බංකර් බවට පත්ව
තිබිණ.
මේ ප‍්‍රහාරයෙන් කොටි සෑහෙන පිරිසක් මියගිය අතර මියගිය කොටි සාමාජිකයන්ගේ මළසිරුර
තැන තැන විසිරී තිබුණේ ඔවුන්ගේ ආයුධ ද සමගය. පලා ගිය එල්ටීටීඊ සාමාජිකයන්ගේ ආයුධ ද
බිම විසිරී තිබිණි.
මේ මළසිරුරු අසළට ළංවූ ආරක්ෂක හමුදාවන්ට ඔවුන්ගේ සන්නිවේදන උපකරණ කි‍්‍රයාත්මක වන
අයුරු දක්නට ලැබිණි. අන්ද මන්ද වූ කොටි නායකයින් සිය සාමාජිකයින් මියගිය බව නොදැන
ඔවුන් අමතන අයුරු ද සෙබළුනට ඇසිණ. මෙහිදී මියගිය කොටින් අතර සටන මෙහෙයවූ කොටි
නායකයා ද සිටින බව ඔවුන්ගේ සන්නිවේදන උපකරණවලින් හෙළි විය. මේ සටනින් පසු ඉදිරියට
58 වන සේනාංකයට එහි කළ සෝදිසි මෙහෙයුම්වලදී ගුවන් යානා එකලස් කරන, ගුවන් යානා
අලුත්වැඩියා කරන හෝ අලුතින් නිෂ්පාදනය කරන කම්හලක් අත්පත් කරගැනීමට හැකිවිය.
සියලුම එල්ටීටීඊ කි‍්‍රයාකාරකම් එක්තැන් කරන තෝතැන්නක් බඳු වූ පුදුකුඩිරිප්පු
වනාන්තරයේ රහසිගතව පවත්වාගෙන ගිය මේ ගුවන් යානා කම්හල අත්හැර පලා යද්දි කොටි ඊට
ගිනිතබා විනාශ කොට ගිය ද එහි ඇති සුන්බුන්වලින් බොහෝ රහස් ආරක්ෂක හමුදාවන්ට දැනගත
හැකිවිය.
ගුවන් යානා සැකිලි, ඒවා එකලස් කරන අයුරු සටහන්ව ඇති පිටරටින් ගෙන්වූ පොත් පත් ආදිය
විශාල ප‍්‍රමාණයක් එහි තිබුණ පිටරටක ගුවන්යානා සමාගමක ශාඛාවක් ලෙස යැයි කීවොත්
නිවැරැදිය.
මේ සියල්ල සඳහා විශේෂඥ සහාය ද ලබාගෙන ඇති බව පෙනෙන්නට තිබිණ. කැලේ සිටින කොටින්ට
මෙච්චර දෙයක් කිරීම කිසිසේත් කළ නොහැකිය. ඒ සඳහා ශ‍්‍රී ලංකා රජයට නොලද විදේශීය
සහයක් ලැබිය යුතුය.
කොටින්ගේ ගුවන් පථ හා ගුවන් යානා පැදවීමටත් ඒවායේ කි‍්‍රයාකාරකම් වලටත් විදේශීය
ගුවන් නියමුවන් පවා සිටි බවට ලැබී ඇති සාක්ෂි හා තොරතුරු සසඳන කළ පුදුම උපදවන කරුණු
අනාවරණය වෙමින් පවතී.
පුදුකුඩිරිප්පු බටහිර දෙසින් සතිය පුරා දැඩි සටනක යෙදුණු බි‍්‍රගේඩියර් ශවීන්ද්‍ර
සිල්වා මෙහෙයවු 58 සේනාංකය ඒ ප‍්‍රදේශය මුළුමනින්ම අත්පත් කරගන්නට සමත් වූයේ ඉකුත්
බ‍්‍රහස්පතින්දා සවස්වරුවේය.
