අවමංගල දැන්වීම්

චන්ද්‍රා වික‍්‍රමසිංහ විදානපතිරණ මැතිණිය - (නියෝජ්‍ය විදුහල්පතිණිය - ශ‍්‍රී සද්ධර්මෝදය විදුහල, කිරුලපන), සී. විදානපතිරණ (නිර්මාණ ඉංජිනේරු) ගේ දයාබර බිරිඳ වූ ඉරංගි - සිංගප්පූරුව, ශෝසල ඩයලොග්, පුබුදු - එංගලන්තය, යන අයගේ දයාබර මෑණියන් වූද, අග්බෝ නාවලගේ - සිංගප්පූරුව හා උපේඛා එච්එස්බීසී බැංකුව යන අයගේ ආදරණීය නැන්දණිය වූද, චන්ද්‍රා වික‍්‍රමසිංහ මැතිණිය අභාවප‍්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු 24 වැනි ඉරිදා සවස 4.00 ට කිරුළපන සුසාන භූමියේදී සිදුකරන බව කණගාටුවෙන් දැනුම් දෙමු.
අංක 132, හයිලෙවල් පාර, කිරුළපන.

විශ‍්‍රාමලත් පාඨශාලාචාරිනී කුසුමාවතී අලගියවැන්න කුමාරසිංහ මහත්මිය - ගම්පහ - මුදුන්ගොඩ විසූ නැසීගිය කුමාරසිංහ වෛද්‍යාචාය¸තුමාගේ ආදරණීය භාර්යාව වූද, ලංකා බැංකුවේ විශ‍්‍රාමික පොල්ගහවෙල විමලසිරි කුමාරසිංහ, පාඨශාලාචාය¸ චන්ද්‍රසිරි කුමාරසිංහ, දුම්රිය දෙපාර්තමේන්තුවේ විශ‍්‍රාමික එල්ලක්කල වලලියැද්දේ ජයසිරි කුමාරසිංහ හා දිවුලපිටියේ පද්මා අභයවර්ධන යන අයගේ ආදරණීය මෑණියන් වූද, විශ‍්‍රාමලත් පාඨශාලාචාරිණී කුසුමාවතී අලගියවැන්න කුමාරසිංහ මහත්මිය අභාවප‍්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු මෙම 24 වෙනි ඉරුදින සවස ගම්පහ කසගහවත්ත ආදාහනාගාරයේදී සිදු කෙරෙන බැව් සංවේගයෙන් යුතුව දැනුම් දෙමු. දු.ක. අංක 033-2230049.
නො: 272/2, ඔරුතොට පාර, මුදුන්ගොඩ.

විශ‍්‍රාමික ගුරු ශාන්ත ජෝෂප් විදුහල, කොළඹ 10, මිල්රෝයි වික‍්‍රමසිංහගේ (විශ‍්‍රාමික මහජන බැංකුව) ආදරණීය බිරිඳ වූද, කුසල් මලින්ද වික‍්‍රමසිංහගේ (හැටන් නැෂනල් රක්ෂණ) මෑණියන් වූද, ඉනිඩ් ඇන්ඩෲ සහ රෝයි යන අයගේ සොහොයුරිය වූද, කොළඹ අගරදගුරු නිවසේ අධ්‍යාපන කාර්යාලයේ සේවය කළ චිත‍්‍රා වික‍්‍රමසිංහ මහත්මිය ස්වර්ගස්ථ වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2008-02-24 වන ඉරුදින පස්වරු 3.30 ට කඳාන නාගොඩ ස්නාවක ජුවාන් මුනිඳුන්ගේ දේවස්ථාන සුසාන භූමියේදී සිදුකරන බැව් සංවේගයෙන් දැනුම් දෙමු.
38සී, කි‍්‍රස්තුරාජ මාවත, මහබාගේ, රාගම.