ඉලක්කම් හරඹයක් නොව දැක්මක් සහිත අයවැයක්

2009 අයවැය යෝජනාවෙන් දේශීය ආර්ථිකයට පදනම වැටුණා

දරුණු සටනකින් පසු
අක්කරායන්කුලම් අල්ලයි

“නායකතුමනි! මම ඔබතුමා ළඟට තනිය ම එන්නෙ නැහැ”

කුඹුරෙන් මැතිසබයට ගිය සැබෑ ජනතා නියෝජිතයා

අමිශ‍්‍ර පොහොර භාවිතයේ වැදගත්කම

දුවේ පුතේ නුඹ නැතත් නුඹ වැනිම දරුවනට වෙමු මවුපියන්

අධි ශීතකරණයේදිත් නොනැසෙන විෂබීජ තියෙනවා

ඔබාමා සමග අමෙරිකාව සියල්ල අලුතින් පටන් ගනීවි ද?

චාලි චැප්ලින්ගේ මිනිබිරියත්
දැන්‘කෙරුම්කාරිය’ක්

මන්චි ලෙමන් පෆ්වල
මෙලමයින් නෑ

බැංකු පොතෙන් සල්ලි අරන්
බුල්ඩෝසර් දාලා පිට්ටනිය
කැපුවාඒ සල්ලි තවමත් ගෙව්වේ නෑ

ටිකිරි හමුව

මධු කුසලාන

නොදන්නාකමින් දුන් සාක්කිය
සදා දුකක් වූ හැටි

ඉලක්කම් හරඹයක් නොව දැක්මක් සහිත අයවැයක්

සැබෑ අයවැයක් ඉදිරිපත් විය.

මෙහිදී “සැබෑ” යන විශේෂණ පදය යෙදුවේ මේ අය-වැයට දීර්ඝකාලීන දර්ශනයක් ඇති හෙයිනි.

අය-වැයක් යනු මිල අඩුවෙන වැඩිවෙන බඩු ලැයිස්තුවක් නොවේ.

එදාට එදාට බඩ කට පුරවන බඩජාරීන්ගේ බඩු ලැයිස්තුවක් ද නොවේ.

දේශය නංවාලන, රටේ ජනතාව, එසේ ගොඩනැංවුණු දේශයක අභිමානවත් මිනිසුන් බවට පත්කරන, දැක්මක් සහිත පුළුල් ලියවිල්ලකි. එය කිසිසේත් ම ඉලක්කම් හරඹයක් නොවේ. ආකල්ප සහ ප‍්‍රතිපත්ති සමුදායක පෙළගැස්වීමකි.

ජනාධිපතිතුමා, මුදල් ඇමැතිවරයා වශයෙන් මෙවර ඉදිරිපත් කළ අය-වැය ද එවැනි පුළුල් දැක්මක් සහිත අය-වැයකි.

සමස්ත අය-වැය ම පෙළගස්වා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ අභිමානය මෙන්ම ආර්ථික සුරක්ෂිතතාව රැකෙන අයුරිනි.

පිටරටට අපේ සල්ලි ඇදී යන සලාද අය-වැයක් නොව අපේ සල්ලි අපේ රටේම රැඳෙන අය-වැයකි.

මෙය සමස්ත අයවැය ලේඛනයේ තේමාවයි.

පිටරට දේවල් පරිහරණය සහ පරිභෝජනය අඩාල කරමින් මෙර ට දේ පරිහරණය ට සහ පරිභෝජනයට උනන්දු කරවන දේශපෙ‍්‍ර්මී අය-වැයකි.

”කන්ට අඳින්ටා පිටරටින් එනතුරු... මුහුදට දත නියවන්නා” වූ යුගය හැකි ඉක්මණින් අවසාන කළ යුතු බවට ඉඟිකරන අය-වැය ලේඛනයකි.

