කොටි හදවත සිදුරු විය
කිලිනොච්චිය අල්ලාගෙන ඇත.
එනම් කිලිනොච්චියේ කොටි බලය අවසන් වී ඇත.
එනම් කොටි ත‍්‍රස්තවාදීන්ගේ හදවත සිදුරු වී ඇත.
එනම් ආරක්ෂක හමුදාවන්ගේ ජයග‍්‍රාහී ගමනේ විජයග‍්‍රාහී ඉලක්කය වෙත යන දොරටුව විවෘත
වී ඇත.
එනම් අපේ රට ගිනි තැබු කොටි ත‍්‍රස්තවාදයේ අවසන් හුස්ම පිටවෙන්නට ආසන්න බව ලොවටම
කියාපාන පණිවිඩය සකස් වෙමින් ඇත.
එනම් බිහිසුණු ත‍්‍රස්තවාදයට එඩිතරව මුහුණදුන් සොල්දාදුවන්ගේ පූර්වාදර්ශී කතන්දරය
ලොවට ම කියාපාන දිනය අත ළඟ බැව් කියාපාන සටහන සකස්වෙමින් ඇත.
එහෙත් ඒ කතාන්දරය විල්ලුද මේසයක් මතදී පාකර් පෑනකින් සුදු කඩදාසියක් මත ලියැවෙන්නක්
නොවේ.
කටුකොහොල්, මඩ කඩිති, දියඅගල් පිරුණු වන ලැහැබකදී කඳුළින් සහ ලෙයින්, මිනිස් හදවත්
මත ලියැවෙන්නකි.
ආසිරි ගී ගයන බාලිකාවන්ගේ සුලලිත සුමියුරු නාද රටාවන් මැද ලියැවෙන්නක් නොවේ.
වෙඩි හඬ, අකුණු හඬ, අනෝරා වැස්සෙහි හඬ ගිනි ගහන අව්වෙන් මස් මාංශ ගිනියම්ව පිටවෙන
ඩහදිය මැද එහෙත් ඒ සියල්ල මැදින් ඇසෙන නො නවතින උදාන ගී ඇසෙද්දී ලියැවෙන්නකි.
එසේ ම විජයබා, පැරකුම්බා, වළගම්බා, දුටුගැමුණු ආදි නරපතීන්ගේ අභිමානනීය මතකයන් සමග
එකට මුසුව ලියැවෙන්නකි.
අපේ රණවිරුවන් විසින් කිලිනොච්චිය අල්ලාගෙන ඇත. කොටි ත‍්‍රස්තවාදීන් පළවා හැර ඇත.
කොටින් ගේ හදවත සිදුරු කොට ඇත.
ඉදින් මහතුනේ... තවදුරටත් නොපවසන්න මෙය කැලෑවක් යැයි කියා, තොප්පිගල කැලෑවක් යැයි
කියූ අයුරින් ම.
නොබිඳින්න මහතුනේ රණවිරුවන් ගේ චිත්ත ධෛර්යය.
නොසිඳින්න ඔවුන්ගේ ආත්ම ශක්තිය!
ලෝක ත‍්‍රස්තවාදයට එරෙහිව ලෝක ප‍්‍රජාව ගෙනයන්නට අරඅඳින අරගලයේ පූර්වාදර්ශ සපයන
කසකාරයන් අපිම නොවෙමුද! ලෝකයේ බිහිසුණුම ත‍්‍රස්තවාදි සංවිධානය පරාජයේ කෙළවරට තල්ලු
කළ අභීත හමුදාවන් සතු වී ඇත්තේ අපට ම නොවේ ද?
එහෙත් කිලිනොච්චිය ජයග‍්‍රහණය ලබාගැනීම සඳහා රණවිරුවන් සටන් කෙළේ කොටින් සමග පමණක්
නොවේ.
ජාතික සහ අන්තර්ජාතික සියලු ද්‍රෝහීන් සමග ද සටන් කිරීමට ඔවුන්ට සිදුවිය.
තොප්පිගල කැලෑවක් යැයි කියූ කුහක දේශපාලකයින් සමග ද ඊළමක් වෙනුවෙන් සටන් වැදීමට
එල්ටීටීඊයට අයිතියක් ඇතැයි පැවසූ කොටි හිතවාදී විකෘති මිනිසුන් සමග ද ඩොලර් වලට
මානව හිමිකම් ගැන කතා කරමින් කොටින්ට අනියමින් කෑම දුන් දුෂ්ට බලවේග සමග ද සටන්
වැදීමට රණවිරුවන්ට සිදුවිය.
එහෙත් රණවිරුවෝ ජයගත්හ. කිලිනොච්චිය ජයගත්හ. කොටි හදවත සිදුරු කළහ.
එය අහම්බයක් නොවේ. මින් පෙර තිබුණේ ද මේ හමුදාවන් ය. වෙනස් වූයේ සේනාධිනායකත්වය
පමණි. සේනාධිනායකත්වය වෙනස්වීම නිසා ම සෙන්පතිහු ද වෙනස් වූහ.
සොල්දාදුවන්ගේ අත් පා මෙන් ම සිත් ද බැඳ තැබු යුගය අවසාන විය.
මේ විජයග‍්‍රාහී ගමන ආරම්භ වූයේ එතැන් සිට ය.
මහින්ද රාජපක්ෂ නම් වූ සේනාධිනායකයා හදවතින්ම ත‍්‍රස්තවාදයට එරෙහි වූ බැවින්
කිලිනොච්චිය ද ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදා ගන්නට හැකි විය.
ඒ අභීත, අදීන සේනාධිනායකත්වය නොවන්නට තිස් වසරක් පුරා පිළුණු වෙමින් පැවැති
ජයග‍්‍රහණයේ සිහිනය, එනම් සාමයේ සිහිනය සැබෑවක් නොවන්නට ඉඩ තිබුණා නොවේ ද?
අපි ඔබෙන් අසමු.
හදවතට තට්ටු කොට, හදවතට එකඟව සිතන්නැයි ඉල්ලා සිටිමු.
මිතුරනි, සොහොයුරනි අපි කිලිනොච්චිය ජයගත්තෙමු. එතැනින් තවත් ඉදිරියට...! |