තුන් අවුරුද්දක “වෙනස”

අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 42 කින් සම්මතයි

පුනරින් අල්ලයි!

යුද්ධය ගැන කතා එපා
ජොනී රනිල්ට කියයි

විදේශ සබඳතා හොඳින්ම කළමනාකරණය කළ රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂයි

පාරිසරික ගොවිතැනේ වැදගත්ම අංගය වසුන් යෙදීමයි

වනපෙතේ සරනා බිංදුලාගේ කතාවක්

දළ පහර දුටු පමණින් විස ශරීරගත වූවා යැයි බය වෙන්න එපා

අපි දෙදෙනාම ඇමෙරිකානුවන්! ඔබාමා සහ මැකේන් කියති

කවරයේ කතාව

ටෙලිකොම් මොබිටෙල් හඳුන්වාදෙන SMARTපැයේ නිදහස

උදේ අටට වැඩ බාරගත්තා දහයට වැඩ තහනම් ලියුම ආවා

තුන් අවුරුද්ද

ටිකිරි හමුව

මධු කුසලාන

සංග‍්‍රාම දෙකකට මැදි වූ මිනිසෙක්

තුන් අවුරුද්ද

තුන් අවුරුද්ද

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයට පත් වී තෙවසරක් පිරෙන මේ මොහොතේදී ආපසු හැරී බැලීමක් කළ යුතු යැයි මා සිතනවා. එතුමා බලයට පත් වන විට මේ රට පැවතියේ කුමන තත්ත්වයක දැයි විමසීමත් වැදගත්.ප‍්‍රභාකරන් සහ රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අස්සන් කළ අවබෝධතා ගිවිසුම නිසා කොටි ත‍්‍රස්තවාදීන්ට යම් භූමි ප‍්‍රදේශයක පාලන බලය හිමි බව නීත්‍යානුකූලව පිළිගෙන තිබුණා.

ත‍්‍රස්තවාදීන්ට ජාතිකව හා අන්තර්ජාතිකවත් විශාල පිළිගැනීමක් හා ශක්තියක් ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබුණා. ඊට අමතරව ගිවිසුමට මුවා වී ත‍්‍රස්තවාදීන් තමන් ගේ යුද ශක්තිය පවා වැඩි කර ගැනීමට කි‍්‍රයා කළා. කොටින් ඉතා ශක්තිමත් ව සිටින අවස්ථාවකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් වුණේ.

අපේ කම

මතු කළ
තෙවසරක්

කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන
සේවා ඇමැති
ශී‍්‍රලනිප මහලේකම්
මෛතී‍්‍රපාල
සිරිසේන

ඒ අවස්ථාවේදී ප‍්‍රතිවාදීන් කියා සිටියේ රටේ ජාතික ගැටලුව විසඳීමට මහින්ද රාජපක්ෂ මැතිතුමාට හැකියාවක් නැති බවයි.ඔහුට අන්තර්ජාතික සහයෝගය ලබා ගත නොහැකි බවත් කීවා. නමුත් ගත වූ වසර තුනක් වැනි කෙටි කාලයේ දී සිදු වුණේ මොකක්ද? නැඟෙනහිර මුළුමණින් ම මුදා ගෙන අද උතුරු පළාතත් මුදා ගැනීමේ සටන සාර්ථකව සිදු කෙරෙමින් පවතිනවා.

ශී‍්‍ර ලංකාවේ ජනතාව පමණක් නොව අන්තර්ජාතික ප‍්‍රජාවත්, පිළිගෙන තිබෙනවා. ශී‍්‍ර ලංකා ආරක්‍ෂක හමුදා ජයග‍්‍රහණය කරා ළඟා වෙමින් සිටින බව. මෑතකදී ජනාධිපතිතුමා සාර්ක් කලාපයේ සභාපති ධූරයටත් පත් වුණා.

ඉන්දියාව ඇතුළු සියලු රාජ්‍ය නායකයන් ගේ සහයෝගයත් එතුමාට හිමි වුණා. ඊට අමතරව අන්තර්ජාතික සංවිධාන හා බටහිර රටවල් වලින් නම් ඉතා සහයෝගයක් ලබා ගැනීමට ජනාධිපතිතුමාට හැකි වී තිබෙනවා. මුල දී එල්.ටී.ටී ඊ හිතවාදී ස්ථාවරයක සිටි බටහිර රටවල් පවා අද ප‍්‍රකාශ කරන්නේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ශී‍්‍ර ලංකා රජය ගෙන යන කි‍්‍රයාමාර්ගය නිවැරැදියි කියලයි.

මුලදී ඇතැම් අන්තර්ජාතික ජනමාධ්‍ය පවා කොටින්ට පක්ෂපාතීව ශී‍්‍ර ලංකා රජයට සතුරු ආකල්පයක කි‍්‍රයා කරමින් සිටි බවත් අපි දන්නවා. නමුත් අද ඒ තත්ත්වයත් වෙනස් වෙමින් තියෙනවා. මේ අනුව අද අපට පෙනෙනවා එදා විපක්ෂය ජනාධිපතිතුමා සම්බන්ධයෙන් පළ කළ මත සේරම පුස් බවට පත් වෙලා තියෙන බව.

ඊළඟට අපි බලන්න ඕනේ රටේ ආර්ථිකයට පසුගිය වසර තුනේදී කුමන වෙනසක් ද වෙලා තියෙන්නේ කියලා. ගිය වසර තුනේදී ආර්ථික වර්ධන වේගය සියයට 6 –7 ප‍්‍රතිශතයක පැවතුණා. 2008 දී ආර්ථික වර්ධනය වේගය සියයට 7 ක් ලෙස පෙන්නුම් කළා. ඉතිහාසයේ අඩුම රැකියා වියුක්තිය වාර්තා වෙන්නෙත් මේ කාලයේ දී යි. රැකියා නැති අය ගේ ප‍්‍රතිශතය අද සියයට 6 කටත් අඩුයි.

