මරණ දැන්වීම්

 

ගුරුසිංහ මේරි පුෂ්පා - (ජාලත්ගේ) බද්දේගම, බද්දේගම, බස් නැවතුම්පොල ඉදිරිපිට “ප‍්‍රදීප්” නිවසේ විසූ ගුරුසිංහ මේරි පුෂ්පා (ජාලත්ගේ) අධ්‍යක්ෂිකා “ගුරුසිංහ ළදරු සෙවන” (ආදරණීය ලොකු මිස්) ස්වර්ගස්ථ විය. නැසීගිය, විශ‍්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පෝල් ගුරුසිංහ මහතාගේ ආදරණීය භාර්යාව වූද, රමණී (අධ්‍යක්ෂිකා - මානව සම්පත් ඩුබායි ගොල්ෆ්), රුවනී (කාන්තා පොලිස් පරීක්ෂක - දකුණු පළාත් අපරාධ විමර්ශණ ඒකකය, ගාල්ල ඇනට් (ගුරු උපදේශිකා - ඕමානය), දයානි (මහජන සම්බන්ධතා නිලධාරිනි වරාය අධිකාරිය ඩුබායි), වෛද්‍ය ගීතානි (ග්‍රේන් එලිවේටර්ස් ආයතනය කොළඹ) පෝල් ප‍්‍රදීප් (තොරතුරු තාක්ෂණ ඉංජිනේරු බ‍්‍රසල්ස් බෙල්ජියම) යන අයගේ ආදරණිය මෑණියන් වූද, කැල්වින්, කේ. එස්. වීරසේකර, රූඩ්, ෆසිල්, ධනංජය සහ කැත්ලීන්ගේ ආදරණීය නැන්දනිය වූද, කැලන්, සුරනි, සහන්, රීස්, රිනී, ඩිලන්, ඩියෝන්, ගැවින් සහ කැත්රින්ගේ ආදරණීය මිත්තනිය වූද, මේරි පුෂ්පා ගුරුසිංහ මහත්මිය ස්වර්ගස්ථ වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු ජනවාරි මස 05 වන සඳුදා සවස 4.30 ට හල්පාතොට ලූර්දු දේව මාතාවන්ගේ දේවස්ථානයේදී සිදුකරන බව කණගාටුවෙන් දැනුම් දෙමු. නිවසින් පිටත්වීම සවස 4.00 ට “ප‍්‍රදීප්” බස් නැවතුම්පොළ බද්දේගම.