තිරිඟු පිටි පරිභෝජනය තව දුරටත් අඩුකිරීම සඳහා ද මෙරට නිපදවන වී ඇතුළු ධාන්‍ය වර්ග වැඩි වැඩියෙන් පරිභෝජනය කිරීම සඳහා ද පොළඹවන අය- වැය ලේඛනයකි. මෙතෙක් අපෙන් පොහොසත් වුණේ අපේ වී ගොවියා නොවේ. පිටරට තිරිඟු ගොවියාය. පරංගියා අපට පාන් කවන්නට පටන් ගත්දා සිට මුළු දේශයක් ම දියවැඩියාව සෑදී ඇඟපත දිරාපත්වන තුරු ම අපි පාන්පිටි ගිල්ලෙමු. තුන් වේලටම බත් කා නිරෝගී බව මෙන් ම ජවසම්පන්න දේහයන්ගෙන් යුත් ජාතියක් ලෙසින් සිටි ශ‍්‍රී ලාංකිකයා පිටරට පිටි කා කායික වශයෙන් රෝගී වීම මෙන් ම පිටරට දේ අගයන මානසික රෝගයෙන් ද ගලවා ගත යුතු කාලය පැමිණ තිබේ.

අපේ ගොවියා අපේ කර්මාන්තකරුවා, අපේ ධීවරයා ඉහළටම ඔසොවා තැබිය යුතු කාලය පැමිණ තිබේ. එය හුදු ආර්ථික කි‍්‍රයාදාමයක් පමණක් නොවේ. ආත්ම ගෞරවය, ආත්මාභිමානය පමණක් නොව රටට ඇති ආදරය වඩවන කි‍්‍රයාදාමයක්ද වන්නේය.

අපේ කමිසයට, අපේ පිඟානට, අපේ විසිතුරු භාණ්ඩයට අපේ අඹ ගෙඩියට යළිත් තැනක් ලැබිය යුතුය.

රැල්ලට එරෙහිව පිහිනීම අපහසු බව ඇත්තකි. එහෙත් ශක්තිවන්තයෝ රැල්ලට එරෙහිව පිහිනති. රැල්ල කඩාවැටෙන විට ගැලවෙන්නේ රැල්ලට එරෙහිව පිහිනා ගිය අය පමණි.

ලෝක ආහාර අර්බුදය හමුවේ අපි ගැලවුණේ අපටම කියා වගා ප‍්‍රතිපත්තියක් තිබූ හෙයිනි. ඇමෙරිකාව ඇතුලු ලෝක ආර්ථික බලවතුන් රෝගීව ඇදවැටෙද්දී අප කෙළින් සිටියේ අපට ම කියා ආර්ථික ප‍්‍රතිපත්තියක් තිබූ හෙයිනි.

ඒ නිසා ම මේ අය-වැය ඒ සුරක්ෂිතතාව තවදුරටත් පුළුල් කරන්නක් ලෙසින් හඳුන්වාදීම වටී.

මේ සියල්ල අර්ථවත් වන්නේ අපේ දේශය ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් මුදවාගැනීමට හැකිවුවහොත් පමණි. මෙවර අය-වැය ඒ කාර්යය සඳහා අවශ්‍ය ශක්තිය ඒකරාශී කරන්නක් ලෙසින් ද හඳුන්වාදීම වටී. දිවි දෙවැනිකොට ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් වැද සිටින රණවිරුවාට ලැබිය යුතු ගෞරවාන්විත සැලකිල්ල ලබාදුන් අය-වැයකි.

අය-වැය ලේඛනය දෙස දේශපාලන බලලෝභයෙන් ඔද්දල්ව කුහක සිතින් නොබලන්නැයි අපි ඉල්ලා සිටිමු.

මේ අය-වැය දේශය ගොඩනැංවීමේ කාර්ය සාධනයේ එක් පියවරක් ලෙසින් සලකන්නැයි ඉල්ලා සිටිමු. ඇතැම් බලලෝභී දේශපාලකයන්ට ඒ ප‍්‍රඥාව නැතත් පොදු ජනතාව ඔවුන්ට වඩා ප‍්‍රඥාසම්පන්න බවත් අපි දනිමු.