ටෙලිකොම් මොබිටෙල් හඳුන්වාදෙන ඉර්ඒඅඊ පැයේ නිදහස
ටෙලිකොම් මොබිටෙල් හඳුන්වාදෙන
SMART පැයේ නිදහස
ශ‍්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම හඳුන්වා දුන් ”SMART එක් දින නිදහස” සහ
”SMART සත්දින නිදහස” පැකේජයෙහි ප‍්‍රචලිතභාවය හේතුවෙන් එහි තවත් අදියරක් ලෙස
”SMART පැයේ නිදහස” හඳුන්වා දෙයි. පෙරගෙවුම් ග‍්‍රාහකයන් සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට සිය ජාලය තුළ නොමිලේ ඇමතුම්
ගැනීමට අවකාශ ලබා දුන් SMART නිදහස පැකේජයෙහි තවත් එක් පියවරක් ලෙස ”SMART
පැයේ
නිදහස” හඳුන්වා දෙයි. තරගකාරී වෙළෙඳපොළ තුළ එක් මානයක් අරමුණු කර ගත් මොබිටෙල් සමාගම සිය ග‍්‍රාහකයින්
කුඩා මිනුම් දඬු තුළ සීමා කිරීම වෙනුවට වඩ වඩාත් අවම වූ ඇමතුම් ගාස්තු ලබා දීමෙන්
ජංගම දුරකථන සන්නිවේදනය වඩවඩාත් ප‍්‍රචලිත කිරීමට සැමවිටම කි‍්‍රයා කරයි. සියලු
SMART පෙරගෙවුම් පාරිභෝගිකයන්ට මෙය විවෘතව පවතින අතර, අංක 141 අමතා පසුව අංක
9 ඇතුළත් කර උපදෙස් පිළිපැදීමෙන් මෙම සේවාව කි‍්‍රයාත්මක කර ගත හැක. ක්ෂණිකව කි‍්‍රයාත්මක කිරීමේ සේවාවක් ලෙස මෙම විකල්ප ගාස්තු ක‍්‍රමය ලබා
දෙයි. කි‍්‍රයාත්මක කළ සැණින් ග‍්‍රාහකයා වෙත එළඹෙන පැයක කාලය පුරාවට මොබිටෙල් ජාලය
තුළ සාමාන්‍ය ඇමතුම් මිනිත්තු 60ක් දක්වා ද, වීඩියෝ ඇමතුම් මිනිත්තු 60 ක් දක්වා ද
SMS 60 ක් දක්වා ද නොමිලේ අත්විඳීමේ නිදහස ලැබේ.
|