තුන්
අවුරුද්දක
“වෙනස”
මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපති භූමිකාවට තුන් අවුරුද්දක් සපිරෙන්නේ ලබන
බදාදාටය.
මේ තුන් අවුරුද්ද ශී‍්‍ර ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන ගමන් මඟ තීරණාත්මක වෙනසකට
පත්වූ යුගයක් ලෙසින් ඉතිහාසයට එක්වී අවසානය.
වසර දශක තුනකට ආසන්න කාලයක් පුරා මුළු රටම ගිනිබත් කරමින් ඇදි ගිය ත‍්‍රස්තවාදය
තීරණාත්මක අවසන් කිරීමේ මාවතට සේන්දු වූයේ මේ තුන් අවුරුද්ද ආරම්භ වීමත් සමඟය.
නැඟෙනහිර පළාතෙන් ත‍්‍රස්තවාදය පළවා හැර දැන් එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාලනයක්
ස්ථාපිත කොට තිබේ. කොටි ත‍්‍රස්තවාදීන්ගේ නැඟෙනහිර නායකයා මෙන්ම සමස්ත ව්‍යාපාරයේම
සන්නද්ධ නායකයාව සිටි කරුණා අම්මාන් දැන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකි. ළමා කොටි
සොල්දාදුවකු ලෙසින් ත‍්‍රස්තවාදී ව්‍යාපාරයට සම්බන්ධ වූ පිල්ලෙයාන් දැන්
ප‍්‍රජාත්ත‍්‍රවාදි නැඟෙනහිර මහ ඇමැතිවරයාය.
මේ තුන් අවුරුද්ද තුළ සිදුවී ඇති වෙනස කියා පෑමට ඊටත් වඩා හොඳ නිදසුනක් තවත් නැති
තරම්ය.
එක් පැත්තකින් තීරණාත්මක යුද්ධයක් තිබියදීත් අනෙක් පැත්තෙන් මෑත ඉතිහාසයේ කවර
කලෙකවත් සිදු නොවු අයුරින් දැවැන්ත සංවර්ධන කි‍්‍රයාදාමයක්ද සිදුවෙමින් පවතී. මහා
පරිමාණ සංවර්ධන ව්‍යාපාර මෙන්ම ගම් මට්ටමේ කුඩා ප‍්‍රමාණයේ සංවර්ධන ව්‍යාපෘතින් ද
රටපුරා කි‍්‍රයාත්මක වනු දැකිය හැකිය. මේ තුන් අවුරුද්ද පුරා සිදුවුණ සංවර්ධනය,
සැබෑ වෙනසක් ලෙසින් වඩාත් කැපී පෙනෙන්නේ ඊට පෙර මහා පරිමාණ ව්‍යාපෘති තබා ගමේ
පාරක්, බෝක්කුවක්වත් නොසැදුණුු තත්ත්වයක් යටතේය.
මෙසේ එක් පැත්තකින් යුද්ධයක්ද තවත් පැත්තකින් සංවර්ධන ව්‍යාපාර ද සමගාමීව
කි‍්‍රයාත්මක වෙද්දි ආකල්පමය වෙනසක් ද සමාජයේ සිදුවෙමින් පවතී.
විශේෂයෙන් දේශීය ආර්ථික සැලැසුම් කේන්ද්‍ර කරගනිමින් දේශීය දේ අගය කරන්නාවූ ආකල්ප
සමුදායක් සමාජය තුළ රෝපනය වී දැන් දළුලමින් පවතී.
පිටරට තිරිඟු පිටි කෑම ක‍්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර අපේම සහලේ බත් කෑමට ජනතාව
පුරුදු වෙමින් සිටිති. එසේම තම ගෙවත්තේ කිසියම් හෝ බෝගයක් වගා කිරීමේ ප‍්‍රවණතාවක්
ඇතිවී තිබේ. බිම්කඩක් නොමැති තට්ටු ඬවාසවල පවා බඳුන්වල භවබෝග වගාකර තිබීමෙන්
පැහැදිලි වන්නේ මේ ආකල්පය දැඩි ලෙසින් සමාජයට කා වැදී තිබෙන බවය.
