|
පාරිසරික ගොවිතැනේවැදගත්ම අංගය වසුන් යෙදීමයි

පාරිසරික ගොවිතැනේ
වැදගත්ම අංගය වසුන් යෙදීමයි
බොහෝ දෙනෙක් තම ගෙවත්ත වගා කිරීමට පෙළඹී සිටිති. තම ගෙවත්ත ඇත්තේ කුමන ප‍්‍රදේශයක ද
යන්න ගෙවතු වගාවේදී වැදගත් වේ. මෙයට හේතුව පාරිසරික ගොවිතැන් පද්ධතිය හඳුනා ගැනීම මගින් වගා කටයුතු කිරිම පහසුවීමයි. පරිසර සමතුලිතාවය රැක ගැනීමට උපකාරී වෙන සම්ප‍්‍රදායික ක‍්‍රම යොදා ගැනීම මගින් පරිසරයට හානියක් නොවේ.
ලෙඩ රෝග බහුල වී තිබෙන්නේ අද වගා ක‍්‍රම පරිසර හිතකාමී නොවීම නිසයි. එවැනි
තත්ත්වයන් අවම කර ගැනීම සඳහා පාරිසරික ගොවිතැන් පද්ධති පිළිබඳ අවබෝ ධයක් ලබාගැනීම කාලෝචිත වේ. ඒ පිළිබඳ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යා පීඨයේ ආචාර්ය ගාමිණී හිටිනායක ගෙන් තොරතුරු විමසුවෙමු.
පරිසරික ගොවිතැන යනු කුමක්ද? ස්වභාවික පරිසර කි‍්‍රයාවලින්ට අනුකූලව යමින් ද එම කි‍්‍රයාවලිය වැඩිදියුණු කරමින්
ස්වභාවික සම්පත් සහ ගොවිපළ සම්පත් උපරිම ලෙස කළමනාකරණය කරමින් ද පසේ සහ අවට පරිසරයේ
දීර්ඝ කාලින පැවැත්ම රැක ගනිමින් සිදු කරන ගොවිතැන් ක‍්‍රමය පාරිසරික ගොවිතැන ලෙස
හැඳින්විය හැකිය.
ඒ නිසයි මේ ක‍්‍රමය සාරවත්භාවය දියුණු කරන ගොවිතැන් ක‍්‍රමයක් ලෙස
හඳුන්වන්නේ. ගොවිපොළ පරිසරය තුළ වරින්වර සිදුවෙන වෙනස්වීම් හොඳින් අවබෝධ කර ගත යුතු
ය. සාම්ප‍්‍රදායික මෙන් ම නව තාක්ෂණ ක‍්‍රමවල එකතුවක් ලෙස මේ ගොවිතැන් ක‍්‍රමය
හඳුන්වන්න පුළුවන්.
මේ ක‍්‍රමය සාර්ථක කර ගැනීම සඳහා දේශීය බීජ යොදා ගැනීම ඉතාම
වැදගත් වෙනවා. සංරක්ෂණ වගා ක‍්‍රම, කෘෂි වන වගා ක‍්‍රම කාබනික වගා ක‍්‍රම, සමෝධානික
වගා ක‍්‍රම, පර්මාකල්චර් වැනි සංකල්ප ඇතුළත් වෙනවා. පාරිසරික ගොවිතැනේ විශේෂත්වය කුමක්ද? අනෙකුත් ගොවිතැන් ක‍්‍රම මෙන් නොව මෙය ස්වභාවික කි‍්‍රයාවලියක්. ගොවිපළ තුළ ඇති
සම්පත් තුළින්ම එහි සාරවත් බව වර්ධනය වෙනවා. ගොවිපළේ සිටින සතුන් මෙන් ම ශාක ද මේ
සඳහා උපකාරි කරගන්න පුළුවන්.
සතුන් ගේ මලමුත‍්‍ර කොම්පෝස්ට් සඳහා යොදාගන්න පුළුවන්.
මේ ආකාරයට නිර්මාණය කරගන්නා කොම්පෝස්ට් පාංශු ජීවීන්ට පෝෂක උපස්ථරයක් ලෙස කි‍්‍රයා
කරනවා.
පුළුල් ප‍්‍රදේශයක පසේ සාරවත් බව වැඩි කිරීමට කොළ පොහොර භාවිතය සුදුසුයි.