අම්බලාවන් පොක්කරායි ගම්මානය හරහා නගරයට ඇතුළු වූ යුද හමුදාව දින හතරක් පුරා කළ
සටනේදි ත‍්‍රස්තවාදීන් 50 කට ආසන්න පිරිසක් මරා දැමූහ. මළ සිරුරු හතරක් හමුවු අතර
අනෙක් පිරිස් මියගිය හා තුවාල ලත් ත‍්‍රස්තවාදීන් ද රැගෙන පලා ගියහ.
මේ සටනේදී ත‍්‍රස්තවාදීන් සතුව තිබූ දියයටින් යා හැකි ජල යතුරු පැදි (under
water scooters) දෙකක් හමුවීම යුද ඉතිහාසයේ සුවිශේෂී සිද්ධියකි. මේ දියයට යා හැකි
කිමිදුම් කට්ටල ඔක්සිජන් සිලින්ඩර සහිත ජල යතුරු පැදි හමුවූයේ ප‍්‍රථම වරටය. ඒ සමඟම
නැව් විශාල ගණනක් පුපුරුවා ලිය හැකි අධිබලැති පුපුරන ද්‍රව්‍ය ඩෙටනේටර්
ජීවිතාරක්‍ෂක කට්ටල ආදි උපකරණ රැසක් ද හමුවීමෙන් පැහැදිලි වන්නේ නාවික හමුදාවට
තර්ජනයක් විය හැකි දරුණු වැඩපිළිවෙලකට කොටි සූදානම් වීමට අර ඇද ඇති බවයි.
මේ ජල ස්කූටර් මගින් දිය යටින් ගොස් ප‍්‍රහාර එල්ල කිරීමටත් කිසිවෙකුට නොපෙනී කොටි
නායකයාට වුව පැන යාමටත් හැකියාවක් තිබුණු බව යුද හමුදාව පවසයි. මේ දීර්ඝ කාලීන යුද
සැලසුමක කොටසක් විය හැක.
 |
|
හමුදාව සොයා ගත් දියයටින්
යා හැකි
ජල යතුරු පැදි කොටස් |
මෙවන් උපකරණ භාවිතා කළ හැක්කේ මනා පුහුණුවක් ලද නාවික භටයන්ට හෝ නාවික ක්‍ෂේත‍්‍රයේ
දක්‍ෂ කිමිදුම් කරුවන්ට පමණක් බව ද යුද හමුදා විශේෂඥයෝ පවසති.
මෙවන් යුද උපකරණ ශී‍්‍ර ලංකාවට පමණක් නොව අසල්වැසි ඉන්දියාවට පවා තර්ජනයක් විය
හැකිව තිබුණු බව පැහැදිලිය. කොටි ත‍්‍රස්තවාදීන් දිය යටින් ගොස් විශාල ප‍්‍රහාරයක්
කිරීමට අර ඇදගෙන සිටියා විය හැක. යුද හමුදා මෙහෙයුම් කි‍්‍රයාත්මක කොට කොටි මෙල්ල
කිරීමේ සටන ඇරඹී ඇත්තේ නියම වෙලාවටය. එසේ නොවුණා නම් මේවායින් සිදුවන විනාශය
පිළිබඳව තක්සේරු කිරීමට හෝ නොහැකිවනු ඇත.
මේ අතර පුදුකුරිප්පු නගරයට ආසන්නයේ ඒ 35මාර්ගය මීටර් 600 ක් දුරින් වනගත ප‍්‍රදේශයක
තිබී තවත් කොටි ඉන්ධන ගබඩාවක් සොයා ගැනීමට කර්නල් නිශාන්ත වන්නිආරච්චි මෙහෙයවන 4
කාර්ය සාධක බලකායේ ලුතිනන් කර්නල් ඉන්ද්‍රජිත් බණ්ඩාර අණ දෙන 641 බලසේනාවේ 18
ගැමුණු රෙජිමේන්තුව සමත් වී ඇත.
