තුන් අවුරුද්දක “වෙනස”

අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 42 කින් සම්මතයි

පුනරින් අල්ලයි!

යුද්ධය ගැන කතා එපා
ජොනී රනිල්ට කියයි

විදේශ සබඳතා හොඳින්ම කළමනාකරණය කළ රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂයි

පාරිසරික ගොවිතැනේ වැදගත්ම අංගය වසුන් යෙදීමයි

වනපෙතේ සරනා බිංදුලාගේ කතාවක්

දළ පහර දුටු පමණින් විස ශරීරගත වූවා යැයි බය වෙන්න එපා

අපි දෙදෙනාම ඇමෙරිකානුවන්! ඔබාමා සහ මැකේන් කියති

කවරයේ කතාව

ටෙලිකොම් මොබිටෙල් හඳුන්වාදෙන SMARTපැයේ නිදහස

උදේ අටට වැඩ බාරගත්තා දහයට වැඩ තහනම් ලියුම ආවා

තුන් අවුරුද්ද

ටිකිරි හමුව

මධු කුසලාන

සංග‍්‍රාම දෙකකට මැදි වූ මිනිසෙක්

ගුරු සේවයේ රසකතා

ගුරු සේවයේ රසකතා

මුල්ගුරුන්නාන්සේගේ අනගි දේශනය

වයඹ පළාතේ හෙට්ටිපොළට නුදුරු මෙම ගම්පියස එකල දිළිඳු බවෙන් අනූන නොදියුණු ගම්මානයක් විය. ගමේ කුඩා ප‍්‍රාථමික පාසලක් තිබුණ ද කුඩා දරුවන් අකුරු කරවීමට යොමුකිරීම පිළිබඳව මව්පියන් වැඩි උනන්දුවක් නොදැක්වූයේ ළමයින් සමඟ මව්පියෝ ද එදා වේල සොයාගැනීම සඳහා වෙහෙසුණහ.

වළවල්, ඔයවල් හා දියකඩිතිවල මාළු බෑම ආදී පාපකාරී කි‍්‍රයාවල යෙදීම හා වේවැල් බටපතුරු උපයෝගී කොටගෙන ස්වයං රැකියාවල නිරතවීම ඔවුනගේ දෛනික කාර්යයන් විය. මේ අතර බොහෝ බවලත් උදවිය හා පිරිමි සුරාවට ඇබ්බැහිවූවන් වූ අතර ප‍්‍රදේශය පුරා හොර සුරා තිප්පොළ ද සුලභව දක්නට හැකිවිය.

මෙම ගමේ කුඩා පාසලේ ආචාර්ය මංඩලය මුල්ගුරුන්නාන්සේ ඇතුළු ගුරුවරු තිදෙනකුගෙන් යුක්ත විය. අමරතුංග මුල්ගුරුන්නාන්සේ පාසලේ ප‍්‍රධානාචාර්යවරයා වූ අතර ඔහුට මෙගම්වැසියන් දුරාචාරවලින් තොරව යහමඟට ගෙන ඒමට මහත් අවශ්‍යතාවයක් විය.

මෙම නොදියුණු ගම්මානයේ වැසියන් යහමඟට ගෙන ඒමේ අරමුණින් අමරතුංග මුල්ගුරුන්නාන්සේ දිනක් පාසලේ අමද්‍යප වැඩ සටහනක් දියත් කෙළේය. මෙහි ප‍්‍රධාන දේශකයා වූයේ මුල්ගුරුන්නාන්සේගේ ගමට ආසන්නව පදිංචිව සිටි විශ‍්‍රාමික ලිපිකරුවකු වූ ප‍්‍රවීණ දේශක ජිනදාසය.

දේශනයේ මාතෘකාව වූයේ “සුරාවේ ආදීනව“ යන්නය. දේශනයට නියමිත දිනට පෙර දින පාසලට පැමිණි මුල්ගුරුන්නාන්සේ දේශනය පිළිබඳවත් දේශකයා පිළිබඳවත් පාසලේ සිසුන් දැනුවත් කරමින් නියමිත දිනට වේලාවට තම මව්පියන් ද කැටුව නොවරදවාම එම දේශනයට සවන්දීමට පාසලට එන මෙන් දැන්වීය.