ජනතාවට
ආදරය කරන
නායකයෙක්

තොරතුරු හා
ජනමාධ්‍ය ඇමැති
රජයේ මාධ්‍ය
ප‍්‍රකාශක
අනුර ප‍්‍රියදර්ශන යාපා

ග‍්‍රාමීය සංවර්ධනයේ සිට ජාතික සංවර්ධනය දක්වා බලන විට අද මුළු රටේ ම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාවට නැඟෙන බවත් දකින්න ලැබෙනවා. ගම නැඟුම, මඟ නැඟුම, ග‍්‍රාමීය යටිතල පහසුකම් නැංවීම , බලශක්ති හා වරාය ව්‍යාපෘති , මොරගහකන්ද වැනි දැවැන්ත වාරියෝජනා ක‍්‍රම මේ රටේ අනාගතයට කර අති දැවැන්ත ආයෝජනයක්, මේ කටයුතු සමස්ත ජාතියේම ඇගැයීමට ලක් විය යුතුව තියෙනවා.

පසුගිය වසර තුනේදී අපේකම , දේශීයත්වය ඉතා හොඳින් ඉස්මතු කෙරුණා. 1977 සිට 2005 වසර වෙනතුරුම අපි ආර්ථික සංවර්ධනයේ විශාල පසුබෑමකට ලක් වුණා. ඒ කාලයේදි දේශීය ආර්ථිකය කඩා වැටුණා. සහල් ඇරුණාම ජනතාව පරිභෝජනය කරන දේ වලින් සියයට පණහක් ගෙන්නුවේ පිටරටින්. එය රටක් හැටියට හොඳ තත්ත්වයක් නොවේ.

අද වගේ ලෝක ආර්ථික අර්බුදයක් හා ලෝක ආහාර අර්බුදයක් මතු වී තිබෙන මොහොතකයි ඒ බව හොඳින්ම පෙනෙන්නේ. පසුගිය වසර දෙකේදී අපි සූදානම් වුණ නිසා මේ අර්බුද හමුවේ ශක්තිමත් ව මුහුණ දෙන්න අපට හැකියාවක් ලැබිලා තියෙනවා. දේශීය ආහාර නිෂ්පාදන වැඩ පිළිවෙළ ජනාධිපතිතුමා ගේ නායකත්වය යටතේ සාර්ථකත්වයට පත් වීමත් රට ලැබූ ජයග‍්‍රහණයක්, කෘෂි කර්මාන්තයේ පෙරළිකාර වෙනසක් වෙලා තියෙනවා. ජාතික නිෂ්පාදනයේ සියයට 21 ක් වී නිෂ්පාදනයට අයත් වෙනවා.

බඩ ඉරිඟු වැනි වෙනස් ආහාර ද්‍රව්‍ය ආයනයනයත් පහත වැටුණා. උදාහරණයක් හැටියට ගත්තොත් බඩ ඉරිඟු සියයට 83 ක් ආනයනය මට්ටමෙන් පහත වැටුණා. අද රටට ගෙන්වන්නේ සියයට 18 ක පමණ බඩ ඉරිඟු ප‍්‍රමාණයක්, ඉඟුරු වගේ ද්‍රව්‍යයක් ගත්තොත් සියයට සියයක්ම දේශීයව නිෂ්පාදනය කරන්න හැකි වී තියෙනවා.

ගෙවී ගිය තුන් අවුරුද්දේ ත‍්‍රස්තවාදය
අඟලෙන් අඟල
කොටු කළා

නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන ඇමැති
දිනේෂ් ගුණවර්ධන

මෙවැනි තත්ත්වයක් සලකන විට අපට ඇත්තෙන්ම සතුටු විය හැකි තත්ත්වයක් ගිය වසර තුනේදී ඇති වී තිබෙන බව කියන්න පුළුවන්, වසර 25, 30 පුරන් වෙලා තිබුණා. අක්කර සිය ගාණක් අද යළි වගා කෙරෙනවා. රටේ වගා බිම් ප‍්‍රමාණය ඉහළ ගිහින්. වගා ක්‍ෂේත‍්‍රයේ අද විශාල පිබිදීමක් දකින්න ලැබෙනවා. 2006 වසරත් එක්ක සංසන්දනය කරන විට තිරිඟු පිටි පරිභෝජණය සියයට 60 කින් විතර පහත වැටිලා. අද අපි ස්වශක්තියෙන් ජාතියක් ලෙස නැඟී සිටිනවා.

මේ වසර තුනේදී මේ යුගයට ඉතාමත් ම අවශ්‍ය නායකයෙක් රටට බිහි වුණ බව ඔප්පු වී තියෙනවා. වසර දහස් ගණනක ඉතිහාසයේ එක් එක් යුගයන්හි විවිධ නායකයන් පහළ වුණා. රටකට දුර්වල පාලකයෙක් ඇති වුණාම රටක් කැඩෙනවා. බෙලහීන වෙනවා ඒ වගේම ශක්තිමත් ප‍්‍රබල නායකයෙක් පහළ වුණහම රට ශක්තිමත් වෙනවා.

සමෘද්ධිය උදා වෙනවා. මේ තමා ඉතිහාසයේ පාඩම.ඒ ඓතිහාසික තත්ත්වය ගත්තත් අද අපට සතුටු වෙන්න පුළුවන් රටේ ඒකීය භාවය රැකීම ගැන. විදේශ රටවල් මත යැපෙන්නට නො ගැනීමත් අද දකින්න ලැබෙන සුවිශේෂ ලක්‍ෂණයක් . ඒ අතින් ගත්තම අද අපි සෑම ක්‍ෂේත‍්‍රයකින්ම ඉදිරියට පැමිණ සිටිනවා.

