“නොදැකීම” දුබල කමකි “නොබැලීම” කුහක කමකි

රම්බොඩ උමඟ ජනපති අතින් ඇරේ

හඳුනාගත් කොටි ඉලක්කවලට දිගින් දිගටම ගුවන් ප‍්‍රහාර

“මල්ලෝ අන්න ඔයාගෙ යාළුවා කතා කරනවා” චන්ද්‍රිකා - අනුරට කියයි

නිදහසේ හඬ පුවත්පත යැයි විශ්වාස කළ ඩී. ආර්. විජයවර්ධන

වන්නකුලාට අගටන්නලාට ඉන්න හිටින්න තැනක්

අලුත් රිකිලි ලබා ගැනීමට වැල කප්පාදු කළ යුතුයි

සිතාරයට ජීවය දෙන ප‍්‍රදීප්

දියවෙන - ඝන වෙන සිමෙන්ති

අපේ අරමුණ අභියෝග ජය ගැනීමයි

අඩුපාඩු පෙන්වීම- විවේචනය-විරෝධය පෑම ලේසියි එය ලෝකයේ පහසුම රැකියාවයි

ටිකිරි හමුව

මධු කුසලාන

පාකිස්ථානයට සන්ධාන රජයක්?

“නොදැකීම” දුබල කමකි “නොබැලීම” කුහක කමකි

නොබැලීම” සහ “නොදැකීම” එකිනෙකට බොහෝ වෙනස් අරුත් නිරූපණය සඳහා ඇති වචන දෙකකි.

“නොබැලීම” සවිඥානක ය. එනම් සිතා මතා කරනු ලබන්නකි. “නොදැකීම” අවිඥානක ය. එය සිතා මතා කරනු ලබන්නක් නො වේ.

ප‍්‍රතිවාදියකු ගේ ජයග‍්‍රහණය දෙස ‘නො බලා සිටීම’ කුහක කමකි. කි‍්‍රකට් තරගයක දී ප‍්‍රතිවාදි කණ්ඩායමේ ජයග‍්‍රහණය ඉවසා සිටිය නො හැකි තැන රූපවාහිනී යන්ත‍්‍රය වසා දැමීම එක්තරා අන්දමක කුහකකමකි.

කී‍්‍රඩා පිටිය ඇත්තේ මේ කුහකකම් නැතිකරගන්නට ය. අඩු ම තරමින් අඩුකරගන්නට ය. සිත් වේදනාවක් ඇති වුව ද කී‍්‍රඩා තරගයක දී නම් අවසන් වනතුරු ම අපි බලා සිටින්නෙමු. ප‍්‍රතිවාදී කී‍්‍රඩකයන් එකෙකා අතට අත දී සමුගන්නා අයුරු දකින විට අප සිත් තුළ ඇති කුහක සිතුවිලි කමෙන් වියැකී ගොස් කී‍්‍රඩාශීලි සිතුවිලි ඉස්මත්තට එයි. පාපන්දු තරගයක දී නම් ඔවුහු ඇඳ සිටින “ජර්සි” හුවමාරු කරගනිති. ඒවා අනෙකා ගේ දහඩියෙන් තෙත් ව ඇතත් එය කී‍්‍රඩකයන්ට ප‍්‍රශ්නයක් නො වේ. කී‍්‍රඩා පිටිය තුළ දී ප‍්‍රතිවාදියා පරාජය කිරීම සඳහා සියලු වෙට්ටු දමන කී‍්‍රඩකයෝ අවසානයේ දී සමුගන්නා විලාසය අප කා තුළත් පහන් සංවේගයක් ඇති කරවයි.

ඒ කී‍්‍රඩා පිටියේ දී ය. එහෙත් දේශපාලන පිටියේ දී එවැන්නක් දකින්නට නැත. විරුද්ධවාදියෝ අනෙකා ගේ ජයග‍්‍රහණ දෙස හොරැහින් වත් නො බලති. ඉවසා සිටින්නට නො හැකි හෙයිනි. ඒකට කියන්නේ කුහකකම කියා ය. එය එසේ මෙසේ කුහක කමක් නො ව ඉහවහා ගිය කුහකකමකි.

වර්තමානයේ ශී‍්‍ර ලංකාවේ දේශපාලන පිටිය එයට හොඳ ම නිදසුන් සපයයි. සමහරවිට මේ නිදසුන් ලෝක දේශපාලන ඉතිහාසයේ “දේශපාලන කුහකකම” පිළිබඳ ව ඉදිරිපත්කළ හැකි හොඳ ම නිදසුන් විය හැකි ය.

ශී‍්‍ර ලංකාව රටක් වශයෙන් මේ වන විට ප‍්‍රධාන ප‍්‍රශ්න දෙකකට මැදිහත් ව සිටී. බැලු බැල්මට එකිනෙකට පරස්පර, වෙනස්, ප‍්‍රශ්න දෙකක් ලෙස පෙනී ගිය ද මේ ප‍්‍රශ්න දෙක අත්‍යන්තයෙන් ම එකිනෙකට බද්ධ වී ඇත්තේ ය.

පළමුවැනි ප‍්‍රශ්නය ස්ථාවර සාමයක් පිළිබඳ ප‍්‍රශ්නය යි. දෙවැන්න ආර්ථික පීඩනය පිළිබඳ ප‍්‍රශ්නය යි.