ඉතා රහසිගතව කටුකම්බිවලින් වටකොට රැස්කර තිබූ ඩීසල්, පෙට්රල් හා භූමිතෙල් ගබඩා
තුනක් මගින් එල්ටීටීඊ යට අවශ්‍ය තෙල් බෙදා හැර ඇත. මේවා රජය මගින් සහනාධාර වශයෙන්
සිවිල් වැසියන්ට ලබා දුන් ඒවාය.
කොටි මුළුමනින්ම යුදමය වශයෙන් පරාජය කළද මේ විදේශීය සබඳතා ද පරාජය කොට ඒවාට වැට
බැඳීම පසුකලෙක රජය විසින් කළ යුතු දෙයක් වෙයි.
මේ සියලු දේ පුදුකුඩිරිප්පු වනාන්තරයේ පිහිටවූයේ දවසකින් දෙකකින් නොවේ. මේවා බොහෝ
කලෙක සිට සැලසුම් සහගතව සූක්ෂ්ම ලෙස කර තිබෙන කටයුතුය.
මේ අතර දකුණින් පුදුකුඩිරිප්පු නගරයට ළඟාවන බි‍්‍රගේඩියර් රෝහණ බණ්ඩාර නායකත්වය දෙන
2 කාර්ය සාධක බළකායේ 621 බළසේනාධිපති ලුතිනන් කර්නල් අතුල ආරියරත්න මෙහෙයවන 6 වන
විජයබා පාබල හමුදා සෙබළුන් විසින් මහ වනයේ රහසිගතව පවත්වාගෙන ගිය තවත් කොටි බෝම්බ
කම්හලක් සොයාගනු ලැබිණ. මෙය බිම්බෝම්බ පුද්ගලනාශක බෝම්බ, විවිධ හැඩතලවලින් යුතු
ක්ලේමෝ බෝම්බ දහස් ගණනක් නිෂ්පාදනය කොට සඟවා තිබූ අයුරුත් තවත් දහස් ගණනක් බෝම්බ
නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය පුපුරණ ද්‍රව්‍ය ආදිය රැස්කොට තබා තිබූ අයුරුත් දකින්නට ලැබිණ.
ඝන වනාන්තරය මැද මේ සියල්ලක් කිරීමට අවශ්‍ය විදුලිය ලබාගැනීම සඳහා අතිනවීන විදුලි
උත්පාදක යන්ත‍්‍ර යොදාගෙන තිබිණ.
මේ සියලු දෑ හොරෙන්ම ගෙනා ඒවා ද නොවේ. 2002 සාම ගිවිසුම් සමයේ හා සුනාමි ආධාර
මුවාවෙන් ශ‍්‍රී ලංකාවේ වරායවලින් නැතහොත් ගුවන් මඟින් ගුවන්තොටුපළවලින් රජයේ ඇස්
වසා කන්ටේනර පිටින් ගෙන ආ ඒවාය.
පැය 24 පුරා මෙවන් විනාශකාරී බෝම්බ නිපදවූ කොටින්ට හරිහැටි කි‍්‍රයාත්මක වන්නට ඉඩ
තිබුණා නම් ශ‍්‍රී ලංකාවම ලේ විලක් වන්නට ඉඩ තිබිණි.
නිසිවේලාවට සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එඩිතරව කි‍්‍රයාකොට ආරක්ෂක
ප‍්‍රධානීන් ගේ සැලසුම් හරිහැටි කි‍්‍රයාත්මක නොකළා නම් මේ බෝම්බ, ගුවන් යානා,
නිෂ්පාදන මඟින් රටට සිදුවන අනර්ථය කොපමණ දැයි සිතාගත නොහැකි තරම්ය.