ලෝක ආර්ථික අර්බුදය හමුවේ පසු ගිය වසර තුනේදි අපේ දේශීය ආර්ථිකය ශක්තිමත් නො කළා නම් අද සිදුවන්නේ බරපතළ තත්ත්වයකට මුහුණ දීමටයි. ලෝකයේ සෙසු රටවලට කලින් අපි මේ අර්බුදයට මුහුණදීමට සූදානම් වුණා.ජාතික ආරක්‍ෂාව,දේශීය ආර්ථිකය, සදාචාරය , සංවර්ධනය යන සෑම සියලු ක්‍ෂේත‍්‍රයකින්ම අපට සතුටු වෙන්න හැකියාව තියෙනවා.

ජනාධිපතිතුමා ගේ පදවි ප‍්‍රාප්තියෙන් වසර තුනකට පසුව සතුටුු වන අතර ම නව වර්ෂයේ දී මේ රට නවෝදයක් කරා ගෙන යෑමේ වගකීම මේ රටේ සෑම පුරවැසියකුටම තිබෙන බවත් ඒ අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතු බවත් පෙන්වා දෙන්න කැමතියි.

බලය ගමට ගෙන ගියා

පරිසර හා
ස්වභාවික සම්පත් ඇමැති පාඨලී
චම්පික රණවක

ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා දේශපාලනය ස්ථාවරභාවය අතින් ගත් විට ගිය වසර තුනේදී විශාල ප‍්‍රගතියක් අත් කැර ගැනීමට සමත් ව සිටිනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්ව පළමු මාස තුනේදී උතුරේ ප‍්‍රශ්නය විසඳන්න භාවිතා කෙළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාර්ගයක්. බිඳ වැටුණු සාම සාකච්ඡා ආරම්භ කළා. සාකච්ඡා වට තුනක් පැවැත්වූවා.

කොටි එතැනින් මඟ හැරලා ගියාට පස්සේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී විසඳුමක් සොයන්න ජනාධිපතිතුමා කි‍්‍රයා කළා. ඊට සමාන්තරව මැතිවරණ කාල සටහන අනුව සියලු මැතිවරණ පැවැත්වූවා වගේම ත‍්‍රස්තවාදයෙන් නැඟෙනහිර මුදා ගෙන ඒ ප‍්‍රදේශයේත් මැතිවරණ පවත්වලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කළා. මේ සියල්ලම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට ගත් පියවර . ඒ පැත්තෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කෙරුණු අත

රම රජයේ ස්ථාවරත්වයත් ශක්තිමත් වුණා. පාර්ලිමේන්තු ඉතිහාසයේ 1947 න් පසුව, අද තරම් පක්ෂ ගණනාවක් නියෝජනය කෙරෙන ආණ්ඩුවක් මීට කලින් තිබිලා නෑ.

එ.ජා.ප., ජ.වි.පෙ, හෙළ උරුමය , ඇතුළු පක්ෂ ගණනාවක් දෙමළ, මුස්ලිම් පක්ෂ ගණනාවක් වශයෙන් සෑම බලවේගයක්ම ආණ්ඩුවෙන් නියෝජනය කෙරෙනවා. එක්තරා දුරකට මේක ජාතික ආණ්ඩුවක් කියලත් කියන්න පුළුවන්. එල්.ටී.ටී.ඊ යෙන් කැඩී ගිය කොටස් පවා අද ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් ලෙස කි‍්‍රයා කරනවා.

දැවැන්ත වාරිමාර්ග
ව්‍යාපෘති පහක් එකවර කි‍්‍රයාත්මක වෙන යුගයක්

ඉදිකිරීම් හා
ඉංජිනේරු සේවා ඇමැති දොස්තර
රාජිත සේනාරත්න

මේ අතින් දේශපාලන ස්ථාවරත්වය අතින් අද අපි ඉතාම ඉහළ තැනක සිටින බවත් කියන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට ගත් කි‍්‍රයාමාර්ග තුළින් රටේ දේශපාලන ස්ථාවරතාවය ප‍්‍රබල ලෙස තහවුරු වී තිබෙනවා. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාතාවරණය මැද රටේ අති බහුතර ජනතාවගේ දැඩි සහයෝගයත් ලබා ගැනීමට ජනාධිපතිතුමා සමත්ව සිටිනවා. එය සුවිශේෂ ලක්‍ෂණයක්, ජයග‍්‍රහණයක්.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් ගත වූ වසර තුනේදී ශ‍්‍රී ලංකාව ලබාගත් ජයග‍්‍රහණ සියල්ලටම පදනම් වුණේ මහින්ද චින්තන ප‍්‍රතිපත්තියයි. 1956 දී මේ රටේ ඇති වූ පෙරළිය හා ජයග‍්‍රහණයන් තවදුරටත් ඉදිරියට ගෙන යෑමේ වෑයමක් හැටියටත් මහින්ද චින්තන වැඩපිළිවෙළ දකින්න පුළුවනි. දේශීය ආර්ථිකයට සවිමත් පදනමක් වැටීමත් විශේෂ ලක්ෂණයක්.

