|
පුනරින් අල්ලයි!
කිලිනොච්චියේ අවසන් මහ බලකොටුව. .
පුනරින් අල්ලයි!
විසි වසරකට පසු යාපනයට ගොඩබිම් මාර්ගයක් ඇරේ
ලක්ෂ හයක යාපනයේ ජනතාවට ගමන් පහසුව
කොටින්ගේ මුහුදුබඩ සැපයුම් මාර්ගය විනාශයි
යාපනයේ සෙබළුන්ට වන්නි සටනට එක්වීමට ඍජු මාර්ගයක්
කිලිනොච්චියේ කොටි ත‍්‍රස්තවාදීන් සතුව තිබූ අවසන් මහ බලකොටුව ලෙස සැලකෙන පුනරින්
ප‍්‍රදේශයත්, ඒ 32 මාර්ගයත් මුළුමනින් ම අත්පත් කැර ගැනීමට ආරක්ෂක හමුදාවෝ ඊයේ සමත්
වූහ.
පුනරින් ප‍්‍රදේශය මෙසේ අත්පත් කැර ගැනීමට ලැබුණේ 1993 න් පසුවය.
මේ සමඟ ම පළමු වරට යාපනය දක්වා වූ ඒ 32 මාර්ගය හා පුනරීන් ප‍්‍රදේශය කොටින්ට අහිමි
වීම නිසා මුහුදුබඩ සැපයුම් මාර්ගය ද ඔවුන්ට මුළුමණින් ම අහිමි වන අතර පලාලි කඳවුරට
හා කන්කසන්තුරේ වරාය ප‍්‍රදේශයට කාල තුවක්කු ප‍්‍රහාර එල්ල කිරීමේ හැකියාව ද අහෝසි
වන බැව් ආරක්ෂක අංශ පවසයි. ඒ 32 මාර්ගය මුදා ගැනීමට හැකි වීම නිසා යාපනය දක්වා
ගොඩබිම් මාර්ගයක් විවෘත වන අතර එමඟින් හය ලක්ෂයකට ආසන්න යාපනයේ ජනතාවට පහසුවෙන්
කොළඹ දක්වා ගමන් කිරීමට ද, ආරක්ෂක අංශ සාමාජිකයින් ගොඩබිම ඔස්සේ ප‍්‍රවාහනය කිරීමට
ද අවස්ථාව සැලසෙයි. මීට අමතරව යාපනයේ සිටින 50,000 කට ආසන්න හමුදා සාමාජිකයන්ට
මුලතිව් හා කිළිනොච්චි මුදා ගැනීමේ සටනට පහසුවෙන් එකතුවීමේ අවස්ථාව ද සැලසෙයි.
පුනරින් හා ඒ 32 මාර්ගය ආරක්ෂක අංශ විසින් මුළුමණින් ම මුදා ගැනීම කොටි
ත‍්‍රස්තවාදීන් මෑත කාලයේ ලැබූ අතිදැවැන්ත පරාජයක් ලෙස ද වාර්තා ගත වෙයි.
|