දක්ෂ නිර්භීත ආරක්ෂක හමුදා සේනාංක මෙහෙයවීම යටතේ මේ සියල්ල මර්ධනය කොට කොටි
දණගැස්වීම නිසා ශී‍්‍ර ලංකාව ලේ ගලන ලෙයින් පිරුණු භූමියක් වීම වැළකුණේ රටේ සියලුම
ජනතාවගේ වාසනාවටය.
ඊනියා සාම ගිවිසුම් මුවාවෙන් විදේශීය ‘කොන්ත‍්‍රාත්’ කරුවන්ගේ ආධාර ඇතිව ශ‍්‍රී
ලංකාවට කරන්නට ගිය මේ විනාශය නිසා රට මුළුමනින්ම අස්ථාවර වන්නට ද ඉඩ තිබිණ.
රටේ දැනට පවතින දේශපාලනමය හා යුදමය නායකත්වයේ අගය වැටහෙන්නේ ඒ සියල්ල සලකා බලන කලය.
මෙහිදී සේනාංකාධිපතිවරුන් බළසේනාධිපතිවරුන් මෙන්ම අණදෙන නිලධාරීන් ද සමඟ සෙබළුන්ගේ
විවිධ නිර්භීත කි‍්‍රයා පිළිබඳව සටන් පෙරමුණුවලින් අසන්නට ලැබේ. නොබියව තම ජීවිතය
රට වෙනුවෙන් පරදුවට තබා ඉදිරියට ගිය ජීවිත පූජා කළ, සිය අත පය පවා අහිමි වූ ඒ අභීත
සොල්දාදුවන්ට සිංහල දෙමළ මුස්ලිම් සියලුම වැසියන් ණය ගැතිය.
මෙසේ සතර අතින් වටකරගෙන පුදුකුඩිරිප්පු නගරයට පාබල හමුදා ප‍්‍රහාර එල්ල කරන අතර
මෙතෙක් ආ ජය මඟ ඉදිරියේ ගුවන් හමුදාව කළ සේවය පිළිබඳව ද යමක් පැහැදිළි කළ යුතුවෙයි.
පාබල හමුදාවන්ට සමගාමීව සටනට උරදෙමින් ගුවනින් පහරදෙන ගුවන් හමුදාව සතු කාර්යයන් 5
ක් වෙයි.
පාබල හමුදාවන්ට නොපෙනෙන වනාන්තරයත් සතුරු භූමියත් හොඳින් ගුවනින් නිරීක්ෂණය කරන්නේ
ගුවන් හමුදාවය. හමුදා ප‍්‍රහාර පැහැදිලි ලෙස ඉලක්කයට එල්ල කිරීමට මේ නිරීක්ෂණයන්
ඉවහල් වෙයි.
ඊළඟට ගුවන් හමුදාව විසින් කෙරෙන කටයුත්ත වන්නේ පාබල හමුදාවන්ට බාධාවක් වන විශාල
පස්බැමි, මර්මස්ථාන, කාලතුවක්කු පිහිටවූ ස්ථාන, බළකොටු ගුවනේ සිට විනාශ කිරීමයි.
ඉදිරි ගමනට බාධාවන ස්ථාන විනාශ කිරීමෙන් සතුරාගේ ප‍්‍රදේශයට ඇතුළුවීමට පාබල
හමුදාවන්ට පහසුවෙයි.
මෙතෙක් කල් ඉදිරියට ගිය ආරක්ෂක හමුදා සේනාංකයන්ට මඟ හෙළිපෙහෙළි කළේ ගුවන් හමුදාවයි.
සතුරාගේ යුද ශක්තිය හා චිත්ත ධෛර්යය විනාශ කිරීම ගුවන් හමුදාවේ ඊළඟ කටයුත්තයි.
මෙහිදී තමිල් චෙල්වම් වැනි නායකයින් සුසෙයි ගේ වාසස්ථානය, ප‍්‍රභාකරන්ගේ සැඟවුණු
බංකර බොහෝමයක් විනාශකොට සතුරාගේ චිත්ත ධෛර්යය විනාශ කිරීමට ශ‍්‍රී ලංකා ගුවන්
හමුදාව කළ මෙහෙය අප‍්‍රමාණය.