රටේ සෑම ක්ෂේත‍්‍රයකම දකින්නට ලැබෙන උද්දීපනය හා ප‍්‍රගතියට හේතුවත් මහින්ද චින්තන ප‍්‍රතිපත්තියයි. අද ලෝක ආර්ථික අර්බුදය හා ලෝක ආහාර ගැටලුව හමුවේ මෙතරම් ශක්තිමත්ව මුහුණදීමට ශ‍්‍රී ලංකාවට හැකි වීම ගැන මා විශ්මයට පත් වෙනවා. මේ අර්බුදය විසඳ්‍ර ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග මහින්ද චින්තන ප‍්‍රතිපත්තියේ සඳහන් වෙනවා.

එය අර්බුදය පෙර දැක්මක්. අවශ්‍ය කි‍්‍රයාමාර්ග නො ගත්තා නම් අද අපේ ආර්ථිකයට හා ආහාර අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් බරපතළ අවදානමක් ඇති වෙන්න ඉඩ තිබුණා. අද අපිට ලෝකය ඉදිරියේ චංචල නොවී ස්ථාවරව සිටීමට හැකි වී තිබෙන්නෙත් ඒ නිසයි. රටේ ආර්ථිකය අද ස්ථාවර තැනක පවතිනවා.

අනෙක් අතට බොහෝ අය අතින් අත පසු වුණු එහෙත් නැත්නම් කල් පසු වූ සංවර්ධන කටයුතු රැසක් ඉකුත් වසර තුනේදී ප‍්‍රායෝගික ව්‍යාපෘති බවට පත් වුණා. නොරච්චෝලේ තාප බලාගාරය, ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය, හම්බන්තොට වරාය මේ අතින් සුවිශේෂයි. පෙර සඳහන් කළ විදුලි බලාගාර ඉදිකිරීම් ආරම්භ නො කළා නම් අද ශ‍්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන්නේ දරුණු බලශක්ති අර්බුදයකටයි.

එතුමාට පැහැදිලි දැක්මක් තිබෙනවා

රාජ්‍ය පරිපාලන හා
ස්වදේශ කටයුතු ඇමැති එජාප ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායමේ
නායක දේශබන්ධු
කරු ජයසූරිය

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තවත් අංශයකින් ඉදිරියට ගියා. රටේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉන්දියාව, චීනය, ඉරානය වැනි රටවල්වලින් දැවැන්ත මූල්‍ය හා තාක්ෂණික ආධාර ලබා ගැනීමටත් එතුමා සමත් වුණා. ඊට සමගාමීව ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය හා විදේශ සබඳතා අද වනවිට ඉතා විශිෂ්ට තත්ත්වයකට පත්ව තිබෙනවා. අද ශ‍්‍රී ලංකාව පූර්ණ නොබැඳි තත්ත්වයේ විදේශ ප‍්‍රතිපත්තියක් පවත්වා ගෙන යන බවක් පෙනෙනවා.

ගම නැඟªම - මඟ නැඟුම ව්‍යාපෘති මගින් රටේ සංවර්ධනය මුළු රටම වෙළා ගත් තුලනාත්මක සංවර්ධන වැඩපිළිවෙළක් බවට පත් කිරීමත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ ඇති වූ කැපී පෙනෙන වෙනසක්.

එතුමා ජනතාවට ආදරය කරන නායකයෙක් බව මේ කාලයේ දී ඉතා හොඳින් පෙන්නුම් කර තියෙනවා. පෙරළා ජනතාවගේ ආදරය දිනා ගැනීමටත් එතුමා සමත් වුණා. 2005 දී ජනාධිපතිවරණයෙන් ජය ගන්නා අවස්ථාවේදී එතුමා ලබා තිබූ ජනප‍්‍රියත්වය අද කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබෙන බවක් පෙනෙන්නට තිබීම විශේෂ ලක්ෂණයක්.

සියලු ජාතීන් අතර විශ්වාසය දිනා ගැනීමට සමත් වීමත් එතුමා පෞද්ගලිකවත් රටක් හැටියට ශ‍්‍රී ලංකාවත් ලැබූ ජයග‍්‍රහණයක්. රටට හා ජනතාවට ආදරයෙන් ඍජු තීරණ ගැනීමටත්, ඒවා කි‍්‍රයාත්මක කිරීමටත් නො පැකිළුණු ජනාධිපතිතුමා අන්තර්ජාතික තලයේ දීත් පැසසුමට - ගෞරවයට පාත‍්‍ර වූ රාජ්‍ය නායකයෙක්. එය රටේ දියුණුවට - සමගියට හා සමෘද්ධියට විශාල පදනමක් සපයන බවත් අද තහවුරු වී තිබීම සතුටට කරුණක්.

ජනතාවගේ ජනවරමින් 2005 නොවැම්බර් 17 වැනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයට පත්වූ දවසේ සිට තම මාතෘ භූමියට හා රටවැසියාට ඉදිරිපත් කරන ලද මහින්ද චින්තනයේ වූ ප‍්‍රතිඥාවන් එඩිතරවත් ඵලදායීවත් කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කළා.

ඒකීය ශ‍්‍රී ලංකාව ආරක්ෂා කිරීමට දෙන ලද ප‍්‍රතිඥාව ඉදිරියට ගෙනයමින් ත‍්‍රස්තවාදය හා ත‍්‍රස්තවාදීන් අඟලින් අඟල පසුබස්වා පරාජය කිරීම නිසා දැනටමත් නැඟෙනහිර පළාත ත‍්‍රස්තවාදයෙන් මුළුමනින් මුදාගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය එහි ස්ථාපිත කිරීමට හැකිවීම විශාල ජයග‍්‍රහණයක්.