ස්ථිර සාර සාමයක් නොමැති තැනෙක ස්ථාවර ආර්ථික වර්ධනයක් තිබිය නො හැකි ය. එය සරල සත්‍යයකි. එහෙත් පළමු ව සාමය ඇතිකොට දෙවනු ව ආර්ථික සංවර්ධනය කිරීම ඉතිහාසයේ සැබෑ තත්ත්වයට පිටුපා යෑමකි. එය එසේ සිදු නො වෙයි. සාමය ස්ථාපිත කිරීම මෙන් ම ආර්ථික සංවර්ධනය ද එක්වර ම එකිනෙකට සමගාමී ව සිදුවිය යුත්තකි.

මේ රජය සාමය ස්ථාපිත කිරීම සඳහා ත‍්‍රස්තවාදය මර්දනය කරමින් සිටී. ඒ අතර ම ගෙවත්ත වගා කිරීම වැනි සුළු පරිමාණ වැඩසටහන්වල සිට මොරගහකන්ද ව්‍යාපාරය, හම්බන්තොට වරාය ඉදිකිරීම, තාප විදුලි බලාගාර ආදී මහා දැවැන්ත සංවර්ධන ව්‍යාපාර ආරම්භ කොට ඇත. “මඟ නැඟුම” යටතේ ගමේ පාරට තාර ටිකක් දැමීමේ සුළු ව්‍යාපෘති මෙන් ම දැවැන්ත පාලම් සහ ගුවන් පාලම් ඉදිකිරීම ද සිදුවෙමින් පවතී.

එහෙත් විරුද්ධ පක්ෂයට මේ කිසිවක් පෙනෙන්නේ නැත. “පෙනෙන්නේ නැත” නො ව ඒවා දෙස “බලන්නේ නැත”

“නොපෙනීම” දුර්වල කමක් වුව ද “නොබැලීම” කුහකකමක් බැව් ඉහත සඳහන් කෙළෙමු.

විරුද්ධ පක්ෂය අද පෙළෙන්නේ “නොපෙනෙන” අන්ධ භාවයෙන් නො ව “නොබලන” කුහක රෝගයෙනි.

මෙතෙක් කල් පාන් ගෙඩියක් අල්ලාගෙන මොර ගෑ විරුද්ධ පක්ෂය දැන් ඒ පාන් ගෙඩියත් සමඟ ම අතුගෑවී යමින් සිටී. හාල් මිල ටිකක් අඩුවුවහොත් “පාන් ගෙඩිය” සදාකාලික ව වීසි කරන්නට ජනතාව සූදානම් ය. පාන් ගෙඩිය හරහා පිරෙන්නේ ඇමෙරිකාවේ හෝ වෙනත් රටක සිටින ගොවියා ගේ “මල්ල” බවත්, එහෙත් ටිකක් වැඩි මිලට හෝ හාල් ටිකක් ගෙන බතක් පිසුවොත් පිරෙන්නේ ශී‍්‍ර ලාංකේය ගොවියා ගේ ජීවිතය බවත් ජනතාව දනී. කුහක දේශපාලකයන් අතළොස්සකට කෙසේ වෙතත් අතිමහත් පොදු ජනතාවට දැන් මේ කරුණු කාරණා පැහැදිලි වී අවසාන ය. ඒ නිසා “පාන් ගෙඩිය” උස්සා පොදු ජනතාව තවදුරටත් රවටන්නට කොළඹ හතේ් ටයිකෝට් මහත්තුරුන්ට සහ ලිප්ස්ටික් නෝනලාට නො හැකි ව ඇත.

කොටි ත‍්‍රස්තවාදීන් ගේ රජදහනක් ව තිබූ තොප්පිගල මුදාගැනීමේ සංග‍්‍රාමයත් දේශීය ආහාර නිෂ්පාදනය කිරීමේ ගෙවතු වගා සංග‍්‍රාමයත් දෙකක් නො ව එක ම සංග‍්‍රාමයක දෙපැත්තකි.

එසේ ම “තොප්පිගල කැලෑවක් විතරයි” යනුවෙන් කියා රණවිරුවන් ගේ ජයග‍්‍රහණය අවතක්සේරු කිරීමත් “කන්ඩ නෑ බොන්ඩ නෑ” යනුවෙන් පෝස්ටර් ගසා කේක් කා සුඛෝපභෝගී වාහනවලට නැඟී කොළඹ හතේ මන්දිරවලට යාමත් එක ම කුහකකමක දෙපැත්තකි.

සැබෑ දේශපාලනය සහ කුහක දේශපාලනය හඳුනාගැනීම එතරම් අපහසු නැත. සැබෑ දේශපාලනයට වැඩ සැලැස්මක් ඇත. ප‍්‍රායෝගික කි‍්‍රයාදාමයන් ඇත.

කුහක දේශපාලනයට ආතක්පාතක් නැත. ඊයේ ජනරළ ය. ඊට පෙර දා පොළේ ගියේ ය. අද පෝස්ටර් ය. හෙට තවත් එකකි.

සැබෑ දේශපාලනය වැලඳ ගැනීමටත් කුහක දේශපාලනය තල්ලු කිරීමටත් ජනතාව සූදානමින් සිටිති.

ඒ බැව් හොඳින් ම දන්නා “කුහක දේශපාලනය” නැඟෙනහිර ඡන්දයෙන් සැඟවී සිටී.