බෝග මාරුව වැනි ක‍්‍රම යොදා ගැනීම මගින් වගාව වඩාත් ක‍්‍රමවත් වෙනවා. වල් පැළෑටි මර්දනය හා කෘමි පාලනය සඳහා ද භාවිතා කළ හැකි තාක්ෂණික ක‍්‍රම රැසක්
තිබෙනවා. ප‍්‍රාග්ධන සූක්ෂ්ම ක‍්‍රමය සහ දැනුම් සූක්ෂ්ම ක‍්‍රමය මෙහිදී භාවිතා වෙනවා. නවීන
ක‍්‍රමය මෙන් ම පාරම්පරික ක‍්‍රමයටත් කෘමි හානි පාලනය කරගන්න පුළුවන්. එහෙත්
ප‍්‍රාග්ධන සූක්ෂ්ම ක‍්‍රමයට වඩා දැනුම් සූක්ෂ්ම ක‍්‍රමය ද නවීන ක‍්‍රමයට වඩා
පාරම්පරික ක‍්‍රමය ද ඉතාම වැදගත්. පාරිසරික කෘෂිකර්මයේ ප‍්‍රධාන ලක්ෂණ මොනවාද? පරිසර ගොවිතැන සියලුම පද්ධති එකතු කරගත් තැනක්. ගෙවත්තත් කෘෂි වන වගාවට ඇතුළු
වෙනවා. පාරිසරික කෘෂිකර්මයට ආවේණික විශේෂ ලක්ෂණ තියෙනවා.” පසේ සාරවත් බව දියුණු
කිරීමට කොම්පෝස්ට් කිරීම, ආදිය කරන්න හැකියාව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි බෝග මාරුවත් අත්‍යවශ්‍යයි. වල් මර්දනයට මෙන් ම පළිබෝධ මර්දනයට
පාංශු පෝෂක වල තුලිතතාව ඇති කරගැනීමටත්, බෝග මාරුව වැදගත් වෙනවා.
මේ විතරක් නෙවෙයි
කොළ පොහොර යෙදීමත් වැදගත්. පසේ කාබනික ද්‍රව්‍ය ප‍්‍රමාණය හා නයිට‍්‍රජන් ප‍්‍රමාණය
මේ නිසා වැඩිවෙනවා. පාරිසරික කෘෂිකර්මයේ වැදගත් ම අංගය වසුන් යෙදීමයි. වසුන් යෙදීම වල් මර්දනයට, ජල
සංරක්ෂණයට පාංශු ඛාදනය අඩු කිරීමට සහ ලවණතාවය පාලනය කිරීමට වැදගත් වෙනවා.
ද්‍රව
පොහොර හා ශාක නිස්කාරක යෙදීම, අමතර පෝෂක සැපයීම සඳහා භාවිතා වේ. පාරිසරික
කෘෂිකර්මයේ තවත් අංගයකි පළිබෝධ පාලනය. මේ හැරුණ විට අන්තර් බෝග වගාව ද වැදගත්
ලක්ෂණයක් ලෙස හඳුන්වයි.
මෙහිදී පළිබෝධ සහ වල් පැළ පාලනයට මෙන් ම පාංශු සම්පත් උපරිම
අයුරින් ප‍්‍රයෝජනයට ගැනීමට වැදගත් වේ. උස් පාත්ති, කෘෂි වන වගාව සෙවණ ශාක, ජීව ගති
විද්‍යාව පාරිසර ගොවිතැනේ ලක්ෂණ වේ. පරිසර ගොවිතැන ආරම්භ කිරීමට සුදුසුම ආකාරය වන්නේ මුලදී භූමියේ කොටසක වගාව ආරම්භ කර
උචිත කාලවලදී එම වගාව ව්‍යාප්ත කිරීමයි.
එසේම බෝග ශීඝ‍්‍ර වර්ධනයක් නොපෙන්නුව ද වඩා
පෝෂදායික ජලය අඩු ගුණාත්මක බෝග අපේක්ෂා කළ හැකි ය. ශී‍්‍ර ලංකාව තුල මුල් බැසගත් ගොවිතැන් පද්ධති මේවායි .
උඩරට ගෙවතු වගාව
වියළි කලාපයේ වැව් ගම්මාන
පරිසර පද්ධතිය
වැඩි දියුණු කළ පුරන් පද්ධතිය සාමාන්‍ය බිමක මෙන් උඩරට ප‍්‍රදේශයේ ගෙවතු වගා කිරීමට අසීරුතාවක් පවතී. මහනුවර
ප‍්‍රදේශයේ සුලභව හමුවෙන බහු ස්ථරීය ගෙවතු ක‍්‍රමය මෙහිදී කදිම නිදසුනක් ලෙස
හඳුන්වා දෙන්න පුළුවන් .
මෙහිදී ඇති සුවිශේෂත්වය විවිධ ශාක විශේෂ තිබීමයි. ගෙවතු
හිමියෝ විවිධ ආර්ථික වටිනාකමෙන් යුත් පලතුරු සහ එළවළු සපයා දෙති. ජෛව විවිධත්වය
සංරක්‍ෂණය හා මැද රට තෙත් කලාපයේ ජල පෝෂක ප‍්‍රදේශයන්හි පරිසරයේ හා භූමියේ මනා
පැවැත්මට සුවිශේෂ මෙහෙවරක් ඉටු කරනවා.