අපගේ වීරෝධාර රණවිරුවන්ගේ කැපවීම මත පරාජය කළ නොහැකි යැයි ඇතැමුන් මත දෙඩූ ත‍්‍රස්තවාදය පරාජය කර පෙන්වීමට එතුමාගේ නායකත්වය සමත් වුණා. ඒ ආකාරයටම උතුර නිදහස් කරගැනීමටත් දැන් අපගේ රණවිරුවන් කටයුතු කරගෙන යනවා. ත‍්‍රස්තවාදයේ පරාජයත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජයග‍්‍රහණයත් තුළින් අලුත් සමෘද්ධිමත් ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා ගත් පියවර අතිවිශිෂ්ටයි.

අභියෝග කරදර කුමන්ත‍්‍රණ හා හරස් කිරීම් දේශීය හා ජාත්‍යන්තරව එල්ලවන දේශපාලන ආර්ථික හා සාමාජයීය බලපෑම්වලට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙනයාමට එතුමාගේ රාජ්‍ය නායකත්වය යටතේ හැකිවී තිබෙනවා.

ආර්ථික වශයෙන් අප රට අහරින් ස්වයංපෝෂිත කිරීමටත් සීයට 70කට වැඩි ගම්බද ජීවත්වන ජනතාවට කෘෂිකර්මාන්තයෙන් ප‍්‍රතිලාභ ලැබෙන යුගයක් ඇති කිරීමටත් එතුමා සමත්වී තිබෙනවා.

ජනාධිපතිතුමාගේ
එඩිතර පියවර
ඉතිහාසයට එක්වේවි

ජාතික සමගි පෙරමුණේ නායිකා
නිවාස හා පොදු පහසුකම් ඇමැතිනී
ෆේරියල් අෂ්රෆ්

සාක් සමුළුවේ සභාපති ධූරයට පත්වීමෙන් මිත‍්‍ර රටවල සහයෝගය වැඩිදියුණු කරගනිමින් ජාත්‍යන්තර ක්ෂේත‍්‍රයේ ද සහයෝගය රටට හිතකර ලෙස වර්ධනය කරගැනීමට එතුමා සමත් වුණා.

විදේශ රටවල කඩා වැටුණ ආර්ථිකයත් ඉහළ යන තෙල් මිල ගණන් වැනි දුෂ්කර කාලපරිච්ඡේදයක ආර්ථික වර්ධන වේගය පවත්වාගෙන යමින් ජනතාවගේ ජීවන තත්ත්වය නංවන්න අනාගතය සඳහා කෙරෙන ආයෝජන වැඩිකරගන්නත් එතුමාට හැකිවුණා.

කල්ගතවී තිබූ ජනතාවගේ ජීවන තත්ත්වය නංවන්න අත්‍යවශ්‍ය වූ මෙතෙක් සැලසුම්වලට පමණක් සීමාවී තිබූ මහ පරිමාණ ව්‍යාපෘති ගණනාවක් මේ භූමිය තුළ ආරම්භ කරන්න ජනාධිපතිතුමාගේ මේ වසර තුනක සේවා කාලය තුළ හැකි වුණා.

 රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරගනිමින් දේශපාලන මතවාදයන්ට ඉඩදෙමින් ආර්ථික ඉලක්ක ළඟා කරගනිමින් රටවැසියාට සමෘද්ධිමත් ලංකාවක් විශ්වාසනීය අනාගතයක් ගොඩනැඟීමට මේ කෙටි කාලයේ දී වුවත් එතුමා ගත් පියවර ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනවාට සැකයක් නැහැ.

2005 වසරේ තිබුණේ සාමාන්‍ය ජනාධිපතිවරණයක් නෙවෙයි. ඒ ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයත් එක්ක ශ‍්‍රී ලංකා දේශපාලන තලයේ බරපතළ වෙනස්කම් ගණනාවක් සිදුවුණා. කොළඹ 7ට කොළඹ 3ට සීමා වෙලා තිබුණ බලය ගමට ගියා. පෙ‍්‍ර්මදාස මහතා ගැන කිව්වත් පෙ‍්‍ර්මදාස මහතා ශාරීරිකව ගමට ගියත් දේශපාලන බලය ගමට ගියේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසුවයි.

සුද්දගෙ කාලෙ ඉඳල ගමට අහිමි කළ දේශපාලන බලය බුද්ධිමය අයිතිය ගමට ගියේ මේ යුගය තුළයි. මොනරාගල, හම්බන්තොට, ති‍්‍රකුණාමලය ඈත ගම් නගර සංවර්ධනය අලුතින් ගොඩනැඟෙන වාණිජ නගර සමඟ යන අධ්‍යාපන, ආර්ථික, සමාජ සංවර්ධනය එම වෙනස හොඳින් පිළිබිඹු කරනවා.

සාන්ත තෝමස්, සාන්ත බි‍්‍රජට්, රාජකීය පාසල්වලට මෙතෙක් සීමා වෙලා තිබුණ තැන ආනන්ද, නාලන්ද, තර්ස්ටන්, වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලය වගේ පාසල්වලට මාරු වුණා. සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දොර විවර වුණා.

යුද්ධය පැත්තෙන් හොඳයි.. ඒත්?

එජාප ජාතික
සංවිධායක
එස්.බී.දිසානායක

රජයට එරෙහි බලවේග බලන්න. රනිල්, රවි, හකීම්, මංගල ඔවුන් සියලුදෙනා රාජකීය විද්‍යාලය නියෝජනය කරද්දී ජනාධිපති නාලන්දය කරු ජයසූරිය, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ආනන්දය නියෝජනය කරනවා. 56 දී මාර්ටින් වික‍්‍රමසිංහ මහතා ලිව්වා බමුණු කුලය බිඳ වැටුණා කියල. ඒ බමුණු කුලය නියම වශයෙන් බිඳ වැටුණේ මේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ් යුගයේදීයි.