මේ තුන් අවුරුද්දට පෙර සිදුවෙමින් පැවැති සංස්කෘතික සෝදාපාළුව නැවතී අපේ හර
පද්ධතින් යළි ස්ථාපනය කළ යුතු ය යන ආකල්පය විශේෂයෙන් තරුණ පරපුර අතර පැතිර යාම
දක්නට ලැබිණි. තරුණ පරපුරේ අතළොස්සක් දෙනා අපේ හර පද්ධතින් සහ අගයන් නරුම සහ
විකෘතිභාවයට පත් සලාද සංස්කෘතියක දියකර දැමීමට ගන්නා වෙහෙස තරුණ පරපුර විසින් ම
නිශේධනය කරමින් සිටී.
පාන් ගෙඩියකට ආණ්ඩුවක් පෙරළන්නට හැකි ය යන ආකල්පයන් අපේ සමාජය තුළ මුල්බැසගෙන තිබුණ
නිසා කිසිදු ආණ්ඩුවක් සුද්දාගේ පාන් ගෙඩියට අත තැබීමට බියක් දැක්වීය. මේ බිය නිසාම
කෝටි ප‍්‍රකෝටි ගණනින් විදේශ විනිමය රට රාජ්‍යවලට ඇදී ගියේය. පිටරට තිරිඟු ගොවියාගේ
සාක්කුව පිරී ගියේය. වී ටික විකුණාගත නොහැකිවූ අපේ ගොවියෝ වස බී සියදිවි හානි
කරගත්හ.
එහෙත් පසුගිය තුන් අවුරුද්ද තුළදී කිසිදු බියකින් තොරව පාන්ගෙඩිය පැත්තකින් තබා අපේ
හාලේ බත් පිඟාන කෑම මේසයට කැඳවීමට තරම් ආත්ම ශක්තියක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට
තිබිණි.
ගෙවී ගිය මේ තුන් අවුරුද්ද තුළදී දක්නට ලැබුණ තවත් වෙනසක් නම් අන්තර්ජාතික බලවේග
ඉදිරියේ සැලෙන නිවට පරඬැල් නායකත්වයක සිට නොසැලෙන අභීත නායකත්වයක් දක්වා පැමිණීමට
ශ‍්‍රී ලංකාවට හැකි වීමයි.
පසුගියදා ඉන්දියාවේදී අවසන් වුණ ‘බිම්ස්ටෙක්’ සමුළුවට සහභාගි වූ අපේ ජනාධිපතිතුමා
එහි සිටි අන්තර්ජාතික මාධ්‍යවේදීන්ට ප‍්‍රකාශ කළ වචන කිහිපය අදීන නායකත්ව භූමිකාව
මොනවට විදහා දැක්වී ය.
“ත‍්‍රස්තවාදීන්ට දැන් ඇත්තේ අවි බිම තබා යටත් වීම පමණයි. එවිට අපිට සාකච්ඡා කළ
හැක. එසේ නොවුවහොත් ත‍්‍රස්තවාදය අවසන් වන තුරුම මේ මානුෂික මෙහෙයුම අවසන් කිරීමට
අපේ සූදානමක් නැත.”
“කොටියා පරාජය කළ නොහැකිය” යන පරඬැල් ආකල්පයේ සිට “නැත එසේ කළ හැකිය” යන ශක්තිමත්
ආකල්පය දක්වා මුළු රටක් ම වෙනස් වූ අයුරු අපට දැකගත හැකි විය.
ඒ වෙනස ජනතාව අපේක්ෂා කළ එකකි. ඒ නායකත්වය ජනතාව අපේක්ෂා කළ නායකත්වයකි. ඒ නිසා ම ඒ
තත්ත්වය ආපසු හැරවීමට නොහැකි වනු ඇත.
|