ගුවන් හමුදාව ඊළඟට කළේ ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය අමතර වෙඩිබලය සැපයීමයි. පහළින් යන
පාබල හමුදාවන්ට යන මඟ ඉදිරියෙන් ඇති සතුරු ස්ථානවලට පහරදීම මින් ප‍්‍රධානය. පාබල
සේනාංකවලට යන ගමනේදී හිරවී සිටින ස්ථානවලින් ඉදිරියට යාමට මේ ගුවන් ප‍්‍රහාර
උපකාරීවෙයි.
ගුවන් හමුදාවෙන් ඊළඟට වන සේවය අමතර යුද භටයින් සටන් බිමට රැගෙන යාම හා තුවාල වූ
භටයන් රැගෙන ඒමයි.
යුදබිමේ අතරමංවී සතුරාට හසුවූ භට පිරිස් සිය දිවි දෙවෙනිකොට ගුවන් මෙහෙයුම් කොට
බේරා ගැනීමට දක්ෂ ගුවන් නියමුවෝ සමත් වූහ.
මේ සියල්ල අතරින් නාවික හමුදාව සිදු කරන මෙහෙයුම් ද ඉතා අගය කළ යුතුය. කොටින්ගේ
විදේශීය සැපයුම් ජාලය රිසි පරිදි මේ වසර තුනහතර පුරාමත් සිදුවන්නට ඉඩ ලැබුණා නම්
පුදුකුඩිරිප්පු වනාන්තරයේ අපට දකින්නට ලැබෙන්නේ මෙවන් අවි ගබඩා නොවේ. එසේ වූවා නම්
පාබල හමුදාවන්ට මීට වඩා දරුණු සටන්වලට මුහුණපාන්නට සිදුවන්නට තිබිණ.
මුහුද මැද තිබුණු අවි ගබඩා සහිත නැව් සියල්ල විනාශ කොට මහමුහුදින් කොටින්ට හොර අවි
හා උපකරණ ලැබීමේ මාර්ග අහුරාලීමට කි‍්‍රයා කළේ නාවික හමුදාවේ එඩිතර නිලධාරීන් හා
නාවික භටයින්ය.
මේ වනවිට වෙරළබඩ මුහුද මුළුමනින්ම රැකගැනීමේ වගකීම ඉටුකරන්නේ නාවික හමුදාවයි. කොටි
නායකයාට හා අනෙක් නායකයන්ට පලායාමේ මං අහුරා ඇත්තේ නාවික හමුදාවයි. ලොව නාවික හමුදා
අතරින් ශ‍්‍රී ලංකා නාවික හමුදාවට සුවිශේෂ වූ කුඩා වේග යාත‍්‍රා සංකල්පය හඳුන්වා
දෙමින් මහමුහුද ජයගත් නාවික හමුදාව මේ වනවිට අන්තර්ජාතික රතුකුරුස හමුදාවේ ආධාර
ඇතිව එල්ටීටීඊ ග‍්‍රහණයේ සිටින රෝගීන් හා ඔවුන්ගේ නෑදෑයින් බේරා ගැනීමේ මෙහෙයුම
සාර්ථක ලෙස ඉටුකරමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන්
ඩී.කේ.පී.දසනායක මහතා ද විස්තර කළේය.
යුද මුක්ත කලාපයට නෞකාවෙන් ගෙන එනු ලබන රෝගීන් ග‍්‍රීන්ඕෂන් මුහුදේ නවතා ඇති එම
නෞකාවේ සිට ටග් බෝට්ටු මඟින් ගොඩබිමට ගෙනැවිත් රෝහල්ගත කිරීමේ වගකීම පැවරී ඇත්තේ
නාවික හමුදාවටයි. නාවික හමුදා වෛද්‍ය බළකාය ඊට සහාය ලබාදෙයි.