ආර්ථික ක්‍ෂේත‍්‍රයේ 77 පටන් ගත්තු නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය දේශීය චින්තනය පදනම් කරගත් පරිසර හිතකාමී ආර්ථික ප‍්‍රතිපත්තියකට මාරුවෙලා තියෙනවා.

මේ ආසියාවේ ආර්ථික යෝධයෝ මතුවන යුගයක්. එදා ලෝක නිපැයුමෙන් සියයට 70 කට යුරෝපය ඇමෙරිකාව වගකියද්දී ආසියාවේ පංගුව සීයට 20 ක් වුණා. අද යුරෝපය ඇමරිකාවේ කොටස සීයට 42 කට සීමාවෙද්දී ආසියාවේ කොටස සීයට 39 ට නැගලා.

ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංසය හා ජර්මනියට සීමාවෙලා තිබුණ ආර්ථික ප‍්‍රගමනය අද ඉරානයේ සිට ජපානය දක්වා ෂහිද ගොස් තිබෙනවා. එතනදි මහින්ද රාජපක්ෂ රජය ලබාගත් ණය ආධාර වලින් සීයට 90 ක් ආසියාව මත පදනම් වෙලා තියෙන්නේ.

උතුරු නැඟෙනහිර ප‍්‍රශ්නය විසඳීමේදී දෙමළ ජනතාව වෙනම ජාතියක්, නිජභූමියක් ගැන කෙරුණ කතා වෙනුවට නිරවිකරණය, ප‍්‍රජාතන්තී‍්‍රකරණය හා සංවර්ධනය යන ති‍්‍රමාණ වැඩපිළිවෙළ හඳුන්වා දී තිබෙනවා.

මේ අලුත් උපාය මාර්ගය අනුව එකක් අනික අභිබවා යන්න බැහැ. අද නැඟෙනහිර මේක කි‍්‍රයාත්මකයි.

මේ අය-වැයෙන් නැඟෙනහිර සංවර්ධනයට වැඩිපුර බිලියන 5 ක් වෙන්කර තිබෙනවා. නැඟෙනහිර නවෝදයට බිලියන 138 ක් වැය කරනවා. ඉදිරි අවුරුදු පහට. උතුරු පළාත නංවන්නත් උතුරු වසන්තය වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරනවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අවුරුදු තුනක ගමන මේ රටට සාමයත්, සංවර්ධනයත්, සමෘද්ධියත් උදා කරන නව අලුත් මාවතක් විවෘත කරල තියනවා. මේක පැහැදිලිව රට ඉදිරියට ගෙනියන ගමනක්. රට ආපස්සට ගෙනි යන ගමනක් නෙවෙයි. මේ ගමන් මාවත සමහරුන්ට අවබෝධ කරගන්න බැරිවෙලා තියනවා.

ලතින් ඇමරිකාවේ සිදුවෙලා තියන වෙනස අධ්‍යයනය කළ ඕන කෙනෙකුට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය යටතේ සිදුවෙමින් තිබෙන වෙනස හොඳින් අවබෝධ කරගත හැකියි.

මම එජාපයේ ඉන්න වෙලාවෙත් කිව්වේ ලතින් ඇමරිකාවේ සිදුවෙමින් තිබෙන විප්ලවය අප හැමෝම හැදෑරිය යුතුයි කියලයි.

නව ලිබරල් ධනවාදය ප‍්‍රතික්ෂේප කරන අතර අනෙක් පැත්තෙන් සමාජවාදයත් ප‍්‍රතික්ෂේප කරමින් ජනාධිපතිතුමා ජාතික ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කර තිබෙන්නේ “වෙළඳ ආර්ථික රාමුව“ තුළමයි.

මේ වැඩපිළිවෙළ කොයිතරම් සාර්ථක වෙලා තියනවද කියල අවබෝධ කරගන්න පුළුවන් ආර්ථික දර්ශක සියල්ල ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හැකිවීම නිසා. ආර්ථික වර්ධනය මේ අවුරුදු තුන තුළ සීයට 6 කට වැඩිය තියාගන්න පුළුවන් වෙලා. එවැනි ඉහළ ආර්ථික වර්ධනයක් පවත්වාගන්න පුළුවන් වෙලා තියන රටවල් ලෝකයේම තියෙන්නෙත් ස්වල්පයයි.

විරැකියාව මේ අවුරුදු තුනක පාලනය යටතේ ඉතිහාසයේ අඩුම අගයට සීයට 5.5 දක්වා අඩු කර ගන්න පුළුවන් වුණා. රැකියා නැති පිරිස ලක්ෂ 8 ඉඳන් ලක්ෂ 5 ට අඩුකර ගත්තා. අලුත් රැකියා ලක්ෂ 3 කට වැඩි ප‍්‍රමාණයකින් වැඩිවෙලා.

මේ කාලය තුළ දැවැන්ත සංවර්ධනයකට අතගහල තියනවා. මෙතන තියන සුවිශේෂත්වය තමයි ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වරට ප‍්‍රධාන වාරිමාර්ග යෝජනා ක‍්‍රම 5 ක් එකවර කි‍්‍රයාත්මක වීම. අපේ ඉතිහාසයේ ම වාරිමාර්ග යෝජනා ක‍්‍රම දෙකක් එකවර කි‍්‍රයාත්මක කරල තියෙන්නේ මහා පරාක‍්‍රමබාහු රජතුමාගේ යුගයේ විතරයි.

මේ අනුව මොරගහකන්ද, රඹුක්කන්ඔය, දැදුරුඔය, වෙහෙරගල හා උමා ඔය ව්‍යාපෘති දැන් කි‍්‍රයාත්මක වෙනවා.