දේශනය පවත්වන දිනයේ කල්වේලා ඇතිව අමරතුංග මුල්ගුරුන්නාන්සේගේ නිවසට පැමිණි ප‍්‍රවීණ දේශක ජිනදාස මහතා මුල්ගුරුන්නාන්සේත් සමඟින් පාසල වෙත යෑමට සූදානම් විය.

මේ අතර අමරතුංග මුල්ගුරුන්නාන්සේ දේශක ජිනදාස මහතා තම කාමරයට කැඳවා ගෙන ගියේ තම මේසය මත තබා තිබූ මධුවිත බෝතලයක් හමුවටය. එදින පිටත්වීමට නියමිත කාරණය ගැන නොසැලකූ මුල්ගුරුන්නාන්සේ ඉන් ලොකු වීදුරුවකට කට පිරෙන සේ වත්කර බීවේ ඉතිරි කොටස දේශක ජිනදාස මහතාට බීමට දෙමිනි.

මේ සිද්ධියෙන් පසු හනික තම කටහඬ අවදි කළ ජිනදාස මහතා “ඈ ගුරුන්නාන්සේ මම අද දේශනය තබන්නේ “සුරාවේ ආදීනව“ ගැන නොවේදැ”යි ප‍්‍රශ්න කළේ මහත් සේ වික්ෂිප්තව ය.

”මේ පිස්සු දොඩවනවද? ඔන්න ඔය ටික ගනින්” යැයි කී මුල්ගුරුන්නාන්සේ හනික පිටත්වූයේ පාසලේ දේශනය සඳහාය. අතර මඟදී පාපැදිය නවතා තම ඉනෙහි එතෙක් ගසාගෙන තිබූ මධුවිත බෝතල් බාගය අතට ගත් මුල්ගුරුන්නාන්සේ ඉන් බාගයක් තම කටට හළාගෙන ඉතිරි කොටස දේශක මහතාට දුන්නේ “මහත්තයො, අද රටේ හැටි ඔහොම තමා.

ඔය තැන තැන දේශන පවත්වන කවුරුත් කරන්නෙ තමන්ගෙ දේශනයට පටහැනි වැඩමයි” යනුවෙන් ද පවසමිනි. මුල්ගුරුන්නාන්සේ හනික පාසලට ගියේ තම දේශකයාණන් ලවා ‘සුරාවේ ආදීනව‘ එගම් වැසියන්ට පහදා දීමේ අරමුණිනි.

පාසලට ගිය අමරතුංග මුල්ගුරුන්නාන්සේ එහි වැඩිහිටියන් කිසිවකුත් නොසිටි බව දැක “ඈ බොලා, තොපේ මහ එකාලා එකෙක්වත් නැහැ තොපිල හනික ගිහිල්ල, මහඑවුන්ට එන්ඩ කියාපියව්” කීවේ මෙම දේශනය පිළිබඳව මවුපියන්ගේ ඇති නොසැලකිල්ල තේරුම් ගනිමිනි.

සෙනඟ රැස්වූ පසු පැයකටත් අධික කාලයක් ඔවුනට “සුරාවේ ආදීනව“ පිළිබඳව දේශන පැවැත්වූ ජිනදාස මහතා අනතුරුව දේශනය නවත්වා සෙනඟ පිටත්ව ගිය පසු ඔහු කැඳවාගෙන ගුරු කාමරයට පිවිසි මුල්ගුරුන්නාන්සේ “දැන් සුරාවේ ආදීනව“ අවසන් හෙයින් දැන් ඉතින් මේකෙන් ටික ටික පාවිච්චි කරමු” යැයි පවසමින් මේසය මත තබා තිබූ මධුවිත බෝතලය අතට ගත්තේ දෙදෙනාම ඉන් සප්පායම් වීම සඳහාය.

මධුවිත බෝතල හිස්කළ දෙදෙනා තම නිවෙස් බලා පිටත්ව ගිය අතර මුල්ගුරුන්නාන්සේගේ ඇවැටිල්ල මත මහ මඟ තිප්පොලවල් කිහිපයකටම ගොඩවැදී ඉන් සප්පායම් වී නිවෙස්වලට සේන්දු වූහ. මෙම සිද්ධිය “ඔවා දෙනු පරහට. තමා සම්මතෙහි පිහිටා සිට” යන පැරැණි කියමනට කදිම නිදසුනක් විය. මෙහි නම් මනºකල්පිතය, මෙය සත්‍ය සිද්ධියකි.