පුදුකුඩිරිප්පු නගරය මේ වනවිට යුද සේනාංක තුනක් හා කාර්යසාධක හමුදා දෙකක් වටකර පහර
දෙමින් සිටී.
මෙයින් බි‍්‍රගේඩියර් කමල් ගුණරත්න අණදෙන 53 වන සේනාංකය පුදුකුඩිරිප්පු නගරයට දකුණු
දෙසින් මීට 800 ක් තරම කිට්ටුවෙමින් ප‍්‍රහාර එල්ල කරමින් ඉදිරියට යයි.
4 වන කාර්යසාධක හමුදාව ඒ 35 මාර්ගයට බටහිර දෙසින් පුදුකුඩිඉරිප්පු නගරය දෙසට යන්නේ
දැඩි සටන් මධ්‍යයේය.
2 වන කාර්ය සාධක හමුදාව ද උඩයන්කට්ටුකුලම් මංසන්ධියේ සිට පුදුකුඩිරිප්පු බටහිර දෙසට
මෙහෙයුම් කරමින් සිටී.
58 වන සේනාංකය ද 2 වන කාර්ය සාධක හමුදාව සමඟ එක්වඒ 35 මාර්ගයට උතුරින් බටහිර
පුදුකුඩිරිප්පු ප‍්‍රදේශයේ බලය තවදුරටත් තහවුරු කරමින් දරුණු සටන් මැද
ත‍්‍රස්තවාදීන්ට දැඩි හානි පමුණුවමින් ඉදිරියට යයි.
55 වන සේනාංකය චලෙයි ප‍්‍රදේශය අත්පත් කරගත් පසු එතැන් සිට මුලතිව් දෙසට දකුණට
කි‍්‍රයාත්මක වෙමින් තවත් විශාල පස්බැම්මක් බිඳලමින් නැඟෙනහිර දෙසින්
පුදුකුඩිරිප්පු නගරය දෙසට ගමන් කරන්නේ නැඟෙනහිර සිට පුදුකුඩිඉරිප්පු නගරයට තිබූ
සියලු කොටි සැපයුම් මාර්ග හා සබඳතා මුළුමනින්ම නවතාලමිනි.
මෙසේ යුදබිම උණුසුම් වෙද්දී ප‍්‍රභාකරන් හා කොටිනායකයෝ භූගත බංකර්වල සැඟවී තවදුරටත්
කොටින්ට අණදෙන්නේ පරාජය පිළිනොගන්නා සේය.
ප‍්‍රභාකරන් තමන් හමුදාවට හසුනොවී මියයන බවත් තමාගේ සිරුර පවා හමුදාවට හසුවන්නට පෙර
ගිනි තබා විනාශ කරන ලෙස අණ දී තිබෙන්නේ මුළු රටම ත‍්‍රස්තවාදී ගින්නෙන් දවමින් දශක
තුනක් පුරා භීෂණය වැපිරූ පසුය.
කෙසේ වෙතත් මේ ගතවෙන්නේ කොටි සංවිධානයේ අවසන් හෝරාවය. ආරක්ෂක හමුදාවන් ඉදිරියේ
ඇත්තේ එක සටනක් නොවේ. සටන් දෙකකි. එකක් කොටි පරාජය කිරීමයි. අනික සිවිල් වැසියන්ට
අනතුරක් නොවී බේරා ගැනීමයි.
අද වනවිට ආරක්ෂක හමුදා මේ සටන් දෙකම ඉතා සාර්ථකව ජයගනිමින් සිටී.
අවසන් සටන එළඹෙන මොහොත ඉතා ආසන්නය.
දයා ඩී. ෆොන්සේකා
ඡායාරූප යුද හමුදා
මාධ්‍ය ඒකකයෙනි
|