මීට අමතරව පරාක‍්‍රම සමුද්‍රය, ගිරිතලේ ඇතුළු වාරිමාර්ග ක‍්‍රම 11 ක ධාරිතාව වැඩිකර ගන්න තවත් ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක වෙනවා. රටේ අධිවේග මාර්ග 4 ක් හැදෙනවා. වරාය වල් 4 ක් හැදෙනවා. ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් හැදෙනවා.

තාප බලාගාර 4 ක් හැදෙනවා ගුවන් පාලම් 19 ක් මහාමාර්ග 200 ක්, පාලම් 268 ක් අලුතින් හැදෙනවා. මෙවැනි දැවැන්ත සංවර්ධනයක් කරන ගමන් මූල්‍ය පාලනය ඉහළ මට්ටමක පවත්වා ගනිමින් 2003 දී සීයට 8.1 කට තිබුණා.

අයවැය හිඟයත් 2008 දී සීයට 6.7 දක්වා අඩු කරගෙන තිබෙනවා. රජයේ සේවකයන්ගේ පඩි වැඩි කළා.

2003 දී තිබුණා රජයේ සේවකයන්ගේ බිලියන 96.5 වැටුප් බිල මේ වෙන කොට බිලියන 200 ක්. 2003 දී බිලියන 31 තිබුණ විශ‍්‍රාම වැටුප් බිලත් 2008 වෙන කොට බිලියන 68 ට වැඩි වෙලා.

දැවැන්ත සංවර්ධනයක් සමඟ මහා පරිමාණ සුබසාධන වැඩපිළිවෙළක් පවත්වා ගනිමින් විශාල රැකියා ප‍්‍රමාණයක් ජනිත කිරීමටත් හැකිවීම මහින්ද රාජපක්ෂ පරිපාලනයේ සුවිශේෂ දක්ෂතාවක්. මේ කටයුතු කළේ පසුගිය කාලයේ කළා වගේ රාජ්‍ය අය වැය පියවා ගන්න කිසිදු ආයතනයක් විකුණා නොදමමින් බව අමතක කරන්න එපා.

ආරක්ෂක වියදම එදා 2003 දී බිලියන 47 ට තිබුණත් අද එය බිලියන 200 ක්. අද ත‍්‍රස්තවාදීන් නළවන්නේ නැහැ.

ත‍්‍රස්තවාදීන් පරාජය කරමින් අපේ හමුදාව ඉදිරියට යනවා. අද ත‍්‍රස්තවාදීන් හමුදාව සමග සටන් කළ නොහැකිව පළා යන තත්ත්වයකට පත් වෙලා.

ත‍්‍රස්තවාදීන්ගේ යුද යන්ත‍්‍රය හොඳටම අඩපණ වෙලා. ආරක්ෂක වියදම ඉහළ ගියත් එහි ප‍්‍රතිශතය බැලුවහම ඒක තියෙන්නේ කිසිම ආරක්ෂක තර්ජනයක් නැති සිංගප්පූරුවේ තියන ආරක්ෂක වියදම් ප‍්‍රතිශතයටත් පහළින්.

කොයි අංශයෙන් බැලුවත් රට ඉදිරියට ගෙනියන මේ ඓතිහාසික ගමන ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනවාට සැකයක් නැහැ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පසුගිය තෙවසරක පාලන කාලය පිළිබඳව මටත් අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායමත් සෑහීමකට පත්වෙනවා. එතුමාට අපි සුබපැතුම් පිරිනමනවා. එජාප ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායම ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජයට සහාය දැක්වීමට තීරණය කෙළේ දශක තුනකට අධික කාලයක් මේ රටේ පවතින ජනවාර්ගික ප‍්‍රශ්නය විසඳීමට එතුමාට පැහැදිලි දැක්මක් ඇති නිසයි.

එදා එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමට උත්සාහ දරමින් මාවිල් ආරු සොරොව්වේ ජලය වසා වගා බිම්වලට පමණක් නොව තිරිසන් සතුන්ට ද ජලය ලබා නොදෙමින් කළ ම්ලේච්ඡ කි‍්‍රයාව අපි හෙළා දැක්කා. ඒ අනුව අපි 17 දෙනා එජාප ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායම ලෙස ජනාධිපතිතුමාට රජයට පූර්ණ සහාය ලබාදී රජය ශක්තිමත් කිරීමට අපි තීරණය කළා.

එකල රජය සමඟ ඡන්දය ඉල්ලූ සමහර පක්ෂ රජයට උදව් නොකරන කාලයේ අපි කෙළේ රජයට ශක්තියක් දී රට බේරා ගැනීමට උදව් කිරීමයි. ඒ වගේ 2007 අය වැය ඡන්දය වෙලාවෙත් අපි රජයට පූර්ණ සහාය ලබාදී රජය ජයග‍්‍රහණය කරවූවා. එදා රජය පැරදුනා නම් රජය පෙරළෙන්නත් ඉඩ තිබුණා. එවිට මේ ප‍්‍රශ්නය විසඳන්න ලැබෙන්නේ නැහැ.

අපි රජයට ජනාධිපතිතුමාට ලබාදුන් ශක්තිය නිසා ‘මාවිල්ආරු තොප්පිගල නැඟෙනහිර පළාත පමණක් නොව මන්නාරම පවා මුදා ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. අද ආරක්ෂක හමුදා කිළිනොච්චිය වටේම මුදාගෙන ඉදිරියටම යනවා. අපිට මේ පිළිබඳව සතුටුයි. අපි රජයට ලබාදුන් සහාය නිසා ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුමක් සමඟ මානුෂික මෙහෙයුම් රැසක් සිදුවුණා. රජයට ජය ලැබුණා.