උඩරට ගෙවතු වගාව කෘෂිකාර්මික හා වන වගාවේ
සම්මිශ‍්‍රණය ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. උඩරට ගෙවතු වගාවල සැකැස්ම ආර්ථික
නම්‍යශීලිත්වයෙන් යුක්ත වෙනවා. නිෂ්පාදනය කරන එළවළු පලතුරු වුණත් විවිධත්වයෙන්
යුක්ත නිසා ආර්ථික වශයෙන් අසාර්ථකවීමට ඇති ඉඩකඩ අඩුයි.
මේ ගෙවතු වනාන්තර ලෙස පවත්වා
ගැනීමට උඩරට වැසියන් පුරුදු වී ඇත්තේ සිසිල් දේශගුණයක් සහ යහපත් පරිසර වාතාවරණයක්
තම නිවාසය වටා පවත්වා ගැනීමට හැකි වන නිසයි. මෙහිදී බෙදා ඇති ස්ථරය අනුව ශාක ස්ථරවල වගාකරන ශාක විශේෂ වෙනවා. මේ අනුව මුදුන්
ස්ථරයේ ,පොල්, පුවක්, කොස්, වැනි ශාක වගා කරනවා . දැව නිපදවන ශාක අතර කොස්, ගිනි
සපු ,මහෝගනී මුදුන් ස්ථරයේම වගා කරනවා.
යටි ස්ථරයේ වූ පඳුරු වල, කෝපි, කොකෝවා, තේ,
වගාකිරීමට හැකියාව තියෙනවා. මධ්‍යම ස්ථරයේ වැඩි වටිනාකමකින් යුත් කුළු බඩු බෝග වගා
කරනවා. මේ අතර කරාබු සහ සාදික්කා වැදගත් වෙනවා. මැද ස්ථරයේ කෙසෙල්, වැටහිර,
ගම්මිරිස් ආදී විවිධ පැළ වර්ග වගා කරන්නත් පුළුවන්. උඩරට ගෙවතු පද්ධති වල සැකැස්ම වෙනස්වෙන සුලු විවිධාංගිකරණයට ලක් වෙමින් පවතී. බොහෝ
දුරට වගා කරන්නේ ගෙවත්තට අවශ්‍ය ද්‍රව්‍ය පමණි. ගෙවතු වලින් ලබන ආදායම අතිරේක
ආදායමක් මිස මිනිසුන් ප‍්‍රධාන ආදායමක් කරගන්නෙ නැහැ. උඩරට ගෙවතු වගා පද්ධතිය හැරුණු විට වඩාත් වැදගත් පරිසර පද්ධතියක් තියෙනවාද? හැම පරිසර පද්ධතියක්ම වැදගත්. මේ අතර වියළි කලාපයේ වැව් ගම්මාන පරිසර දැනුවත්වීම
වැදගත් වෙනවා.
ජනාවාස ඇති කිරීම සඳහා ජලය සීමාකාරි සාධකයක් වී ඇති හා වෙනත් අහිතකර
භෞතික සාධක ගොනු වී ඇති පරිසරයක් තුළ ඉඩම් පරිහරණය කිරීම හා ඉඩම් නඩත්තු කිරීම
පිළිබඳ ගැටලු සංකීර්ණ වූත් විශේෂ වූත් ඒවා බවට පත්ව තිබෙනවා. එහෙත් සිංහල ශිෂ්ටාචාරය එහි උච්චත්වයට පත්වී ඇත්තේ මේ පරිසරය තුළ දීමය. එම නිසා
වියළි කලාපයේ කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා නියත වශයෙන්ම පාරම්පරික පරිචයක් මඟින්
ගුරුහරුකම් ලබාගැනීමට හැකියාව තිබෙනවා.
ශී‍්‍ර ලංකාවේ වියළි කලාපීය මානවයා සිය
ගම්මාන තනා ගැනීම සඳහා මූලිකව භාවිතා කරනු ලැබුවේ එහි සියුම් භූ විසමතාවයි. ලංකාවේ
සමස්ත වියළි කලාපයටම මේ ගොවිතැන් ක‍්‍රමය ආවේණික වී තිබේ. මෙහි ජනපි‍්‍රය වී
තිබෙන්නෙ. වැව් ගම්මානයක කෘෂිකර්මාන්තය ප‍්‍රධාන වශයෙන් ආකාර තුනකින් සමන්විත විය. එය ගෙවත්ත
හේන හා කුඹුර යන මේ තුන් ආකාරයට අයත් වෙනවා.
|