අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 42 කින් සම්මතයි
අයවැය දෙවැනිවර කියවීම
වැඩි ඡන්ද 42 කින් සම්මතයි
ජානිපෙ රජය සමඟ එක්ව ඡන්දය දෙයි
සුනිල් දයා අල්විස් දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ සිව්වැනි අයවැය දෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 42
කින් පාර්ලිමේන්තුවේදී ඊයේ පස්වරුවේ සම්මත විය. අය වැයට පක්ෂව ඡන්ද 127 ක් ද
විපක්ෂව ඡන්ද 85 ක් ද ලැබිණි. අයවැයට පක්ෂව ආණ්ඩුව සමඟ ජාතික හෙළ උරුමය, ජාතික
නිදහස් පෙරමුණ, ටී.එම්.වී.පී. පක්ෂය, එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී
කණ්ඩායම හා උඩුවේ ධම්මාලෝක හිමියෝ ද ඡන්දය ප‍්‍රකාශ කළහ.
එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය, ශ‍්‍රී ලංකා
මුස්ලිම් කොංග‍්‍රසය, අයවැයට විරුද්ධව ඡන්දය ලබාදුන්හ. අයවැයට විරුද්ධව එ.ජා.ප.,
ජ.වි.පෙ., දෙ.ජා. සං. මන්තී‍්‍රවරුන් නැඟී සිටින විට ආණ්ඩු පක්ෂයේ සාමාජිකයෝ
පුනරින් ජයග‍්‍රහණය අගයමින් පති‍්‍රකා ඔසවාගෙන සිටියහ.
මහින්ද රත්නතිලක සහ ආචාර්ය මර්වින් සිල්වා යන ඇමැතිවරුන් දෙදෙනා ජාතික කොඩියක්
රැගෙන කතානායක ආසනය ආසන්නයට පැමිණියහ. ජාතික කොඩියට අගෞරව නොකරන ලෙස කතානායකවරයා
ඔවුන් දෙදෙනාට පැවසුවේය.
අය වැය ජයග‍්‍රහණය කිරීමෙන් පසු ආණ්ඩු පක්ෂය ප‍්‍රීති ඝෝෂා පළ කෙළේ ය.
|