මේ පිළිබඳව අපි අපේ සුබ පැතුම් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිරිනමනවා එතුමාගේ රාජ්‍ය නායකත්වය අපි අගය කරනවා. එතුමාගේ වසර තුනක කාලය ඇතුළත මා යටතේ ඇති රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ජනතාවට ගොඩක් වැඩ කරන්න පුළුවන් වුණා. ඉස්සර උප්පැන්නයක් විවාහ සහතිකයක් ගන්න මාස ගණන් ගියා.

දැන් විනාඩි දෙක තුනෙන් පුළුවන්. ඉස්සර විශ‍්‍රාම වැටුප් ගන්න අවුරුද්දක් දෙකක් ගියා. දැන් මාසෙන් අපි විශ‍්‍රාම වැටුප් දෙනවා. මේ සියල්ල ජනතාවට ලබාදෙන්න පුළුවන් වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ අපි එක්වී කටයුතු කිරීම නිසයි. ජනාධිපතිතුමත් අපිත් දේශපාලන වශයෙන් මත දෙකක හිටියත් අපි එතුමාගේ කි‍්‍රයා කලාපය අගය කරනවා. වසර තුනක පාලන කාලය පිළිබඳව අපි තෘප්තිමත්.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනාධිපති පදවි ප‍්‍රාප්තියට තුන් වසර සපිරෙන මේ මොහොතේ සිහිපත් කළ යුතු වැදගත් කරුණු කීපයක් ඇත.

අපගේ මවු බිමේ හා ජනතාවගේ අනාගත සුබ සිද්ධිය හා සෞභාග්‍ය උදෙසා වැදගත් මෙන්ම තීරණාත්මක මංසන්දියක අවශ්‍ය නිවැරැදි තීරණ රැසක් ගනිමින් ගෙවුන තෙ වසරේ ජනාධිපති තුමා ගත් එඩිතර පියවර ඉතිහාසයට එක්වනු නිසැකය.

මෙරට පවතින අර්බුදයට යුදමය තීරණය අවසාන පිළියම නොවන බව ප‍්‍රකාශ කරන අතර, කුරිරු ත‍්‍රස්තවාදී ප‍්‍රහාර හමුවේ ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීම හැර රාජ්‍ය නායකයකුට වෙනත් විකල්ප කි‍්‍රයාමාර්ග නොමැති බව අපගේ අදහසයි.

මෙම තත්ත්වය මනාව අවබෝධ කර ගෙන රටේ අනාගතය උදෙසා එතුමා ගෙන යන කි‍්‍රයාමාර්ග හරහා රටේ ජනතාවට ශී‍්‍ර ලාංකිකයින් ලෙස සහෝදරත්වයෙන් යුතුව ජීවත්වීමට ඇති අයිතිය ලබා දීමට දරණ උත්සාහය සාර්ථක වේවායි අපගේ ප‍්‍රාර්ථනයයි.

මුළු මහත් ලෝකය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති මොහොතක කුරිරු ත‍්‍රස්තවාදය හා සටන් කරමින් ඉදිරියට යන විට මුහුණ දීමට සිදුවන අසීරුතාවන්ද, මෙම ප‍්‍රශ්නය නිවැරැදිව හඳුනා නොගත් අයගෙන් කෙරෙන අයුතු බලපෑම් ද මැද ජනාධිපතිතුමා රට ඉදිරියට ගෙන යෑමට දරණ උත්සාහය කොපමණ දුෂ්කරද යන්න ජනතාව හොඳින් වටහා ගෙන ඇත.

මේ සියලු අවහිර, බාධක, දුෂ්කරතා මැද වුවද නොසැලී ඉදිරියට යන ජනාධිපතිතුමාගේ උත්සාහයන් සාර්ථක වේවායි ද, ඒ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා වාසනාව එතුමාට නොඅඩුව ලැබේවායි ද ඉත සිතින් ප‍්‍රාර්ථනා කරමි.

යුද්ධය පැත්තෙන් ගත්තොත් නම් ජනාධිපතිතුමා ප‍්‍රභාකරන්වත් එල්ටීටීඊ සංවිධානයත් හොඳට හිර කරලා තියනවා. ඒ වගේම යුද්ධය ඉස්සරහට ගෙනියනවා. ඒ ගැන සතුටුයි. හැබැයි යුද්ධයේ සැබෑ තත්ත්වය හොඳටම විකෘති කරල රටට පෙන්වන බව පේන්නේ. යුද්ධය මුවාවෙන් මාධ්‍ය නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව අයිතිවාසිකම් ඉතා බරපතළ ලෙස හානි කරල තියනවා.

ආර්ථිකය පැත්තෙන් ගත්තොත් මේ ගෙවීගිය වසර තුනේ ඉතාම නරක විදියට රටේ ආර්ථිකය විනාශයෙන් විනාශයට ගෙනයමින් තිබෙනවා. ඒ නිසා රටේ සංවර්ධනය පැත්තෙන් මහින්ද රාජපක්ෂ සම්පූර්ණයෙන් අසාර්ථකයි. යුද්ධයේ කිසියම් සාර්ථකත්වයක් තියෙනවා. ඒත් උතුරේ ජනවර්ග ප‍්‍රශ්නය විසඳන්න සැබෑ බලය බෙදීමේ විසඳුමකට යන්න සූදානම් බවක් ජනාධිපතිවරයා පෙන්වන්නේ නැහැ.

යුද්ධයෙන් පමණක් මේ ප‍්‍රශ්නය විසඳන්න බැරි බවත් ලෝක භාවිතාවෙන් වත් මෙවැනි ප‍්‍රශ්න යුද්ධයෙන් පමණක් විසඳ්‍ර නැති බවත් ඔවුන් අවබෝධ කරගත යුතුයි.